කොරෝනා අර්බුදය හමුවේ ලොව වෙනත් රටවල් සිය රටවල ජනතාවට විශාල වහයෙන් සහන ලබා දී ඇති නමුත් වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇතැම් රටවල් පෞද්ගලික අංශයේ වැටුප් පවා 80%ක් ගෙවූ බවත්, සියලු රැකියා සුරක්ෂිත කළ බවත් කීය.
නමුත් ලංකාවේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසී ගිය බවත්, රැකියා විශාල වශයෙන් අහිමි වී ගිය බවත් ඒ මහතා කීය.
ගල්ගමුවේ පැවැති රැස්වීමකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










