ඉකුත් දිනවල දැඩි කතා බහකට ලක් වූ, විද්‍යුත් හැඳුනුම්පත් සකස් කිරීම සඳහා රජයේ ආයතනවලට ලබා දීමට නියමිත ප්ලග් බේස් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය අවලංගු කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. Sri Lanka Latest News
ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, එම ගනුදෙනුවට අදාළ ටෙන්ඩරය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අවලංගු කර ඇති බවයි.
මෙලෙස කතාබහට ලක් වූ ප්ලග් බේස් එකක් රුපියල් 72,000ක පමණ මුදලකට ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබූ අතර, ඒකක හත්සීයක් පමණ මිලට ගැනීමටයි සැලසුම් කර තිබුණේ.
මේ අතර පසුගිය දිනක මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කර තිබුණේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඕනෑම පුද්ගලයකුට තම මිල ගණන් ඉදිරිපත් කර එම ටෙන්ඩරය ලබාගැනීමේ අවස්ථාව පවතින බවත්, එසේ නැතිව තැන් තැන්වල චෝදනා එල්ල කිරීම ඵලක් නොවන බවයි. -හිරු










