• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2002දී ජවිපෙ විරුද්ධ වුණා! 2024 පනත ප්‍රතිගාමී නිසා සජබය විරුද්ධ වුණා! අද මාලිමා ආණ්ඩුව ගේන පනතින් විදුලි ක්ෂේත්‍රයම දුර්දාන්තය කරා යනවා! 23000කගේ අයිතිවාසිකම් අනතුරේ! බලශක්ති මාෆියාවට මේ ආණ්ඩුවත් අහුවෙලා! වැරදි දත්ත මත සහස්දනවි ගිවිසුමට කැබිනට් අනුමැතිය දීලා! VIDEO I Sri Lanka Latest News

August 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ විදුලි පාරිභෝගිකයන්ට අඩු මිලට අඛණ්ඩව විදුලිය ලබා දීමත් පිරිසුදු බලශක්තිය ක්‍රියාත්මක කිරීමත් රටේ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රධානම අරමුණු බවට පත්විය යුතු බවත් ඒ වෙනුවෙන් ප්‍රතිසංස්කරණයකට ශක්තිමත් නියාමනයකට ලක් කර ජාතික ආරක්ෂක ඉලක්ක සම්පූර්ණ කර ගෙන මේ බලශක්ති ක්ෂේත්‍රයට අවශ්‍ය දෙස් විදෙස් ආයෝජන ලැබෙන ආකාරයේ ප්‍රතිසංස්කරණයකට යොමුවිය යුතු බවත් 2025 විදුලි බල සංශෝධන පනතේ මේ ඉලක්ක සම්පූර්ණ කරනවාද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ පනත හරහා පාරිභෝගික ආරක්ෂණ නියාමන යාන්ත්‍රණය දුර්වල කර ආයෝජනයට අවශ්‍ය ඉඩකට පවා නැති කරන තත්ත්වයක් උඩ විදුලි බල ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් 23000 අයිතිවාසිකම් ගැන කතා කරන්න විදුලි බල ඇමතිවරයා වෙලාවක් පවා නොදෙන බවත් එම නිසා මේ පනත මෙරට විදුලි බල ක්ත්‍ෂ්ත්‍රය ශක්තිමත් කරන පනතක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විදුලි බල පනත සම්බන්ධ විවාදයට එක්වෙමිනි.

2002 වසරේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරන විට මේ රජයේ සාමාජිකයන් එයට විරුද්ධ වූ බවත් 2024 යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන පනතේ ප්‍රතිගාමීත්වය නිසා එයට සමගි ජන බලවේගය විරුද්ධ වූ බවත් අද ඉදිරිපත් කරන මේ පනත විදුලි බල ක්ෂේත්‍රය සත්‍ය වශයෙන් ම දුර්දාන්තය කරා ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය බලශක්ති මාෆියාවට හසුවෙලා

මේ රජය බලයට පත් වූයේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි කියා වුවත් අද වන විට මේ රජය තාප බලාගාර මාෆියාවේ ග්‍රහණයට සහ හිරකරුවන් බවට පත්ව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය හිතාමතාම විනාශ කරන බවත් සහස්දනවි ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 300ක ද්වි කෘත බලාගාරයක් ලෙස දියුණු කිරීමේ යෝජනාවට 2025 ජනවාරි 31 වැනිදා මේ සදහා අනුමැතිය හිමිවන බවත් මේ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන්නේ සත්‍ය නොවන බොරු දත්ත කේන්ද්‍ර කර ගෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැරදි දත්ත මත ගිවිසුම් රැසකට එළඹිලා

