ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු මත ගෙවන පොලිය 8% දක්වා පහත හෙළීමට පියවර ගෙන ඇති බවට අරංචි ලැබී ඇති බවත්, විශ්‍රාමිකයන්ගේ දීමනා පවා ජනවාරි මස සිට ගෙවා නොමැති බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දෙයි.
ඒ මහතා අවධාරණය කරන්නේ මැතිවරණයෙන් පසු රාජ්‍ය සේවකයන්ගේ වැටුප 30%කින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බවකි.
එම වැටුප බේරා ගැනීමට අවශ්‍ය නම් සමගි ජන බලවේගයට ජන්දය භාවිත කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.










