වර්තමාන ආණ්ඩුව විසින් යෝජනා කරන තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවට හෙන ගසනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි. Sri Lanka Latest News
ඔහු පෙන්වා දෙන්නේ පාසල් අධ්‍යාපනය තුළ ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය අනිවාර්ය නොවන විෂයන් බවට පත් කිරීමේ ආණ්ඩුයේ සැලසුමට දැඩි විරෝධය පළ කරන බවයි.
මෙම තීරණය ගත්තේ කුමන පදනමක් මත දැයි ප්‍රශ්න කරන ඔහු එසේ නම් ආගම පමණක් අනිවාර්ය විෂයක් බවට පත් කර ඇත්තේ කුමක් නිසාදයි ප්‍රශ්න කරන්නේය.
මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි හරිනි අමරසූරියට තමන් හා ප‍්‍රසිද්ද විවාදයකට අභියෝග කරන බවද කියා සිටී.
මෙවන් සංශෝධන ආණ්ඩුව විසින් සිදු කරන්නේ සිහි බුද්ධියක් නැතිව හිතා බැලිල්ලකින් තොරව බවටත් ඒ මහතා චෝදනා කරයි.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ තම සමාජ ජාල නාලිකාවේ වීඩියෝවක් පළ කරමිනි.










