• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනුසත් ලොවේ දෙවියන් හැබැහින් ඉන්න – තැනකට ඔබට පුළුවනි මෙලෙසින් යන්න! Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මනුසත් ලොවේ දෙවියන් හැබැහින් ඉන්න – තැනකට ඔබට පුළුවනි මෙලෙසින් යන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමහරු එකතු කරනවා, සමහරු පොදිබඳිනවා, සමහරු රැස්කරනවා. පන්සලේ, පල්ලියේ, කෝවිලේ හැම තැනම මේක අපි දකිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනිත්‍ය බව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට ගියේ හිස් අතින්. බොහෝ ශාස්තෘන් වහන්සේලා, බොහෝ ආගමික නායකයෝ කිසිවක් නැතිව සමුගෙන ගියා. නමුත් අද වෙද්දී පන්සලේ, පල්ලියේ, කෝවිලේ අපි දකින්නේ රැස්කරන, එකතු කරන, පොදිබඳින ලක්ෂණ. Sri Lanka Latest News

ඒ අස්සේ අපි සෝෂල් මීඩියාවල දැක්කා අපූරු කතාවක්. ඒ කතාව හොයාගෙන අපි ගියා. කතාව හම්බවෙන්නේ කරාපිටියේ හිරිඹුර හන්දියෙන්, බද්දේගම පාරේ පොඩි දුරක් ගියාම, ඒක ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිලි සංකීර්ණය ගැන ඔබට ඇයි මම කියන්නේ? මේ ගොඩනැගිලි සංකීර්ණය නිර්මාණය වෙන්නේ පූජ්‍ය කහඳ අමරබුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් යුක්තව. උන්වහන්සේ තමයි මේ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන හොයලා දෙන්නේ.

ඇයි මෙහෙම ගොඩනැගිල්ලක් හදන්නේ? මේ ගොඩනැගිල්ල හදන්නේ ඇයි කියන එක තමයි වැදගත්ම දේ. ඔබ දන්නවා කරාපිටිය රෝහල කියලා කියන්නේ ඉතාම ප්‍රකට රෝහලක්. මේ රෝහලට රට පුරාම ඉන්න රෝගීන් විවිධාකාරයේ ප්‍රතිකාර ගන්න පැමිණෙනවා. එහෙම පැමිණෙන රෝගීන්ගෙන් සමහර අයට රෝහල මගින් දැනුම් දෙනවා, ටික දවසක් රෝහල අවට නතර වෙලා ඉන්න, රෝහල අසල පුළුවන් නම් තැනක ඉන්න. මොකද ඒකට හේතුව, මේ රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර ගන්න රෝහලට යන්න සිද්ධ වෙන අවස්ථා තියෙන නිසා. උදාහරණයක් විදිහට ගත්තොත්, අපි දන්නවා මෙතැන ඉන්නවා බයිපාස් කියන සැත්කම කරන රෝගීන්. ඒ වගේම මෙතැන ඉන්නවා පිළිකා රෝගීන් වගේ විවිධ ප්‍රධාන රෝගාබාධ සහිත අය. ඒගොල්ලොන්ට ආපහු ගෙදර ගිහිල්ලා එන්න පුළුවන්කමක් නැති නිසා, සමහර වෙලාවට එහෙම ගෙදර ගිහිල්ලා එන්න කියන්න ගියාම ඒගොල්ලන්ගේ ප්‍රතිකාර කිරිල්ලත් අතරමග නවතින නිසා, පූජ්‍ය කහඳ අමරබුද්ධි නායක හාමුදුරුවෝ තීරණය කරනවා මේ විදිහේ ගොඩනැගිලි සංකීර්ණයක් හදන්න. ඒ, මේ විදිහේ දැඩි හදිසි රෝගාබාධ සහිත අයව නතර කරලා, ඒගොල්ලොන්ට රෝහලට ගිහිල්ලා ආපහු එන්න මාසයක් හමාරක්, සති දෙක තුනක් ප්‍රතිකාර සඳහා නතර වෙලා ඉන්න පහසුකම් ලබාදෙන්න.

මේ සිදුවීම ගැන සමාජ මාධ්‍යයේ තිබිච්ච කතාව මොකක් වුණත්, මම මේ ආයතනයේ, නැත්නම් මේ ස්ථානයේ කළමනාකාරතුමන්, රංජිත් පුෂ්පකුමාර මහත්මයාට දුරකතන ඇමතුමක් අරගෙන මේ ගැන විස්තර ඇහුවා. ඔහු මට කියපු විස්තරය තමයි මම ඔබට කියන්න යන්නේ.