ජනන පිරිවැය ඒකකය රු. 20.15ක් යැයි ගණනය කර ඇත්තේ ඩීසල් ලීටරයක මිල රු. 110ක් ලෙසත් ඩොලරයේ අගය රු. 195ක් යැයි සිතා ගෙන බවත් එදා ඩීසල් ලීටරයක් රු. 286ක් සහ විනිමය අනුපාතය රු. 300ක් බවත් මේ වරද මහජන උපයෝගීතා කොමිසම ලිඛිතව විදුලි බල ලේකම්වරයාට අප්‍රේල් 3 වැනිදා දැනුම් දී ඇති බවත් ඊට අමතරව රු. 35.81යි රු. 43.25ක් සහ රු. 72.11ක් යන අවස්ථා 3ක් ගැන කතා කර මේ වැරදි දත්ත මත ඉදිරිපත් කර අනුමත වූ කැබිනට් පත්‍රිකාව ගැන කැබිනට් එකට දැනුම් දෙන්න යැයි කිව්වත් වත්මන් රජය ඒවා පැත්තකට විසි කර අප්‍රේල් 3 හෝ 4 සතිය තුළ විදුලි බල මණ්ඩලය සහ එල්.ටී.එල්. අතර විදුලි මිල දී ගැනීමේ ගිවිසුම් පවා අත්සන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සූර්ය බලශක්තියටත් විශාල හානියක් කළා

මොවුන් රටට කිව්වේ පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි කිව්වත් වහල මත ඇති සූර්ය පැනල මත ගෙවූ මිල රු. 37 සිට ගිය රජය රු. 27 දක්වාත් මේ රජය රු. 19 දක්වාත් අඩු කළ බවත් මෙය සූර්ය බලශක්තියට එල්ල කල මරු පහරක් බවත් ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 5ක් තුළ මෙගාවොට් 2000ක් පද්ධතියට එකතු කරනවා යැයි කිව්වත් එය නොකර අහිංසක ව්‍යවසායකයන් නොමග යවා බොහෝ අය සුර්ය බලශක්තියට යොමු කර අනාථ කළ බවත් සුනීත බලශක්ති අධිකාරියේ ආයතන 680ක් සුර්ය බලශක්තිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බවත් මේ නිසා සෘජු හා වක්‍ර රැකියා ලක්ෂයක් ඇති බවත් මොවුන් වහල මත ඇති සූර්ය බලාගාර හරහා මෙගාවොට් 1709ක් ද භූමියේ ඇති සුර්ය බලාගාර හරහා මෙගාවොට් 140ක් ලබා දෙන බවත් මේ නිසා මොවුන්ට බරපතල හානියක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා පොරොන්දු එකින් එක කැඩුවා

පුනර්ජනනීය බලශක්තිය විනාශ කරනවා සේම රටේ පාරිභෝගික ජනතාවට වුන පොරොන්දු දිනපතා කඩ කරන බවත් එදා මැතිවරණ වේදිකාවේ 9000 බිල 6000 කර 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි පැවසුවත් අද මොවුන් බලයට පැමිණි පසු විදුලි බිල වැඩි කර ඇති බවත් අයි.එම්.එෆ්. කොන්දේසි නිසා එය කර ඇති බවත් අයි.එම්.එෆ් කොන්දේසි වෙනස් කරනවා කියා බලය ගෙන අවසානයේ පසුගිය රජය අනුගමනය කළ අයි.එම්.එෆ්. ගිවිසුමම අකුරක් නෑර තිතටම ක්‍රියාත්මක කරන්න මේ ජනතාවාදී යැයි කියන රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද රජයට වඩා ජනතාව අතරමං වෙලා

අද රජයට වඩා අතරමං වී ඇත්තේ ජනතාව බවත් මේ පනත හරහා අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ සිදු නොවන බවත් සෘජු හා පෞද්ගලික ආයෝජන නොලැබෙන බවත් සූර්ය බලශක්තිය නිරත ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයකට ගෙවන මුදල් අඩු කළ නිසා මූල්‍ය ගැටලුවකට ලක්ව ඇති බවත් මේ නිසා සුර්ය බලශක්තියෙන් ඈත් විමේ කටයුත්ත ආරම්භ වී ඇති බවත් ණය ගෙවන්න බැරිව ඇති බවත් ප්‍රගතිශිලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය පුනර්ජනනීය බලශක්තියට ලබා දිය යුතු ඉහළම ප්‍රමුඛතාව ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු 7කට පසු ව්‍යසන කළමනාකරණ සභාව අනුරගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි! විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

ඒ පාර ස්කූටරයකින් ඇවිත් මහරගමදී වෙඩි තියලා ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.