2022-2024 අතර කාලය තුළ රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුද ඇතුළුව වෛද්‍යවරු 1,489 දෙනෙකු රට හැර ගොස් ඇති බවත් ඉන් රටට රුපියල් බිලියන 12.5 ක මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත් වාර්තා වේ. Sri Lanka Latest News
මේ බව අනාවරණය කර තිබෙන්නේ, එක්සත් රාජධානිය තුළ ප්‍රකාශයට පත් කරන ජාත්‍යන්තර වෛද්‍ය සඟරාවකි.
වෛද්‍යවරු මෙසේ රට හැර යාම මෙරට සෞඛ්‍ය සේවා යටිතල පහසුකම්, විශේෂයෙන්ම, ග්‍රාමීය සහ ඌන සේවා ප්‍රදේශවල සෞඛ්‍ය සේවා යටිතල පහසුකම්, දැඩි ලෙස පීඩාවට පත් කර තිබේ.
මේ වන විට මෙරට සෞඛ්‍ය සේවය තුළ සිටින සෞඛ්‍ය සේවා බලකාය, විශේෂඥ වෛද්‍යවරුද ඇතුළුව 23,000 ක් පමණ වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛාව 2,800 කි.
එක්සත් රාජධානියට සංක්‍රමණය වී එරට සෞඛ්‍ය සේවයට අනුයුක්ත වූ ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2019 ට සාපේක්ෂව 2024 වන විට 120% කින් ඉහළ ගොස් ඇති බව තහවුරු වී තිබේ.