පූජ්‍ය කහඳ අමරබුද්ධි නායක හාමුදුරුවෝ මීට බොහෝ කාලයකට පෙර තමන්ගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව නතර කරගෙන කරාපිටිය රෝහලේ වැඩවාසය කරලා තියෙනවා ටික කාලයක්. ඒ අවස්ථාවේදී උන්වහන්සේ දැකලා තියෙනවා මේ ස්ථානයට පැමිණෙන රෝගීන්, රෝගීන්ගේ උපස්ථායකයෝ කොච්චර අපහසුතාවට පත්වෙනවද කියලා. සමහර වෙලාවට රෝගියාව නතර කරලා, මේ රෝගියාගේ ඊළඟ ප්‍රතිකාර සඳහා ටික දවසක් රෝහල අවට තැනක ඉන්න කියලා කිව්වාම, විශාල මුදලක් වියදම් කරලා ඒ අයට ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ මුදල් නැති නිසා මිනිස්සු ප්‍රතිකාර කිරිල්ල අතෑරලා දානවා. හැමෝටම මිල මුදල්, සල්ලි බාගේ එක වගේ නැති වග, ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා. ඒත් පූජ්‍ය කහඳ අමරබුද්ධි නායක හාමුදුරුවෝ ඒක දැක්කම උන්වහන්සේට හිතුණා රෝගීන් සඳහා සුවපහසුවට නතර වෙන්න පුළුවන් තැනක් හදන්න ඕනේ කියලා.

උන්වහන්සේ කාමර පහළොවක් සහිතව මේ ගොඩනැගිල්ල හදනවා. ඒ වගේම ඒ ස්ථානයේ තියෙනවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උගන්වන පාසලක්. මේ සියල්ලම එක ස්ථානයක තැනක, එක ගොඩනැගිල්ලක නෙමෙයි තියෙන්නේ. කාමර දාහතරක් එක ගොඩනැගිල්ලකත්, තව කාමරයක් සම්පූර්ණයෙන් වෙනම හදලා තියෙනවා. ඒ කාමරය ගැන රංජිත් මහත්මයා මට කිව්වේ ප්‍රතිකාර සඳහා එන භික්ෂුන් වහන්සේලා සඳහා පහසුකම් සලසන්නට ඒ කාමරය සකස් කරලා තියෙනවා කියලා.

කොහොම වුණත්, කාමර දාහතරක පහසුකම් මේ ස්ථානයේ වෙන්වෙලා තියෙනවා. හැම කාමරයකම ඇඳන් දෙකක් තියෙනවා. මේ ස්ථානයට යන කෙනෙකුට යම් යම් නීතිරීති සහ යම් යම් සීමා මායිම් ටිකක් සහිතව තමයි යන්න සිද්ධ වෙන්නේ. මොකද අපේ රටේ මිනිස්සු ගැන අපි දන්නවනේ. අපේ රටේ මිනිස්සු නිකන් දෙනවා කිව්වාම දෙමළ පත්තරේ හරි කමක් නෑ ගන්න යන කට්ටිය. ඒ නිසා ඔබ මේ ලිපිය කියවපු ගමන් මේ ස්ථානයේ නතර වෙන්න යන්න එපා නිවාඩු නිකේතනයක් වගේ. මේ ස්ථානය ඉතාම ගෞරවනීය ස්ථානයක්. ඉතාම පූජනීය ස්ථානයක්. මොකද, මේක සම්පූර්ණයෙන්ම හාමුදුරුවන්ගේ ප්‍රතිපාදන යටතේ, උන්වහන්සේ විසින් සපයන දේවල් එක්ක, සම්පූර්ණයෙන්ම වියදම දරන්නේ උන්වහන්සේ. උන්වහන්සේ මේ වියදම් කරන්නේ රටේ තොටේ මිනිස්සුන්ට නිකන් කන්න බොන්න දෙන්න නෙමෙයි. රටේ අවශ්‍යතාව මත ඉතාම ගෞරවනීය සේවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැබෑ සත්‍ය ක්‍රියාත්මක කරන ස්ථානයක් විදිහටයි අපිට මෙතැන ගැන හිතෙන්නේ.
මේ ස්ථානයට රෝගියෙක් එනවා නම්, ඒ රෝගියා තමන්ගේ භාරකරුවෙක් එක්ක එන්න ඕනේ. ඔවුන්ගේ හැඳුනුම්පත් තියෙන්න ඕනේ. රෝග සඳහා ප්‍රතිකාර ගන්නා වගත්, ප්‍රතිකාර ගත් වගත් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල් ටික තියෙන්න ඕනේ.

නැවතුණාම, එක කාමරයක ඇඳන් දෙකක් තියෙනවා. ඒ කාමර දෙකේ ඊට අවශ්‍ය කරන ෆෑන් එක ඇතුළු පහසුකම් ටික තියෙනවා. කාමර හතරකට එකක් ගානේ, ඉතාම ඉහළ පහසුකම් සහිතව සකස් කරපු නාන කාමරයක් ඔබට ලැබෙනවා. ඔබට උදේ, දවල්, රෑ කෑම ටික නොමිලේම ලබාදෙනවා. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම අවුලක්, තැවුලක් ඇතිවෙන්නෙත් නැහැ.

