• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගහන්න යන බද්ද 18%යි! ට්‍රම්ප් ලංකාවට ගහන බද්ද 30%යි! පලිගැනීමේ බද්දේ මුළු එකතුව 48%යි! Sri Lanka Latest News

July 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාව ගහන්න යන බද්ද 18%යි! ට්‍රම්ප් ලංකාවට ගහන බද්ද 30%යි! පලිගැනීමේ බද්දේ මුළු එකතුව 48%යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වගේ’ යැයි කියන්නේ සැබැවින්ම මෙවැනි කතන්දරවලටය. එය සත්‍ය ලෙසම අපූරු, අතිශයින්ම හරවත් උපහැරණයකි. ශ්‍රී ලංකාවේ අහිංසක මධ්‍යමපාන්තික මිනිසුන් අද ජීවත් වන්නේ ගහෙන් වැටුණු මිනිසුන් ලෙසට බව රහසක් නොවේ. යම් අයුරකින් ගහ උඩ සිටි මිනිසුන් අද වත්මන් පාලන තන්ත්‍රයක් යටතේ එම ගහෙන් බිමට වැටී ඇත. හාල් කිලෝවක්, පොල් ගෙඩියක් මිලදී ගන්නට නොහැකිව මිනිසුන් දස අතේ දුක් විඳිති. අතේ මිටේ යහමින් ධනය ඇත්තන්ට නම් මේ තත්ත්වයන් අදාළ නොවේ. එහෙත් මෙරට බහුතර ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ය. මෙරට වත්මන් ආර්ථික තත්ත්වය ගැන ජනතාව පවසන දේ මට වඩා හොඳින් ඔබ දනී. එසේම වත්මන් පාලන තන්ත්‍රය ගැන කියන දේද ඔබ හොඳින් දනී. දැන් එසේනම් මෙවැනි ශෝකීය වටපිටාවක් ගතවෙමින් තිබියදී ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නේ කෙසේද? එම ‘ගොනා ඇනීම’ සිදුවුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එය එක්තරා අපූරු කතාවකි. අපි එය සොයා බලමු. Sri Lanka Latest News

මෙම සුවිශේෂ කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් ඇමෙරිකාව හරහා අපට අසන්නට ලැබුණු මෙම කතාවෙන් කියැවුණේ ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වෙත පනවා ඇති භාණ්ඩ අපනයන බද්දක වතගොතකි. එම බද්දට අනුව ලබන 2025 අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට යවනු ලබන සියලු අපනයන භාණ්ඩ සඳහා ඇමෙරිකාව තුළදී 30%ක බද්දක් අයකරනු ලබයි. මෙම බදු අයකිරීම ඇමෙරිකාව විසින් ලෝකයේ රටවල් රාශියකට පැනවූ අතර, එයට ශ්‍රී ලංකාවද මෙසේ අයත් වී තිබිණි. ඇමෙරිකාවේ මෙම බදු පැනවීම අනුව පසුගිය 2025 අප්‍රේල් 09 වැනිදා සිට 44%ක බද්දක් පනවනු ලැබූ අතර, පසුව එය මෙම ජූලි 09 දා දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. එසේ වූයේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට අනුවය. මෙලෙස තාවකාලිකව නැවතුණු තීරණය නැවත ක්‍රියාත්මක වූ අතර, එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම බදු මුදල 30% දක්වා පහත හෙළා තිබිණි. එනම් 14%කින් අඩුකර තිබිණි. එසේ වුවද මෙම බදු ප්‍රතිශතයද ශ්‍රී ලංකාවට ඉතා දරුණු ලෙස බලපාන අර්බුදයක් බව බොහෝ පාර්ශ්ව පෙන්වා දී ඇත. එසේ වන්නේ ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ මහා ධනස්කන්ධයක භාණ්ඩ අපනයනය කරන අතර, මෙතෙක් එම භාණ්ඩ සඳහා ඇමෙරිකාව විසින් අයකළේ 10%ක බද්දක් පමණි. ඒ අනුව මෙවර බදු වැඩිවීම තුළින් බද්ද තෙගුණයකින් වැඩිවී ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මරුපහරකි. එසේම මෙහි අනෙක් සුවිශේෂ කරුණ වන්නේ මේ තරම් විශාල වටිනාකමකින් යුත් භාණ්ඩ මෙරටින් ඇමෙරිකාවට අපනයනය කළත් ඇමෙරිකාවෙන් මෙරටට ආනයනය කරනු ලබන්නේ ඩොලර් මිලියන 500ක පමණ භාණ්ඩ තොගයක් පමණක් වීමය. මෙය අහස හා පොළොව මෙන් වෙනස්කමකි. මේ හේතුවෙන් ආර්ථික හා දේශපාලනික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකයට ප්‍රබලතම පහරක් බවයි.

