ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය 2.1ක අගයකින් පැවැතිය යුතු වුවද, මේ වනවිට එහි අගය 1.9 දක්වා පහත වැටී ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල් වාර්තාව පෙන්වා දෙයි.Sri Lanka Latest News
රටේ තරුණ පරපුර පවුලක් හදන්න කැමැත්තෙන් සිටියත්, එයට රටතුළ පවත්නා ආර්ථික වටපිටාව හරස් වී ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල අනාවරණ කර ඇත.
ශ්‍රී ලංකාවේ ජීවන වියදම පසුගිය වසර කිහිපය තුළ දෙගුණයක් වී ඇතැයි පෙන්වා දෙන එම ජනගහන අරමුදල, නිවාස ඉදිකිරීමට දැරීමට වන වියදමද, ආහාර පානවල මිල ඉහළ යාමද, හේතුකොට ගෙන වත්මන් තරුණ පරපුර පවුලක් වීමේ අදහස ඉවත දමා ඇතැයිද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවලදී ඔවුන් පවුලක් වීමට කැමැත්තක් දැක්වුවද, රටතුළ පවත්නා ආර්ථික පරිසරය මත තමන්ට එම අදහස ඉවත දැමීමට සිදුව ඇතැයි බහුතර තරුණ පිරිසකගෙන් ප්‍රකාශ වූ බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුලී අඩෙනියි පැවැසූ බව එම වාර්තාව වැඩිදුරටත් අනාවරණ කර ඇත.










