සජබ ඇතුළේ අර්බූදයක් ඇති බවට ලංකාදීප පුවත්පත පළ කොට තිබූ පුවත් සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී රෝශණ බණ්ඩාර මහතා අදහස් පළ කළේ මෙසේය.Sri Lanka Latest News
රජය සහ රජයට හිතවත් කුමන්ත්‍රණකාරී කණ්ඩායම් සජබය ඇතුලේ අර්බුද තිබෙන බව සමාජ ගත කරන්න කටයුතු කරනවා. ආණ්ඩුවක් තිබෙන්නේ සජබයේ ප්‍රශ්න විසදිමද නැතිනම් රටේ ප්‍රශ්න විසදිමටද. රටේ විශාල වංචා දුෂණ සිදුවෙනවා , රටේ සම්පත් කුණ කොල්ලයට විකිණෙනවා , රටේ තැනින් තැන වෙඩි තැබිම් ඝාතන සිදුවෙනවා. මේ පිළිබඳව තොරතුරු වාර්තා නොකර සජබය තුළ ප්‍රශ්න තිබෙන බව විවිධ මත සමාජ ගත කරන්න ඇතැම් මාධ්‍ය උත්සහ දරනවා. ඒ වගේම සජබය තුළ කිසිදු ප්‍රශ්නයක් නැහැ. එවැනි ප්‍රශ්නයක් තිබෙනවානම් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය , කළමනාකරණ කමිටුව තුළ කතා විය යුතුයි. නමුත් එවැනි කිසිදු තැනක මෙවැනි කතාබහක් ඇතිවී නැහැ. එවැනි අවස්ථාවක සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය රටේ සැබැ ප්‍රශ්න යටපත් කරන්න සජබය තුළ අර්බුදයක් තිබෙන බවට අසත්‍ය පුවත් සමාජ ගතකරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුව සමඟ ඩිල් දේශපාලන යෙදෙන අතැම් පක්ෂ තමයි සජබේ තුළ අර්බුදයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රශ්නයට වැඩිය රටේ ජනතාව පීඩාවට පත් වී සිටින ප්‍රශ්න පිළිබඳව කතා කරන්න මාධ්‍යය කටයුතු කළ යුතුයි.











