අධිරාජ්‍යවාදී ඖෂධ මාෆියාවට එරෙහිව විශාල සටනක් දියත් කළ නිසාම තම දිවිය අබිරහස් ලෙස පුදන්නටද සිදුවූ සේනක බිබිලේ නම් මේ මහා මානවහිතවාදියා වර්ෂ 1920 පෙබරවාරි 13 වැනි දින එවක බිබිලේ රටේ මහතා වූ චාල්ස් විලියම් බිබිලේ හා සිල්වියා ජයවර්ධන යන යුවලට දාව වෙල්ලස්සේ බිබිලවත්ත වලව්වේදී මෙලොව එළිය දුටුවේය.
කුඩා කල සිටම තම පවුලෙන් හා පියාගෙන් ලද අධිරාජ්‍ය විරෝධීත්වය, දේශප්‍රේමීත්වය හා පන්සලෙන් ලද ආභාෂය නිසාම මෙතුමාගේ නිදහස් චින්තනය, අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමීත්වය වැඩෙන්නට ඇත. මෙතුමා තම ඉගෙනීමේ කටයුතු නිවැරදිව සිදුකරමින් කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍යවරයෙක් බවට පත්ව පසුව කථිකාචාර්යවරයෙක් හා මහාචාර්යවරයෙක් බවට පත්විය.Sri Lanka Latest News
එකල අධිරාජ්‍යයන්ගේ සහ බහුජාතික සමාගම්වල ඖෂධ මාෆියාව ගැන නිතර දැනුවත් කරමින් බහුජාතික සමාගම් විසින් දිළිඳු රටවල් සූරාකෑමට එරෙහිව කටයුතු කළ මෙතුමා ඖෂධ ප්‍රතිපත්තියක්ද හඳුන්වා දෙමින් බහුජාතික ඖෂධ මාෆියාවට එරෙහිව දිළිඳු ජනයා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියේය. මෙතුමා මෙම අධිරාජ්‍යවාදී ඖෂධ මාෆියාවට එකල මහත් හිසරදයක් විය. පසුව ලෝකයටද මෙම ඖෂධ ප්‍රතිපත්තිය දායාද කරමින් තුන්වැනි ලෝකයේ රටවලද ඖෂධ ප්‍රතිපත්ති සැකසීමට දායක විය. අවසානයේ කැරිබියන් දූපත්වල සේවයේ යෙදී සිටියදී හදිසියේ රෝගාතුර වී සිටියදී වර්ෂ 1977දී මෙරට ඇතුළු ලෝකයේ දිළිඳු ජනයාගේ බලාපොරොත්තුව නොසිතූ අයුරින් අබිරහස් ලෙස නික්ම ගියේය.
සේනක බිබිලේ මහතා උපන් බිබිලවත්ත වලව්ව අද වන විට සංරක්ෂණය නොවීම හේතුවෙන් ගරාවැටෙන තත්ත්වයට පත්වී ඇත. දැනට එහි පදිංචි ඇත්තන් පවසනුයේ මෙය පුරාවිද්‍යාවට ගැසට් කර ඇති බැවින් සංරක්ෂණය කිරීමට ඔවුන්ටද නොහැකි බවයි. නිසි ලෙස මෙය සංරක්ෂණය කොට අනාගත පරපුරටද දැකබලා ගැනීමට සැලැස්වීම සිදුකළ යුතු කටයුත්තකි.
අවසාන වශයෙන් කීමට ඇත්තේ අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයා මේ වනවිට අප රට අතහැර ගොස් ඇතත් ඔවුන්ගේ චින්තනය හා දැක්ම විවිධ වෙසින් පැමිණෙමින් ඔවුන්ගේ අපේක්ෂා ඉටුකර ගනිමින් සිටින බවයි.
මහඅරඹේ දිල්රු ජයසංඛ










