• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ට එරෙහිව මෝදි-පුටින්-ජින්පින් එක පැත්තකට! ලංකාව කොයි පැත්තටද? Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ට්‍රම්ප්ට එරෙහිව මෝදි-පුටින්-ජින්පින් එක පැත්තකට! ලංකාව කොයි පැත්තටද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ට්‍රම්ප් සිය තීරුබදු යුද්ධයෙන් ඉන්දියාව දකුණු ආසියාව තුළ තනිකොට තිබේ. පසුගියදා ඔහු ප්‍රකාශයක් කරමින් කීවේ රුසියාවේ ආර්ථිකය සමගම ඉන්දියාවේ ආර්ථිකය මරණයට පත්වෙන බවය. ඉන්දියාව, රුසියාව සමග වෙළෙඳ ගනුදෙනු කළොත් ඉන්දියාවට පනවා ඇති තීරුබදු තව වැඩි කරන බවද ඔහු තර්ජනය කළේය. ඉන්දියාවට තර්ජනය කරමින් ඔහු ඉන්දියාව අවට රටවල තීරුබදු අඩු කළේය. ඉන්දියාවේ සතුරෙකු වන පාකිස්තානයට තීරුබදු 29% සිට 19% දක්වා අඩු කළේය. ඉන්දියාව සමග සමීප සබඳතාවක් නැති බංග්ලාදේශයට පනවපු තීරුබදු 35% සිට 20%ට අඩු කළේය. ලංකාවට පනවපු තීරුබද්ද 30% සිට 20%ට අඩු කළේය.

චීනය ලංකාවේ සිය බලය ව්‍යාප්ත කරන්න පටන් ගැනීමෙන් පසු ඇමෙරිකාව ලංකාව සම්බන්ධ තීරණ ගැනීමේදී ඉන්දියාවට දැනුවත් කිරීම සම්ප්‍රදායක් කරගෙන තිබිණි. එහෙත් ට්‍රම්ප් ලංකාවට පනවපු තීරුබද්ද අඩුකරමින් ඉන්දියාවට තර්ජනය කළේ ඒ සම්ප්‍රදාය කඩා බිඳදමමිනි. දකුණු ආසියාවේ පවර් හවුස් ලෙස ප්‍රකට ඉන්දියාව තනිකොට වටේ රටවල් දිනාගන්න ට්‍රම්ප් උත්සාහ කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ට්‍රම්ප් මේ උත්සාහය ගත්තේ ඉන්දියාව, රුසියාවට එරෙහිව පාවිච්චි කරන්නටය.

රුසියාව මුල් කරගත් ඉන්දියාව සහ ඇමෙරිකාවේ වෙළෙඳ යුද්ධය මැද ලංකාව කරන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. චීන ගැති වුණත් මේ වෙලාවේ රාජපක්ෂ ආණ්ඩුවක් බලයේ සිටියා නම් ඇමෙරිකාවට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව තෝරාගන්නේ රුසියාවය. රුසියාව සමග සමීප සබඳතා තිබූ ජවිපෙ ආණ්ඩුව මේ වෙලාවේ රුසියාවේ පැත්ත ගනිමින් ඉන්දියාවට ස්ටෑන්ඩ් කළ යුතුව තිබුණත් ජවිපෙ ආණ්ඩුව ඇමෙරිකානු ගැති ආණ්ඩුවක් බවට පත්ව ඇති බව පැහැදිලිය. අනුර කුමාර ජනාධිපති වී රුසියානු ජනාධිපති බි්‍රක්ස් සමුළුවට එන ලෙස කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමෙන්ම අනුර කුමාර ඇමෙරිකාවට සිග්නල් එකක් දුන්නේය. ගෝඨාභයගේ ආණ්ඩුව ආර්ථිකය බංකොලොත් වූ වෙලාවේ අයි.එම්.එෆ්. යන්න ඉන්දියාවේ උදව් ඉල්ලුවේය. රනිල්ගේ ආණ්ඩුවද අයි.එම්.එෆ්. සහනය ගන්න ඉන්දියාවේ උදව් ඉල්ලුවේය. එයට හේතු වුණේ ඇමෙරිකාව හරහා අයි.එම්.එෆ්. එකට බලපෑම් කිරීමට ඉන්දියාවට තිබූ බලයය.

ඉන්දියාවට ට්‍රම්ප් එල්ල කරන තර්ජනය සහ ලංකාවට ට්‍රම්ප් දී ඇති සහනය ඉදිරියේ අනුරගේ ආණ්ඩුව තමන්ට දැන් ඇමෙරිකාව සමග ගනුදෙනු කරන්න ඉන්දියාවේ සහාය අවශ්‍ය නැතැයි හිතනවා විය හැකිය. ඉන්දියාව ළඟදීම ඇමෙරිකාව සමග තීරුබදු යුද්ධය සමථයකට පත්කර ගනු ඇත. මේ යුද්ධයේදී ලංකාව සිටිය යුත්තේ කොතැනදැයි තීරණය කිරීම අනුරගේ ආණ්ඩුවට සුබදායක වනු ඇත.

SendShareShare
Previous Post

දළදා පෙරහර බලන්න අනුර නුවර ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

රජයේ රැකියා! IMF! උද්ඝෝෂණ! විපක්ෂයේ ලාල්කාන්තට එරෙහි ආණ්ඩුවේ ලාල්කාන්ත!Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.