1999 වසරේ දී, මාතලේ ප්‍රදේශයේ දී, 18 වියැති තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව, නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.Sri Lanka Latest News
කෙසේ වෙතත්, මෙම අධිචෝදනා ගොනු කිරීම සිද්ද කර තිබෙන ආකාරය නීති විරෝධී බව පවසමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවට ගොස් තිබුණා.
ඒ අනුව, අභියාචනාධිකරණය, 2020 වසරේ දී, ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍ර අවලංගු කිරීමට නියෝග කළේ ය.
අභියාචනාධිකරණයේ මෙම නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පත්‍රයක් ගොනු කර තිබේ.
එම අභියාචනය විමසා බැලීම සැප්තැම්බර් මස තුන්වන දා සලකා බැලීමට නියමිත ය.
ඊයේ දිනයේ දී මෙම පෙත්සම සලකා බැලීමට කැදවූ අවස්ථාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා සිය සේවා දායකයා දැඩි රෝගී තත්ත්වයකින් පසුවන බවයි.










