රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. Sri Lanka Latest News
ඒ, ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙනි.
පසුගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු සමයේදී මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන ගොනු වසාදමා තිබුණ ද මේ වනවිට එම විමර්ශන නැවතත් ආරම්භ කර ඇති බව සඳහන්.
2007 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම විමර්ශනය සිදුකෙරේ.
උදයංග වීරතුංග, රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු ද වේ.