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. එනම් ශ්‍රී ලංකාව තුළදී ‘ගහෙන් වැටුණු මිනිසාට’ ඇමෙරිකාවෙන් පැමිණ ‘ගොනා ඇනීම’ සිදුකර ඇති ආකාරයට පැහැදිලිවම පෙනෙන්නට ඇත. මෙම ශෝකීය තත්ත්වය අපූරුවට පෙන්වන කාටූන් චිත්‍රයක්ද පසුගියදා ඉංග්‍රීසි පුවත්පතක පළවී තිබිණි. එනම් උඩුකය නිරුවත් සරමක් පමණක් හැඳගත් ලාංකික ගැමියකුට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණුවර ඇති විශාල අං ඇති ගොනෙකු අනින (පහර දෙන) ආකාරය එම චිත්‍රයේ විය. එම හාස්‍යජනක කාටූනය මෙම ලිපිය සමග පළකර ඇත. අද උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය මෙයයි. දැන් එසේනම් මෙම තත්ත්වයට මෙරට වත්මන් පාලකයන් සහ රජය මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා රාජ්‍ය පාර්ශ්ව විසින් පසුගිය දිනවලදී විවිධ සාකච්ඡා සහ තීරණ ගැනීම් ගැනද විවිධ පුවත් අසන්නට ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ අනෙක් රාජ්‍ය ප්‍රබලයන් එක්වී සාකච්ඡා කිහිපයක් පවත්වන අයුරු දක්නට ලැබිණි. එහෙත් මේ මොහොත දක්වා මෙම අර්බුදයට නිසි විසඳුමක් ලැබී නැත. එසේම එම අර්බුදය කුමන ආකාරයකින් විසඳෙන්නේ දැයි සිතීමටවත් නිසි මාර්ගයක් සැලකී නැත.

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී පසුගියදා ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් මෙම ශ්‍රී ලංකාවට අදාළ බදු පැනවීම නිල වශයෙන් ප්‍රකාශ කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අස්සනින් යුත් රාජ්‍යතාන්ත්‍රික ලිපියක්ද මෙරට රජයට ලැබී තිබීමයි. ජනාධිපති ධවල මන්දියර හරහා මෙරටට ලැබී ඇති මෙම ලිපිය එක්තරා ආකාරයක යම්කිසි තර්ජනාත්මක ස්වරූපයක් ගෙන ඇති එකකි. මෙම ලිපියෙහි අන්තර්ගතය ගැන ආර්ථික හා දේශපාලනික විශ්ලේෂකයන් මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.

“තීරුබදු’ යන වචනයට විවෘතව මෙසේ ආදරය ප්‍රකාශ කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා, තවමත් වෙළෙඳාමෙන් බදු අයකිරීමෙන් ඇමෙරිකාවට සමෘද්ධිය ඇතිවේය යන අදහසින් උමතු වී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාව තම අපනයන සඳහා යෝජිත 30%ක නව තීරුබදුවලට එරෙහිව පලි නොගන්නා ලෙස ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති ආකාරය මෙම ලිපියෙන් දක්නට හැකිය. එනම් යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට අදාළව ඇමෙරිකාවට එරෙහිව ‘පලිගැනීමේ බදු’ (Retaliatory Taxes) පැනවුවහොත් ඇමෙරිකාව නැවත වරක් ඔවුන්ගේ තීරුබදු ප්‍රතිශතය වැඩිකරන බවට තදබල ලෙස අනතුරු අඟවා ඇත. එනම් එවිට පෙර තිබූ 44%ක බද්ද හෝ එතැනින්ද නොනැවතී 48%ක් පමණ දක්වා වන අධික බදු අයකිරීමට ඉඩ ඇතැයිද අනතුරු හඟවා ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා එය අවධාරණය කර ඇත්තේ ‘ඔබගේ රට යම් ලෙසක ඇමෙරිකාවට එරෙහිව බදු වැඩිකරන්නේ නම් එම වැඩිකරන ප්‍රතිශතය අප ඔබගේ 30% බද්දට එකතු කර අයකරනු ඇතිය’ යනුවෙනි. තුන් ගුණයකින් බදු වැඩිවී තිබෙන විටකදී මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ විදේශ සංචිතවලට තදබල ලෙස බලපානවා…’

