• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ‘ලංකා බැංකුව’! වටිනාකම බිලියන 57.4යි! I Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ‘ලංකා බැංකුව’! වටිනාකම බිලියන 57.4යි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Brand Finance Lanka වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය  ලෙස  ලංකා බැංකුව නම් කෙරිණි. 2025 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 57.4 ක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව 14.3% ක වර්ධනයකි. Brand Finance Lanka යනු ලොව කීර්තිමත් ස්වාධීන සන්නාම තක්සේරුකරණ ආයතනයක් වන එක්සත් රාජධානියේ  Brand Finance ආයතනයට අනුබද්ධිත ආයතනයක් වන අතර, එම ආයතනය සන්නාම ආයෝජනය, සන්නාම කොටස් සහ සන්නාම වර්ධනය යන කරුණු පදනම් කර ගනිමින් වාර්ෂික ව සන්නාම ශ්‍රේණිගත කිරීම සිදු කරයි. එමෙන් ම එම ආයතනය සවිස්තරාත්මක මූල්‍ය විශ්ලේෂණයක් සහ ස්වාධීන මහජන සමීක්ෂණයක් ද ඇතුළත් ව පදනම් වූ ක්‍රමවේදයක් හරහා අදාළ ශ්‍රේණිගත කිරීමේ කටයුතු සිදු කිරීම විශේෂිත ය.Sri Lanka Latest News

ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය  බවට පත්වීම සඳහා ආදායම් මඟින් ලාභ උත්පාදනය පමණක් නොවන බවත්, ලංකා බැංකුව ක්‍රියාත්මක කළ සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තනය, සමාජ සත්කාරක වැඩසටහන් මෙන් ම තිරසාරත්වය හා මහජන මතය ගොඩ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම ආදී වශයෙන් බොහෝ කරුණු මෙම ජයග්‍රහණයට හේතු වී ඇති බවත් පැවසිය යුතු ම ය. මෙම තීරණාත්මක ක්ෂේත්‍ර ආශ්‍රිත ව ගොඩනඟාගෙන ඇති විශිෂ්ටත්වය හරහා මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය ගොඩනංවා ගැනීමට සමත් වී ඇති ලංකා බැංකුව,  ජාතික සංවර්ධනය සඳහා සහයෝගය ලබා දෙන ප්‍රධානතම බලවේගයක් ලෙස හඳුන්වා දිය හැකි අතර, සිය ශක්තිමත් භාවය පිළිබිඹු කරමින්, ආර්ථික, සාමාජීය හා දේශපාලන අර්බුද පැවති කාල වකවානුවල පවා එම අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට සමත් විය.

පාස්කු දින ප්‍රහාරය, COVID-19 වසංගතය, ආර්ථික අර්බුදය, විදේශ විනිමය අර්බුදය තුළින් හට ගත් ඉන්ධන හිඟය සහ දේශපාලන අස්ථාවරත්වය යන දුෂ්කරතා සහිත කාල පරිච්ඡේදය තුළ රටේ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවර කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ලංකා බැංකුව, සිය ව්‍යාපාර පුනර්ජීවන සහ ප්‍රතිස්ථාපන ඒකකය (BRRU) හරහා  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමට මෙන් ම  බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟාසිටුවීමට සහයෝගය ලබා දීම පිළිබඳ ව ද සඳහන් කළ යුතු ම ය. එමෙන් ම තරුණ හා කාන්තා ව්‍යවසායකත්වය නැංවීමට මෙන් ම  අපනයන ආශ්‍රිත ව්‍යාපාර නඟාසිටුවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වන ලංකා බැංකුව, කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිත කාර්යක්ෂමතාව හා තරඟකාරිත්වය වර්ධනය කරමින් ඩ්‍රෝන තාක්‍ෂණය හඳුන්වා දීමට කටයුතු කිරීම ද විශේෂිත ය. රට තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ලංකා බැංකුවේ කැප වීම මෙම සියලු ම ක්‍රියාකාරකම් හරහා  පිළිබිඹු වේ. 

