මුලතිව් ඔඩ්ඩුසාන් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී හමුවූ පුද්ගල මළ සිරුර සිද්ධිය හේතු කොට ගෙන උතුර නැගෙනහිර පළාත් වල එළඹෙන සිකුරාදා (15) හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව ඉලංගෛ තමිල් අරසුකච්චි පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.Sri Lanka Latest News
මුත්තියාන්කට්ටු ශිවනගර්හි පිහිටි හමුදා කඳවුරක දී පුද්ගලයන් 05 දෙනෙකුට පහර දී ඇති බවත් එම පහර දීමෙන් පසු කබිල්රාජ් නැමැති පුද්ගලයා අතුරුදහන් වී ඇති බවත් සඳහන් වෙයි.
පසුව ඔහුගේ සිරුර මුත්තියාන්කට්ටු වැවෙහි තිබී හමු වී ඇති අතර මේ සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මෙලෙස හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බව සඳහන් වෙයි










