• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහන සහ වා හෙන මිල! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වාහනයක් විකිණුවොත් මේක නොකර ඉන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙළින්ම කතාව මෙහෙම පටන් ගන්නවා. මේ සිංහල අපගේ රටයි, අපි ඉපදෙන මැරෙන රටයි. මේක පට්ට රටක්. ලංකාවෙ වගේ තියෙන දේවල් ලෝකේ හුඟක් රටවල නෑ. අපි දන්නවා ගොඩක් අය ලංකාවේ තියෙන මේ පහසුකම්වලට, වටිනාකම්වලට මාර ඉරිසියාවකින් ඉන්නේ.Sri Lanka Latest News

තැන් තැන්වල අපි දැක්කා ලංකාවේ වාහන මිල ගැන එක එක කයිකතන්දර එක එකා කියනවා. කිසි කෙනකුට ලංකාවේ වාහන මිල ගණන් ගැන එහෙම කයිකතන්දර කියන්න පුළුවන් කමක් නෑ. මොකද ඒකට හේතුව ලංකාවේ වාහන මිල තියෙන්නේ බොහොම සාර්ථක තැනක. මේ වාහන මිල මෙච්චර සාර්ථක තැනක තියාගන්න විවිධ දේශපාලකයෝ විවිධ මට්ටමෙන් උදව් කරලා තියෙනවා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඒ නෝනාවරු මහත්වරුන්ට ස්තුති කතාවක් පවත්වන්න. ඒකට හේතුව අද වෙද්දි මුළු රටම පුංචි කාර් අරගෙන, ලොකු කාර් අරගෙන දැන් සැපට ඉන්නවා.

ලෝක බැංකු වාර්තාවලට අනුවත් අපිට පුළුවන් වෙලා තියෙනවා අතිවිශිෂ්ට වාර්තාවක් තියන්න. වාහනවලින් වාර්තාවක් තියන්න අපේ රට පත්වුණා කියලා කියන්නේ ඒකට විවිධ ආකාරයෙන් උදව් උපකාර කරපු සියලු දෙනාවම මේ මොහොතේ මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. හැමෝටම අපේ ආදරය මේ මොහොතේ පුද කරනවා.
එක්කෙනෙක්, දෙන්නෙක් නෙමෙයි, ගොඩ දෙනෙක් මේ වැඩේට අපිට උදව් කරලා තියෙනවා. වාහන මිල ගණන් අනුව ගත්තාම අපි දෙවැනි වෙලා තියෙන්නේ සිංගප්පූරුවටයි, මැලේසියාවටයි විතරයි. ඉතින් හිතන්නකෝ, ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන බලාපොරොත්තුවනේ මේ යන්නේ.

ලෝකයේ වාහන තියෙන ඉහළම කම්පැනි ලංකාවේ තියෙනවා. ඒ අතර එකක් තමයි කුලියාපිටියේ තියෙන වොක්ස්වැගන් කම්පැනිය. මේ වොක්ස්වැගන් කම්පැනිය ලංකාවේ හදන්න මූලිකත්වය ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් එතුමාගේ මූලිකත්වයෙන්, ඒ ආණ්ඩුවෙන් හදපු වොක්ස්වැගන් කම්පැනිය නිසා ලංකාවේ වාහන මිල උඩු යටිකුරු වෙලා, අඩුවෙලා, නන්නත්තාර වෙලා, හැමෝටම වොක්ස්වැගන් එකක් පදින්න පුළුවන් ගානට රට පත්වුණා.

අද රටේ මිනිස්සු ලක්ෂ ගණන් දීලා ඇල්ටෝ ගන්නේ විනෝදෙට සහ අපේ අසල්වැසි රට වෙච්ච ඉන්දියාව අපිට කරපු සේවයට ගෞරවයක් විදිහට. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා, විජය කුමාරයා ඇවිල්ලා, භාෂාව, සාහිත්‍ය, ගොඩක් දේවල් වලට අපිට ඉන්දියාව උදව් වෙච්ච නිසා අපේ මිනිස්සුන්ට කළගුණ මතක හින්දා අපි ඉන්දියාව අමතක කරන්නේ නෑ. එහෙම නැත්නම් අපිට වොක්ස්වැගන් ගන්න බැරිකමකට ඇල්ටෝ පදිනවා නෙමෙයි.

