• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජුලි චන්ග් එක්ක රනිල්-සාගල-හර්ෂ-කබීර් රාත්‍රී භෝජන සංග්‍රහයක! I Sri Lanka Latest News

July 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජුලි චන්ග් එක්ක රනිල්-සාගල-හර්ෂ-කබීර් රාත්‍රී භෝජන සංග්‍රහයක! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සජබ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අතර රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවත්වී තිබේ.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අප කළ අනාවරණය මෙසේය.

‘මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් කියන්නට යන්නේ ජූලි චන්ග් සහ ජනාධිපතිවරයා අතර ඇති විශේෂ හිතවත්කම පිළිබඳ නොව, ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති සමීප හිතවත්කමක් ගැනය. අපගේ කතාවට හේතුපාදක වන්නේ පසුගිය බදාදා රාත්‍රියේදී ජූලි චන්ග් විසින් පවත්වා තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකි.

සාමාන්‍යයෙන් ජූලි චන්ග් විසින් භෝජන සංග්‍රහයක් පැවැත්වීම විශේෂ කරුණක් නොවන නමුත්, මෙම භෝජන සංග්‍රහයේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට සහභාගි වී සිටි පුද්ගලයන් නිසාය. මන්ද යත් ඊට සහභාගි වී සිටියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක සහ සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ හර්ෂ ද සිල්වාත්, කබීර් හෂීමුත්ය.

ඉතා රහසිගතව පැවැති මෙම රාත්‍රි භෝජන සංග්‍රහය පිළිබඳ තොරතුරු පසුව යම් යම් මාධ්‍යවලටද අනාවරණ කෙරී තිබිණි. සාමාන්‍යයෙන් සජබ මන්ත්‍රීවරුන් සහභාගි වන මෙවැනි භෝජන සංග්‍රහයන් පිළිබඳ හීන්සීරුවේ මාධ්‍යයට ලීක් කිරීම කාලයක් තිස්සේ රනිල් ගෙනගිය උපක්‍රමයක් වී තිබූ අතර, මෙම රාත්‍රි භෝජන සංග්‍රහයද අවසන් වූ වහාම රනිල්ගේ පාර්ශ්වයෙන් එය යම් යම් පාර්ශ්වයන් හට ලීක් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. අප එසේ කියන්නේ අපටද එම පුවත රනිල්ගේ පාර්ශ්වයෙන් ලැබීම නිසාය.’

නමුත් මෙම සිදුවීමේ ඇති විශේෂත්වය වන්නේ රනිල්ගේ කේන්දරයට අනුව සෙනසුරු වක්‍ර වීම හරහා යම් සහනයක් ලැබෙනු ඇති බවට මත පළවෙමින් තිබියදී මෙම හමුව සිදුවීමය. අප මුලිනුත් කී ආකාරයට රනිල් මේ වනවිට සිටින්නේ සජබය ඇතුළේ අර්බුද නිර්මාණය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමිනි. ඒ අනුව රනිල් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පසුගිය දින කීපයේ පෞද්ගලිකවම කැඳවා ඔවුන්ට විවිධ යෝජනා සහ ‘ලණු’ දෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එසේ රනිල් සමග සාකච්ඡාවට ගිය එක් මන්ත්‍රිවරයකු වූයේ දයාසිරි ජයසේකරය. රනිල් දයාසිරිට දී තිබූ ලණුව වූයේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවට දයාසිරිට පත්වීමට හැකියාව ඇතැයි කියාය. නමුත් රනිල් සමග හමුවෙන් පසු දයාසිරි හිතවතුන්ට කියා තිබුණේ ‘මම රනිල් ගැන දන්නවා. මම දැන් එයාගේ ලණු කන්නේ නෑ’ යැයි කියාය. කෙසේ වෙතත් කබීර්, හර්ෂ සහ එක්ව ජූලි චන්ග් සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු රනිල්ගේ පාර්ශ්වයෙන් එම පුවත ලීක් කිරීම හරහා බොහෝ දෙනා සැක පහළ කර තිබුණේ රනිල් මේ මෙහෙයුමට ජූලි චන්ග්වත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඈඳාගත්තාදැයි කියාය.