මේක තමයි යථාර්ථය. මේක තමයි ඇත්ත. මේක තමයි බුදුන් දෙසූ ධර්මය. මෙලොව මිහිපිට ඉන්න දෙවිවරු වෙස් වළාගෙන ඇවිල්ලා, ඔබට පිහිට වෙන ස්ථානයක් විදිහට මේක හඳුනාගන්න පුළුවන්. මෙවැනි ස්ථාන තව තවත් ඇතිවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේවා තමයි මේ රටකට අවශ්‍ය කරන්නේ. මේවා තමයි මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ. මේවා තමයි ජාතියකට අවශ්‍ය කරන්නේ. මේ ස්ථානයට යන්නට ඔබට භාරකරුවෙක් අවශ්‍යයි. එහෙම නැතුව රෝගීන් සඳහා මෙතැනදී ප්‍රතිකාර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. බේත්හේත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. රෝගීන්ට තමන්ගේ ප්‍රතිකාර ලබාගන්න රෝහලට යන්න එන්න අවශ්‍ය කරන පහසුකම් ටික විතරයි මේ ස්ථානයෙන් ලැබෙන්නේ. කෑම කන්න, බොන්න බැරි අයට විතරක්, නැත්නම් විශේෂ හේතුවක් නිසා කෑම කන්න බැරි අයට අවශ්‍ය කරන දේවල් මෙතැනදී සූදානම් කරගන්න පුළුවන්. නමුත් මුළුතැන්ගෙයට ගිහිල්ලා කෑම හදාගන්න, තමන්ට අවශ්‍ය කෑම හොයාගන්න, එහෙම ලැබෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් මිලදී ගැනීම් පිටින් කරන්න තහනමක් නැහැ. නමුත් මේ ස්ථානයේ ඔබට ලබාදෙන කෑම බීම සාමාන්‍ය වට්ටෝරුවක් යටතේ ලබාදෙන්නේ. මොකද අපි දන්නවා, ලේසි නැහැ 30කට වේල් තුනක් කෑම බීම ලබාදෙන එක. නමුත් ඒ වැඩෙත් මේ අය කරනවා.

ඉතින් ඒ නිසා මිහිපිට ඉන්න දෙවියෝ බලන්න අවශ්‍ය නම් එතැනට ගියාට කමක් නැහැ. නමුත් ඔබ මනුස්සයෙක් වග මේ ස්ථානයේදී ඔප්පු කරන්න ඕනේ. රෝගීන් සඳහා ඔබට නවාතැන් අවශ්‍ය නම්, දුරකතන ඇමතුමක් දීලා ඒ ස්ථානය වෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ස්ථානය ගැන ඔබට අපි කිව්වේ, ඔබටත් කරාපිටිය රෝහලට ගිහිල්ලා ප්‍රතිකාරයක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා නම්, ඒ ප්‍රතිකාරය අරගෙන රෝහල මගින් ඔබට කියනවා නම් දවස් කීපයක් රෝහල අසල ඉන්න, රෝහල අවට ඉන්න කියලා, මේ ස්ථානයට ඇවිල්ලා නවාතැන් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔබ එක කාමරයක්, එක ඇඳක් අනවශ්‍ය ලෙස එක මොහොතක් පාවිච්චි කරන්න එපා. ඒකට හේතුව, ඔබ ඒ අහිමි කරන්නේ අසාධ්‍ය රෝගියෙකුට, අමාරු මනුස්සයෙකුට ජීවිතය ලැබෙන වරප්‍රසාදයක්. ඒ වරප්‍රසාදය අහිමි නොකර, පුළුවන් තරම් මානුෂීය විදිහට මේ සම්පත් පරිහරණය කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. පූජ්‍යපාද කහඳ අමරබුද්ධි නායක හාමුදුරුවන්ට රටක් විදිහට අපි දෙපා නමැද ගෞරවය පුද කරනවා. ඔබ වහන්සේලා තමයි ඇත්තටම මේ රටට අවශ්‍ය කරන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුව යෞවන සමාජ NPP කරන්න යන හැටි දයාසිරි ෆොටෝත් එක්කම මෙන්න එළියට දානවා! කුරුණෑගල මාලිමාවෙන් ඡන්දය ඉල්ලපු අය යෞවන සමාජවලට දාලා! 77 වැනි අවුරුද්දෙදි ඔක්කොම විනාශ කරන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

පොඩි මිනිස්සු ගෙනාපු වාහන 1000ක් ආපහු යවනවා නම් බදු වංගුවක් ගහලා ගෙනාපු BYD වාහන තොගයත් ආපහු යවනවාද? මෝටර් අගය වෙනස් කරලා ගෙනාපු BYD තවත් වාහන තොගයකින් ගහපු ලොකු බදු වංගුවක් ගැන තවත් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.