බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තය ඉදිකිරීමේ කටයුතු ජපානයට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
මෙහි වියදම රුපියල් බිලියන 108ක් වන ඇති බවට ඇස්තමේන්තුගත කොට තිබේ.
අදාළ ණය අරමුදල් ජපාන ජයිකා ආයතනය විසින් සපයන අතර මෙහි ඉංජිනේරුමය කටයුතු සදහා ජපානයෙන් 200ක පිරිසක් පැමිණීමට නියමිතය.
කෙසේවෙතත් පසුගිය සති අන්තය වනවිට ජපාන ණයආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වෙමින් පැවැති කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු සහ මාලඹේ – කොටුව කණු උඩ දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපානයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමග දෙරට අතර කිසියම් රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් මතුවූ ආකාරයක් දැකගන්නට තිබිණ.