මෙන්න කතා වෙච්ච දේවල්

ඒ කොයිහැටි වෙතත් චන්ග් රනිල්, හර්ෂ, සාගල, කබීර් සමග පැවැති සාකච්ඡා පිළිබඳ වෙනත් මූලාශ්‍රයන්වලින් බොහෝ තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට අප වෙත වාර්තා වී තිබේ. ඉන් එක් මූලාශ්‍රයකින් කියැවුණේ ආණ්ඩුව මේ දිනවල සම්මත කිරීමට සූදානමින් සිටින විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙසේ රනිල් ඇතුළු කණ්ඩායම කැඳවූ බවකි. නමුත් ප්‍රශ්නය වන්නේ දැනට කිසිදු බලයක් නැති රනිල්ට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්දැයි කියාය.

තවත් මූලාශ්‍රයකින් කියැවුණේ ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී ලංකාව සහ ඇමෙරිකානු සමාගමක් වූ ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර අස්සන් තැබූ එල්.එන්.ජී. ගිවිසුම සක්‍රීය කරගැනීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වුණු බවකි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී මේ සම්බන්ධයෙන් එවක විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, එම විරෝධය නොතකා රාජපක්ෂ ආණ්ඩුව අදාළ ගිවිසුම අස්සන් කිරීමට පියවර ගෙන තිබිණි. ගිවිසුම අස්සන් කළද සමාජයෙන් මතුවූ විරෝධය හමුවේ එය ක්‍රියාත්මක තලයට ගියේ නැත. ඒ අනුව මෙම සාකච්ඡාවේදී අදාළ එල්.එන්.ජී. ව්‍යාපෘතිය නැවත වතාවක් සක්‍රීය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවක් එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

නමුත් බොහෝ දෙනා කියා සිටින කාරණාවක් වන්නේ රනිල් සජබ නියෝජිතයන් වන කබීර් සහ හර්ෂ සමග මෙම සාකච්ඡාවට එක්වූයේම සජබය ඇතුළේ අර්බුදයක් නිර්මාණය කිරීමට යැයි කියාය. මන්ද යත් රනිල් සමග මෙවැනි රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වන බවක් කබීර් හෝ හර්ෂ කල් තියා සජිත්ව දැනුවත් කර තිබුණේ නැත. නමුත් ජූලි චන්ග් සමග මේ සියලු දෙනා රාත්‍රි භෝජන සංග්‍රහයේ සිටිද්දීම සජිත්ට වෙනත් පාර්ශ්වයකින් මේ පිළිබඳ වාර්තා වී තිබිණ. නමුත් රනිල්ගේ ගේම් ගැන දන්නා සජිත් ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලයක් පෙන්වූයේ නැත. මන්ද යත් ගම් මට්ටමෙන් සජබය සහ එජාපය මේ වනවිට එක්වෙමින් පවතින නිසා එය රනිල්ට විශාල ගැටලුවක් වී ඇති බව සජිත් දනී. එම නිසා විවිධ උප්පරවැට්ටි යොදමින් රනිල් එම එකතුව කැඩීමට සැලසුම් කරමින් සිටින බවද සජිත් දනී. අදාළ පුවත වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලයක් සජිත් නොදැක්වූයේ ඒ හේතුව නිසාය.

SendShareShare
Previous Post

2022දී අරගලකරුවන් පාලනය කරන්න වැඩබලන ජනාධිපති රනිල් හදිසි නීතිය පැනවීම අත්තනෝමතිකයි! බල ශුන්‍යයි! මූලික අයිතීන් උල්ලංඝනය වෙලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! නඩු ගාස්තු ගෙවන්නත් නියම කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්ගලික) සමාගම්වල සිදු වී ඇති වංචා හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.