2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ අවසන් විමර්ශන වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇත.
ඒ, විමර්ශන ආරම්භ වීමට ප්‍රථම නීතිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යංශයට කරනු ලැබ තිබූ දැනුම් දීමකට අනුවය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා යටතේ පවතින ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බව එම ඒකකය මීට පෙර දැනුම් දී තිබිණ.
ඒ අනුව නව ක්‍රීඩා පනත යටතේ කිසියම් පුද්ගලයකු විසින් කරනු ලබන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය හැකි නමුත් අදාළ චෝදනාව අසත්‍යයක් බව ඔප්පු වුවහොත් එම චෝදනා එල්ල කළ තැනැත්තාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකීයාව පවතී.










