පසුගිය 06 වැනිදා මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හමුදා සෙබළෙකුට එල්ල වූ වෙඩිල්ලට පලිගැනීම සඳහා බෙල්ලන්විල මාලනීබුලත් සිංහල මාවතේ නිවෙසකට මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඇති බව පොලිසිය පවසනවා.Sri Lanka Latest News
එහිදී ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා ඊට මිනිත්තු කිහිපයකට පෙර නිවසින් පිටව ගොස් තිබුණා.
පසුගිය 06 වැනිදා සිදු වූ වෙඩිතැබීමෙන් තුවල ලැබූ හමුදා සෙබළා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ වෙඩිතැබීමක් බවටයි පොලිසිය සැක කරන්නේ.










