• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට ඔත්තු දුන්නා කියා කහවත්තේ තරුණයෙක්ව දණගස්වලා වෙඩි තියපු සිද්ධියේ තවත් 4 දෙනෙක්ව අල්ලයි! I Sri Lanka Latest News

July 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News

අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණයින් පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථයද සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් 30 වැනිදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් සමග කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී තිබුණි.

එහිදී සහෝදරයන් දෙදෙනා අතරින් අයෙක් එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර අනෙක් දෙදෙනාව අත් මාංචු දමා පොලීසිය යැයි පවසා පැහැරගත් සැකකරුවන් ඉන් එක් තරුණයෙකු දණගස්වා වෙඩිතබා ඝාතනය කළ අතර අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි. 

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් නොහොත් ‘හෝමාගම හඳයා’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයින් බව පොලීසිය කියයි.

එකී අපරාධය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් බවද පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර තිබුණේ කහවත්ත පලන්සූරියගම පදිංචිව සිටි දේශාන් ඉරන්ත නමැති 22 හැවිරිදි තරුණයෙකි.

අදාළ සැකකරුවන් සමග එදින එම තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය, මෝටර් රථයක්, යතුරුපැදි 3ක්, ලියාපදිංචි අංක තහඩු 2ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 197ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය මීගොඩ පොලිස්   වසමේ සඟවා තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට හෝමාගම, හා පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27ත් 29ත් අතර වයස්වල පසුවන කිසිඳු රැකියාවක් නොකරන පුද්ගලයින් බව පොලීසිය පවසයි.

ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හඳයා’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් බවද හෙළිවී ඇත.

ඝාතනයට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගන්නා බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

SendShareShare
Previous Post

‘ස්ලිට්’ වංචාව ගැන තවත් ලොකු හෙළිදරව්වක්! හදලා තියෙන්නේ මහපොළෙන් මිලියන 375ක්-බැංකුවකින් මිලියන 175ක් දීලා මහපොළ ඉඩමක! 2015 යහපාලන ආණ්ඩු කාලෙදි මාස 3ක් ඇතුළත නීති විරෝධීව මේක අත්පත් කරගෙන! සාකච්ඡා ගියා කියන්නේ 56 සහ 57 බෝඩ් මීටින්වල! හැබැයි ශ්‍රී පවන් අගවිනිසුරුතුමා එහෙම දෙයක් සාකච්ඡා වුණේ නෑ කියලා ඒ රිපෝට් එකට අත්සන් කළේ නෑ! මේක දැවැන්ත වංචාවක්! ස්ලිට් එක යළි පවරගන්න! උපාලි අබේරත්න කමිටුවේ නිර්දේශත් අරන් ඇමැති වසන්ත යළි මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Next Post

එයා දැන් වික්‍රමසිංහලු! දොස්තර කැත හිතලු! හිටියෙ අරයලු! ඉන්නෙ මෙයාලු! විමල් ගහගෙන ගහගෙන යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.