ඊළඟට මේ ආණ්ඩුවත් අපිට වාහන මිල අඩු කරලා, වාහන ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. ඒකට මේ ආණ්ඩුවේ සියලු නායකකාරකාදීන්ටත්, එයින් පහළ නිලතල දරන සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලොන්ගේ මූලිකත්වයෙන් විට්ස් එකක් ලක්ෂ 12ට ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. ඉතින් අපි දන්නවා මේගොල්ලෝ කිව්වොත් කිව්වා, කවදාවත් බොරුවක් වංචාවක් කරන අය නෙවෙයි. දැන් තවම ලක්ෂ 12ට නැතත්, නිකන් අනාගතයේ අපි දන්නවා විට්ස් එක ලක්ෂ 12ට අනිවාර්යයෙන් ලැබෙනවා. ඒ නිසා දැන් අපිට තියෙන්නේ පොඩි ගේමක් ගහලා විට්ස් එකක් ගන්න.

ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් දේ තමයි ලංකාවේ ඇල්ටෝ එකක මිල මේ වෙනකොට ලක්ෂ 36ක් විතර වෙලා තියෙනවා. අපේ ආදරණීය මිත්‍රවරුන්ට තමන් ගාව තියෙන ඇල්ටෝ එක විකුණලා ඒ වෙනුවට විට්ස් කාර් තුනක් අරගෙන, දෙකක් සල්ලි හොයන්න පුළුවන් දේවල්වලට යොදවලා, එකක් ගෙදර වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් නිර්මාණය කළේ මේ රටේ දේශපාලකයෝ. ඉතින් අපි එතුමන්ලාට බොහොම ගෞරව සම්ප්‍රයුක්තව ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම අපි දැක්කා හැමෝටම පොඩි කාර් එකක් ගන්න පරිසරයක් නිර්මාණය කරනවා කියලා වෙළෙඳ දැන්වීම් රූපවාහිනියේ ගියා. ඒවාට මිනිස්සු හිනා වුණා. ඒත් දැන් අපිට තේරෙනවා ඒවට හිනාවෙලා හරියන්නේ නෑ. මොකද හැමෝටම දැන් මේ වෙද්දි පොඩිම හරි කාර් එකක් තියෙනවා. ඔය පොඩි කාර් එකක් කියන එකේදී කොච්චර පොඩිද කියලා කිව්වේ නෑනේ. ඉතින් පොඩි කියන්නේ පොඩි. ඔය සෙල්ලම් කාර් එකක්, කැබිනට් එකේ දාන්න පුළුවන් එකක්, අර චූටි කාර් විශේෂයක් තියෙනවා තැන් තැන්වලින් ගේන්න පුළුවන්, පොඩි පොඩි කඩවල්වලින්. ඒවද දන්නෙත් නෑ. මේ ඉල්ලන්නේ.

කොහොම වුණත් ඉතින් අපි දන්නවා ලංකාවේ දැන් හැමෝටම පොඩි කාර් එකක් ගන්න පුළුවන් මට්ටමක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය සියලු දේවල්වලට මැදිහත් වුණේ අපේ රටේ දේශපාලකයෝ. ඒගොල්ලන්ගේ ඡන්දේ ගන්න, ඒගොල්ලොන්ට, ඒගොල්ලන්ගෙ ගොඩ වැඩිකරගන්න එහෙම කරපු දෙයක් නෙමේ. කොහොමටත් අපි දන්නවනෙ මේ රටේ උන්දැලා පොරකකා මහන්සි වෙන්නෙ මේ රට හදන්නනෙ. බලන්නකො මෙයාලා මේ අතේ තියෙන පිච්චිය පවා වියදම් කරගෙන වැඩකරන්නෙ කා වෙනුදෙන්ද කියලා. එයාලා දුක සේ පරණ ලඩි වාහනවල යන ගමන් කොහොම හරි අපිව සැප වාහනවල යවන්න උත්සහ කරනවා. ඒකට නං මහින්දලා , රනිල්ලා ඇතුළුව හැම දේශපාලකයෙක්ටම ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න.

මේක ලියන්නෙත් මේ ලක්ෂ දොළහකට කාර් එකක් අරගෙන ඉතුරු සල්ලිවල ගෙදර බබාට බුල්ටො අරං දෙන්න යන ගමන්….

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සඳුදා උතුරු සහ නැගෙනහිර දෙමළ සන්ධානය කරන්න යන හර්තාලයට මුස්ලිම් කොංග්‍රසයත් එකතු වෙයි! I Sri Lanka Latest News

Next Post

දේශබන්දු ගෙදර යවන සටන පටන්ගත්තේ කවුද? මාලිමාවට උදව් කරපු මාධ්‍යවේදියා කියන කතාව!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.