• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීමහා බෝධිය රැකගන්න සංඝමිත්තා තෙරණිය සමග ආ දූත පිරිසේ අලුත් පරම්පරාව සොයා ඒ දූත පිරිසට ඥාතිකම් කියන ඉන්දීය මහකොමසාරිස් අනුරාධපුරයට! Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ශ්‍රීමහා බෝධිය රැකගන්න සංඝමිත්තා තෙරණිය සමග ආ දූත පිරිසේ අලුත් පරම්පරාව සොයා ඒ දූත පිරිසට ඥාතිකම් කියන ඉන්දීය මහකොමසාරිස් අනුරාධපුරයට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සන්තෝෂ් ජා, පසුගිය ජූලි 11 වැනිදා ශ්‍රීමහා බෝධිය ආරක්ෂා කොට රැකබලා ගන්නා කල්ලන්චිය විහාරයේ මහ ධුරය දරන ජයවර්ධන හමුවීමට පැමිණීම ඓතිහාසික අවස්ථාවක් විය. සංඝමිත්තා මහතෙරණිය ලංකාවට ආවේ බුද්ධ වර්ෂ 236දීය. ඇයත් සමග ලංකාවට පැමිණි දූත පිරිස අතර භික්ෂුණීන්, කුමාරියන් සහ විවිධ ශිල්පීන්ද වූහ. ශ්‍රීමහා බෝධිය රැකබලා ගැනීමේ භාරදූර වගකීම පවරා තිබුණේ ඔවුන්ටය. එසේම ශ්‍රීමහා බෝධියට පුද පූජා පැවැත්වීමේ වගකීමද ඔවුන්ට භාරවී තිබිණි. මෙයට හේතුව ඒ වනවිට ලංකාවේ රජුගේ පාලනයට මේ ගැන අවබෝධයක් නොතිබූ නිසාය. මොවුහු තිසා වැව අසල ගම්වල පදිංචි වූහ. විහාර බුලන්කුලම, විහාර පලුගම, විහාර කල්ලන්චිය, විහාර මැදවච්චිය යන නම් පටබැඳුණේ ඔවුන් පදිංචි වූ ප්‍රදේශවලට අනුවය. අරහත් මහින්ද හිමිගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජු සංඝමිත්තා තෙරණිය සමග පැමිණ පදිංචි වූ මේ දූත පිරිස්වල පරම්පරාවලට ශ්‍රීමහා බෝධිය ආරක්ෂා කරගෙන පුද පූජා පැවැත්වීමේ වගකීම භාරදෙනු ලැබීය. ඔවුන් බෝධිගුප්ත කුමාරයා සහ සුමිත්ත කුමාරයාගේ පරම්පරාවය. Sri Lanka Latest News

මෙරට ඉන්දීය මහකොමසාරිස් පසුගියදා කල්ලන්චිය විහාරයට ගියේ එදා දේවානම්පියතිස්ස ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව සහ පුදපූජා පැවැත්වීමේ වගකීම භාරදුන් ගම් නවයක ප්‍රධානීන්ගේ අලූත් පරම්පරාව හමුවීමටය. එහිදී ජයවර්ධන කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ තමන් බෝධිගුප්ත කුමාරයාගේ පරම්පරාවේ අයෙක් බවත්, තමන්ගේ පරම්පරාවේ මුතුන්මිත්තන් සංඝමිත්තා තෙරණිය සමග උතුරු ඉන්දියාවේ සිට පැමිණි අය බවත්ය. ඔහු පැවැසුවේ එදා සංඝමිත්තා සමග පැමිණි එම පරම්පරාවේ මුතුන්මිත්තන් පදිංචි වූ ගම් නවයේම අද පරම්පරාව එදා වගේම අදටත් සිය රාජකාරිය අකුරට ඉටුකරන බවය.

මෙහි ඇති විශේෂත්ය එදා සංඝමිත්තා තෙරණිය සමග පැමිණි දූත පිරිස පැවැත එන පරම්පරාවෙන් බිහාර් ප්‍රාන්තයේ වත්මන් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පැවැත ඒමය. අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඉන්දීය මහකොමසාරිස් හමුවූ විට මේ බව හෙළිදරව් කළ අතර, මහකොමසාරිස්වරයාගේ සංචාරයේ ඓතිහාසික වැදගත්කම එහිදී අනාවරණ විය. මහකොමසාරිස්වරයා ගම් නවයේ අලුත් පරම්පරාවේ ප්‍රධානීන් හමුවෙද්දී කීවේ තමා තම ඥාතීන් හමුවීමට ආ බවය. මහකොමසාරිස්වරයාගේ එම ප්‍රකාශයෙන් ගම් නවයේ පරම්පරා ප්‍රධානීන් අභිමානයට පත්විය.

අශෝක අධිරාජ්‍යයා ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් සමග සිය දියණිය ලංකාවට එවීමෙන් පසු ඇය සමග පැමිණි දූතයන් ගැන සොයාබලන්න ඉන්දියාවේ හිටපු රජවරු හෝ නිදහස් ඉන්දියාවේ අගමැතිවරු උනන්දු නොවූහ. මෙහි වටිනාකම හොඳින්ම දැනුණේ වත්මන් ඉන්දීය අගමැති මෝදිටය. ඔහු ලංංකාවට එන හැම අවස්ථාවකදීම ශ්‍රීමහා බෝධිය වන්දනා කරන්න යන්නේ ඒ නිසාය. ශ්‍රී මහා බෝධියට ගරු කරන නායකයෙක් ඉන්දියාවේ සිටීම ලංකාවේ බෞද්ධ ජනතාවගේ වාසනාවකි. ඒ වගේම ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරගන්න සංඝමිත්තා තෙරණිය සමග ලංකාවට ආ දූත පිරිසට ඥාතිකම් කියන බිහාර් ප්‍රාන්තය නියෝජනය කරන මහකොමසාරිස්වරයෙක් ලංකාවේ සිටීම බෞද්ධ ජනතාවට සැනසීමකි.

ප්‍රදීප් ගමගේ

SendShareShare
Previous Post

අතේ රෝල් අතේම පත්තු වෙලා! Sri Lanka Latest News

Next Post

ඉතිහාසයද? සෞන්දර්යයද? සාහිත්‍යයද? අනිවාර්ය නැති ලංකාවෙ අධ්‍යාපනය! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.