වෘත්තීය සමිති 59ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.Sri Lanka Latest News
සෑම වෘත්තීය සමිතියක්ම වෘත්තීය සමිති ආඥා පනත අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
මේ අනුව ඉකුත් 2023 වර්ෂයේදී පමණක් වෘත්තිය සමිති 128ක් ලියාපදිංචි කර තිබෙනවා.
රටේ දැනට වලංගු මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2122කි. කම්කරු දෙපාර්තමේන්තුවේ මෙම තොරතුරු සඳහන් වන්නේ 2023 වාර්ෂික වාර්තාවේයි.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.










