මෙරට සංචාරයක නිරත වී සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (07) කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති නිවසේ දී සිදුවිය. ඒ මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිවරයාගේ ආරාධනයක් මත එහි පැවැති උත්සවයක් සදහා එක්වූ අවස්ථාවේ දීය.Sri Lanka Latest News
එහි දී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධාණය යොමු කරමින් සුහද කතා බහක නිරත වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ නිෂ්පාදන සදහා ඔස්ට්‍රේලියාව තුළ වැඩි අවස්ථා ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.




















