සිය රැස්වීම්වලට පැමිණෙන පාක්ෂිකයන් විශාල ලෙස අඩුවී තිබීම මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක වජිර අබේවර්ධන මහතා සිය දේශපාලන රැස්වීම්වල මැජික් පෙන්වීමට ආරම්භ කොට තිබේ.
ඒ අනුව රැස්වීම ආරම්භ වීමට පෙර වේදිකාවට පැමිණෙන මැජික් ශිල්පියෙකු මැජික් දර්ශන පෙන්වන බව දැනගන්නට ඇත.
වජිර අබේවර්ධන මහතා සිය කතාව ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.
පසුගිය සතියේ හබරාදුවේ පැවැති රැස්වීමක් අවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ටද වජිර අබේවර්ධන මහතා මෙම මැජික් සංදර්ශන පෙන්වීමට පියවර ගෙන තිබිණ.










