• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතුරුදන් වෙලා තිබුණු චිචීගේ රොකට් එක හරිනි හෙයාගනී! චිචී දැන් නිදහස්! Sri Lanka Latest News

August 10, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
අතුරුදන් වෙලා තිබුණු චිචීගේ රොකට් එක හරිනි හෙයාගනී! චිචී දැන් නිදහස්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. Sri Lanka Latest News

ඇය එම තොරතුරු ඉදිරිපත් කළේ, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනයක් කර නැහැ’
ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළාය.

‘2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ, 2012.05.23 දින. 2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස්හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා. සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයැදුම්පතෙහි තොරතුරු අනුව ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැත.’

ව්‍යාපෘතියේ අරමුණ
මෙහිදී අදාළ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.
‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වැනි වගන්තිය යටතේ දේශීය වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි, ඒක ආයෝජනය කරල තියෙන්නෙ. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින Supreme SHST පෞද්ගලික සමාගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත.’

එහිදී අග්‍රාමාත්‍යවරිය පැවැසූ පරිදි Supreme Global Holdings (PVT) Limited ආයතනයට කොටස් 80%ක සහ Supreme SL Investments (PVT) Limited ආයතනයට කොටස් 20%ක අයිතිය පැවතිණි.

2015 සිට 2023 දක්වා ලැබූ ආදායම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බවය.
ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති ආදායම් මෙසේය.

2015/2016 – රු. මිලියන 19,617
2016/2017 – රු. මිලියන 28,133
2017/2018 – රු. මිලියන 29,106
2018/2019 – රු. මිලියන 34,169
2019/2020 – රු. මිලියන 42,960
2020/2021 – රු. මිලියන 62,545
2021/2022 – රු. මිලියන 87,789
2023 පළමු මාස 6 – රු. මිලියන 39,590

ඒ අනුව, 2023 වසරේ පළමු මාස 6 දක්වා එම ව්‍යාපෘතියෙන් ලැබුණු සමස්ත ආදායම රුපියල් මිලියන 343,909කි.
දත්ත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, තමන්ට ‘ලැබිලා තියෙන වාර්තා අනුව මේ පිළිතුර සකස් කළ’ බවය.

‘චිචීගෙ රොකට් එක’
අග්‍රාමාත්‍යවරිය පිළිතුරු දීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතූ මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළේ, ඩොලර් මිලියන 300ක් වැය කළ මෙම චන්ද්‍රිකාව මේ වනවිට අතුරුදන්ව ඇති බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් විපක්ෂයේ සිටියදී චෝදනා කළ බවය.

‘ඕක ලංකාවෙ වැඩියෙන්ම දන්නෙ චිචීගෙ රොකට් එක කිව්වාම. මෙතන කිව්වා ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරල අතුරුදන් වෙලා කියල තමයි කිව්වේ. මම මේ ප්‍රශ්නය අහපු දවසෙ බිමල් රත්නායක මහත්තය කිව්වා, අතුරුදන් වෙලා කියලා. දැන් අග්‍රාමාත්‍යතුමියම කියනවා එහෙම දෙයක් වෙලා නෑ, ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නෑ, ඒ වගේම අනික් පැත්තෙන් වාර්ෂිකව රටට ආදායමක් ඇවිල්ල තියෙනව කියලා. ඍජු ආයෝජනයක් ඇවිල්ල තියෙන්නේ.’

‘ගිය සතියට උඩින් සතියෙ පාර්ලිමේන්තුවෙ සුනිල් හඳුන්නෙත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා පහර දුන්නා මේක ලංකාවේ රජයේ ජනාධිපතිතුමාගේ පුතාලට විනෝද වෙන්න කරපු දෙයක් කියල. හැබැයි අද අග්‍රාමාත්‍යතුමිය කියනවා, මේකෙන් විශාල ආයෝජනයක් ඇවිල්ල තියෙනවා, හැම අවුරුද්දකම ඍජු වාර්ෂික ආයෝජනයක් ලැබිල තියෙනව කියලා…’

අග්‍රාමාත්‍යවරියට අභියෝගයක්
මේ අතර, ඩී.වී. චානක මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරියට අභියෝගයක් ද ඉදිරිපත් කළේය. ඒ, වත්මන් රජය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති විශාලතම ඍජු ආයෝජනය කුමක්ද යන්න දැනුම් දෙන ලෙසය.

එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, එම ප්‍රශ්නය වෙනම ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ අධ්‍යයනය කර පිළිතුරක් ලබාදෙන බවය.

SupremeSAT-1 චන්ද්‍රිකාව
SupremeSAT ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2012 වසරේ නොවැම්බර් 27 වැනිදා කක්ෂගත කෙරුණු මෙම චන්ද්‍රිකාව වසර 15ක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම චන්ද්‍රිකාව මගින්, දකුණු සහ මධ්‍යම ආසියාව, මැදපෙරදිග, ඔස්ටේ්‍රලියාව යන කලාප ආවරණය කෙරේ.

බීබීසී සිංහල සේවය 2012 වසරේදී පළකළ ලිපියක්
සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2012 වසරේදී බීබීසී සිංහල සේවය පළකර තිබූ ලිපියක් පහත දැක්වේ.
‘ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව කක්ෂගත කළ බව සුප්‍රීම් සමාගම් සමූහය පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් බීබීසීයට කියා සිටියේ ‘ෂී චැන්ග්’ යානය යොදා ගනිමින් ‘සුප්‍රීම් සැට් – 1’ චන්ද්‍රිකාව චීනයේදී සුරක්ෂිතව කක්ෂගත කෙරුණු බවයි.
‘එයා අපේ ටෙක්නිකල් ටීම් එකේ ප්‍රධාන ඉංජිනේරු හැටියට වැඩකරනවා. එයා ඇත්ත වශයෙන්ම අපිට ඒ පැත්තෙන් නායකත්වයක් දුන්නා’ බවයි ඔහු බීබීසී සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පුතා තම සමාගමේ ප්‍රධානියෙක් වීම නිසා සිය සමාගමට විශේෂ වරප්‍රසාද හිමිවන බවට එල්ලවන චෝදනාවද ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රතික්ෂේප කළේය.

සුප්‍රීම් සැට් ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ලෙසින් සමාගම හඳුන්වන නමුත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අනූෂ පැල්පිට නිවේදනයක් කරමින් ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව එම ව්‍යාපෘතියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවලින් කිසිදු ණය මුදලක් ලබාගෙන නොමැති බවද සමාගම පවසයි.

‘අපේ සේවාව වෙන්නේ කෙළින්ම නිවසට සපයන රූපවාහිනී සේවා. ඒවා ඉතාමත් අඩු මුදලකට ශ්‍රී ලංකා සමාජයට දෙන්න පුළුවන් වේවි අපෙන් සේවය ලබා ගත්තොත්’ බව විජිත් පීරිස් පැවසීය. (2012 නොවැම්බර් 27)

බීබීසී සිංහල

SendShareShare
Previous Post

ට්‍රම්ප් අපිව බේරුවද? අමාරුවක දැම්මද? ඊළඟට වෙන්නේ මොකක්ද? Sri Lanka Latest News

Next Post

අධිකරණය නවීකරණයට ඩිජිටල්කරණයට අගවිනිසුරු කතා කරයි! දැනට කරන දේම කළොත් අපට ලැබෙන දේ නිසැකවම ලැබේවි! කිසිදා නොලැබුණු දෙයක් ලැබීමට නම් කිසිදා නොකළ දෙයක් කරන්න! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.