පසුගිය රජය සමයේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කර වරප්‍රසාද ලබා දුන්නද ඉකුත් රජය කටයුතු කළ ආකාරය පිළිබද කලකිරී 70%ක් පමණ රාජ්‍ය සේවකයන් වත්මන් ආණ්ඩුව වෙත ජන්දය ලබා දුන් බව කොළම දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ වුවද තම පක්ෂය රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් කිසිදු තරහක් නොමැති බවකි.
එසේවුවත් වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප 30%කින් පමණ කපා දැමීමට සැලසුම් කර ඇති බවත්, දැනටමත් රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා කපා හැර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මේ වරප්‍රසාද තහවුරු කරන බවද කියා සිටියේය.