දැන් ඔබ මෙම කතාවේ යම් සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එසේනම් එය කුමක්ද? එනම් සියලු විදේශ රටවලින් මෙරටට සපයනු ලබන භාණ්ඩ මිලදී ගැනීමේ (ආනයනයන්) සහ අනෙකුත් විවිධ සේවාවන් සඳහා ලබන 2025 ඔක්තෝබර් 01 දා සිට 18%ක වැට් බද්දක් අයකිරීමට මෙම රජය සැලසුම් කර තිබීමය. ඒ අනුව ඇමෙරිකාවටද එම බද්ද අයකෙරෙනු ඇතිය. දැන් එසේනම් සිදුවන්නේ කුමක්ද? එසේ වුවහොත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවවාද කර ඇති ආකාරයට 30%ක ඇමෙරිකානු තීරුබද්දට තවත් 18%ක් එකතුවී 48%ක බද්දක් ඇමෙරිකාවට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතිය. මෙය ‘අලි මදිවාට කොටි’ යැයි කිව්වා හා සමාන කතාවක් වනු ඇත. ශ්‍රී ලංකා රජය මෙම 18%ක වැට් බදු අයකිරීම සිදුකරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) නිර්දේශයන් මත බවද පැවැසෙයි. කෙසේ හෝ මෙම වත්මන් ඇමෙරිකානු බදු අර්බුදය මත රජය ප්‍රකාශ කර සිටියේ 18%ක වැට් බද්ද අයකිරීම යම් අයුරකින් ප්‍රමාද කෙරෙන බවයි. එහෙත් නිසි තීරණයක් නැත.

මේ අයුරින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරුබදු නිවේදනයේ පැහැදිලිව සඳහන් කර ඇති පරිදි යම් හෙයකින් ශ්‍රී ලංකාව ගන්නා ඕනෑම පලිගැනීමේ පියවරකදී ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඇමෙරිකාව විසින් නැවත බදු වැඩිවීමක් සිදුකරනු ඇතිය. එම තර්ජනය ඉතා ප්‍රබලව ඔහුගේ නිල ලිපියේ සඳහන් කර ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවටම අදාළ ප්‍රශ්නයක් නොවේ. එනම් මේ ආකාරයේ තර්ජනාත්මක ලිපි මේ වනවිට ලෝකයේ රටවල් රාශියකට ඔහුගේ අස්සනින් යවා ඇත. ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින්නේ’ මේ ආකාරයටය.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ප්‍රතිවිපාකයන් ගණනාවක් ඇත. ඒවා මොනවාදැයි සොයා බලමු.
● ශ්‍රී ලංකා රජය 18%ක වැට් බදු පැනවුවහොත් දැනට ඇමෙරිකාව ප්‍රකාශ කර ඇති 30%ක් වන තීරුබදු 48% දක්වා ඉහළ යනු ඇත.
● ආනයනය මෙන්ම අපනයනයද දැඩි ලෙස පීඩාවට පත්වනු ඇත. සියලු බඩු භාණ්ඩ සහ අනෙකුත් සේවාවල මිල ඉහළ යනු ඇත. ප්‍රධාන ලෙසම ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් නිෂ්පාදන ක්‍රියාවලිය දරුණු බලපෑමකට ලක්වනු ඇත.
● විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය අඩුවිය හැකිය. වෙළෙඳ ආතතීන් ඇතිවී ඇමෙරිකානු සහ ඇමෙරිකානු නොවන ආයෝජකයන් පවා බියට පත්වනු ඇත.
● දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රබල බලපෑම් එල්ල කරනු ලබයි. ඉහළ ආනයන පිරිවැය නිසා උද්ධමනය වැඩිකිරීමට හේතුවන අතර, එය ඉතා ප්‍රබල ලෙස පාරිභෝගිකයාට බලපානු ලබයි.
● වෙළෙඳ සහ තීරුබදු පීඩනවලට මුහුණ දීමෙන් ශ්‍රී ලංකාව සාකච්ඡා මේසයෙන් තල්ලු වනු ඇත. එසේම ශ්‍රී ලංකාව සාකච්ඡා මේසයෙන් ඉතා දුර්වල ස්ථානයක සිටවිය හැකිය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ක්ලැරන්ස්ට සාධාරණය ඉටු වුණාද? Sri Lanka Latest News

Next Post

රනිල්ගේ පවුලේ පත්තරය වෙච්ච ඉරිදා ලංකාදීපයේ දාලා තියෙනවා ‘විපක්ෂනායක මාරු කරන්න රහස් සාකච්ඡා යනවා කියලා! පට්ටපල් බොරුවක්! එහෙම කිසිම සාකච්ඡාවක් නෑ! කිසි දෙයක් කරගන්න බැරිව එළියේ ඉන්න පැරදිච්ච කට්ටියක් මඩ ගහන්න පටන් අරන්! සජබයෙන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.