මෙම ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා පැවසුවේ, “ලංකා බැංකුව සාමාන්‍ය බැංකුකරණයෙන්  ඔබ්බට ගොස්, ජාතික ආර්ථිකය ශක්තිමත්  කිරීමෙහිලා  ප්‍රධාන හස්තයක් ලෙස කටයුතු කරන බව පැවසිය යුතු ම යි. ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය   ලෙස පිළිගැනීමට ලක් වීම තුළින් අපගේ වාර්තාගත මූල්‍ය වර්ධනයට වගේ ම දේශීය ආර්ථිකය සහ ජනතාව බල ගැන්වීම වෙනුවෙන් අප දියත් කළ වැඩසටහන්වල සාර්ථකත්වයටත් උදාහරණ සපයනවා. ඒ වගේ ම ඕනෑ ම අභියෝගයකට මුහුණ දිය හැකි, ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් අප කෙරෙහි අඛණ්ඩ විශ්වාසයෙන් යුතු ව කටයුතු කරන  අපගේ ගනුදෙනුකරුවන්ට සහ සාර්ථකත්වය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අපගේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ” යනුවෙනි.

ලංකා බැංකුවේ නවතම හඳුන්වා දීම වන BOC Flex ඩිජිටල් සේවාව, ලංකා බැංකුව  ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන් ම තිරසාරත්වය කෙරෙහි ද අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන බවට හොඳ ම සාක්ෂියක් වන අතර, BOC SmartPay වැනි ඩිජිටල් සේවාවන්ට අමතර ව ශාඛා 660ක් ඇතුළු  2300 කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා ලංකා බැංකුව මෙරට නාගරික මෙන් ම ග්‍රාමීය ජනතාවට ද සේවය සලසයි.

ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ  මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇති අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සරල, කාර්යක්ෂම මෙන් ම ආරක්ෂිත ප්‍රේෂණ සේවාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ක්ෂේත්‍රය තුළ වැඩි ම වෙළෙඳපොළ කොටස තමා සතු කර ගැනීමට ලංකා බැංකුව සමත් වී ඇත.

මෙහි දී අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා පැවසුවේ, “මෙම ජයග්‍රහණය මූල්‍ය විනයක් සහිත ව සාර්ථක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක්. නවීන තාක්‍ෂණය භාවිතය සහ ගෝලීය ප්‍රමිතියෙන් යුත් සේවා කළඹ හරහා අපට අපගේ ආයතනික ක්‍රියාවලිය වගේ ම මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයත් පරිවර්තනීය වර්ධනයකට ලක් කිරීමට හැකි වී තිබෙනවා.” යනුවෙනි.

මෙම සියලු ජයග්‍රහණ සමඟින් ලංකා බැංකුව, 2025 වසරේ  ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය ලෙස ඇගයීමට පාත්‍ර වීම, දශක ගණනාවක් පුරා ගොඩ නංවා ගෙන ඇති විශ්වාසය, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සහ ජාතිකත්වය  පිළිබිඹු කරන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික තිරසාර සංවර්ධනය කරා ගෙන යාම වෙනුවෙන් ලංකා බැංකුව අඛණ්ඩ ව කැප වන  බව මහා කළමනාකාරවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.

The Banker සඟරාව විසින් 2025  වසරේ ලොව හොඳ ම  බැංකු 1000 අතරට යළි යළිත් නම් කෙරුණු ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්,  2021, 2023 හා 2024 වසරවල ‘වසරේ බැංකු කරු‘ ලෙසත් ශ්‍රේණිගත කෙරුණු ලංකා බැංකුව, එම සඟරාව විසින් සංවිධානය කරන ලද ‘Islamic Banking Awards 2025’ සම්මාන උළෙලේ දී ‘Islamic Retail Bank of the Year – Asia’ සම්මානය දිනා ගැනීම වැනි ජාත්‍යන්තර ඇගයීම්වලට ද පාත්‍ර විය.

SendShareShare
Previous Post

ගිය ඡන්ද කාලෙ නගින නගින ත්‍රීවීල් එක NPP..! ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකරුත් අලවගෙන ගියා! දැන් ඔක්කොම පාරට බැහැලා කියනවා ‘ආණ්ඩුව අපිට කෙළියා’ කියලා! මොනවා වුණත් වැඩේ නම් නියමයි බිමල්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ලෝකේ ලොකුම ධනවතා ඉලෝන් මස්ක් ලංකාවේ ලොකුම ධනවතා ධම්මික පෙරේරාත් එක්ක එකතු වෙයි! ලංකාව කනපිට පෙරළන්න ගහන ගේම් එක මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

Load More
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්ස මාලිමා සභාපතිවරයාගේ පහර දීමක් හේතුවෙන් පුද්ගලයකු රෝහල්ගත වී තිබේ.Sri Lanka Latest News

Read more
උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.