• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවෙන් බෝයිං යානා 6ක් ගන්න යන ලංකාවේ කෝටිපතියා! I Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකාවෙන් බෝයිං යානා 6ක් ගන්න යන ලංකාවේ කෝටිපතියා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

30%ක් වශයෙන් ලංකාවට පනවා තිබූ තීරුබද්ද තවදුරටත් අඩුකර ගැනීම සඳහා ආණ්ඩුව ට්‍රම්ප් රජය සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ අප, එම සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ, නොඑසේ නම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වෙන බව අනාවරණ කළේය. නමුත් ඇතැම් මාධ්‍ය මෙන්ම විදේශ ඇමැති විජිත හේරත්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා විශේෂ කණ්ඩායමක් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇතැයි කියාය. නමුත් පසුව අප කළ අනාවරණය තහවුරු කරමින් අදාළ සාකච්ඡාවන් පැවැත්වූයේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේය. සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම වට දෙකකින් එය අවසන් කිරීමට සැලසුම් කර තිබුණත්, වට තුනක් දක්වා එම සාකච්ඡා ඇදීගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මේ සාකච්ඡාව පුරාම දැකගන්නට ලැබුණේ වෙළෙඳ ශේෂය අවම කරගැනීම සඳහා ලංකාව ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට සූදානම් වන භාණ්ඩ හා සේවා පිළිබඳවත්, එහි වටිනාකම් පිළිබඳවත් අමෙරිකාව උනන්දු වී තිබීමය.Sri Lanka Latest News

පසුගිය සතියේ අප මේ පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් ලංකාව ඇමෙරිකාවෙන් බෝයිං යානා 3ක් මිලදී ගැනීමට සූදානමින් සිටින බව අනාවරණ කළෙමු. නමුත් එය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබාගන්නවාද, එසේත් නැත්නම් පෞද්ගලික සමාගමක් මගින් ලබාගන්නවාද යන්න සම්බන්ධයෙන් ඒ වනවිට අප වෙත තොරතුරු වාර්තා වී තිබුණේ නැත. නමුත් මේ වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලංකාව ඇමෙරිකාවෙන් බෝයිං යානා 3ක් නොව බෝයිං යානා 6ක් මිලදී ගැනීමට තීරණය කොට ඇතැයි කියාය. ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නොව මෙරට ප්‍රකට ආයතනයක් වන එක්ස්පෝ ලංකා ආයතනයෙන් බවය. එක්ස්පෝ ලංකා ආයතනයේ හිමිකරු වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මොහොමඩ් හනීෆා මහතාය. නමුත් පසුව ඒ මහතා දේශපාලනයට පැමිණීමත් සමග එම නිලතලවලින් ඉවත් වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව දැනට ඇති තොරතුරුවලින් වාර්තා වන්නේ මෙම එක්ස්පෝ ලංකා ආයතනය ෆිට්ස් එයාර් නම්වූ අඩු වියදම් ගුවන් සේවයක් සමග එක්ව මෙම බෝයිං යානා 6 මිලදී ගැනීමට තීරණය කොට ඇතැයි කියාය. මීට අමතරව ගෑස් සහ තෙල් ඇමෙරිකාවෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී ආණ්ඩුව පැත්තෙන් යෝජනා ඉදිරිපත් කොට තිබේ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ව්‍යවස්ථා සභාවට අත තිබ්බොත් ගෝරි ගොඩයි! I Sri Lanka Latest News

Next Post

ලව් කළේ නෑ! කිස් කළේ නෑ! මල්ගස් වටෙ දිව්වේ නෑ! සිනමාව වෙනස් කරපු චණ්ඩි ශ්‍යාමා! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.