• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙතුත් නෑ! වෛද්‍ය උපකරණත් නෑ! ආණ්ඩුව කිව්වට අහන්නෙත් නෑ! එළියෙන් බෙහෙත් ලියන්නත් බෑ! නීතිමය ආරක්ෂාවකුත් නෑ! රෝහල් පද්ධතියම බරපතළ අනතුරක! මොනවා හරි වුණොත් සම්පූර්ණ වගකීම් සෞඛ්‍ය අමාත්‍යංශය අතේ! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

July 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.Sri Lanka Latest News

මාධ්‍ය නිවේදනය

රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී  වෛද්‍යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම.

රෝගී සත්කාර සිදු කරගෙන යාමේදි ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උපරිම කැපවීමෙන් කටයුතු කරන අතර එය සම්පූර්ණ කර ගැනීම සඳහා ඖෂධ, වෛද්‍ය උපකරණ සහ උපාංග අංග සම්පූර්ණ වීම මූලික කරුණක් වේ. එම ඖෂධ සහ උපකරණ සැපයුම උපරිම මට්ටමේ පවත්වාගෙන යා නොහැකි නම් ප්‍රතිකාර සේවාව ප්‍රශස්ත මට්ටමේ රඳවා ගැනීම දැඩි අපහසු කාරණාවකි.

දැනට රට පුරා පවතින ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් ඇති වෙමින් පවති. රෝහල් වලට ගුණාත්මක ඖෂධ අඛණ්ඩව සැපයීම රජයේත්, සෞඛ්‍ය අමාත්‍යංශයේත් අත්හල නොහැකි වගකීමක් වුවද, පැවති රජයන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රමවේද වල පවතින ආකර්‍යක්ෂමතාවයත් අඩුපාඩුත් නිසා දිගින් දිගටම එය හරියාකාරව සිදු නොවුණු අතර මේ වන විට පවතින රජයේ යටතේද මෙම ගැටලුව නැවතත් පැණ නැගි ඇත.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම රජයන්ට බලපෑම් කරමින් ඖෂධ සැපයුම ක්‍රමවත් කරන ලෙස ඉල්ලා සිටියත්, එම ඉල්ලීමට ලබා දෙන ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් ගැටලු මතු වෙමින් පවති. ඖෂධ පමණක් නොව ශල්‍ය හා වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන්ද, රසායනාගාර පරීක්ෂණ සහ විකිරණ පරික්ෂාවන් සදහා භාවිතා වන උපකරණ සම්බන්ධයෙන්ද  මෙම අර්බුදකාරි තත්ත්වයම පැන නැඟි ඇත.

රෝහල් පද්ධතිය තුල ඖෂධ හෝ උපකරණ නොමැති අවස්ථා වලදී ඒවා සපයා ගැනීම සදහා විවිධ සීමාවන්ට යටත්ව විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් යොදාගන්නා විකල්ප ක්‍රමවේද කීපයක් ඇත. යම් අවදානමක්ද දරමින් වෛද්‍යවරුන් මෙම විකල්ප කරා සද්භාවයෙන් යුතුව යොමු වනුයේ ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථයෙනි.

එහෙත් විවිධ රෝහල් වල ඖෂධ සහ උපකරණ බාහිරව මිලදි ගැනීම සම්බන්ධයෙන් සිදු වන විමර්ෂණත්, එ් පිළිබද මාධ්‍ය හැසීරිමත්  හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් බාහිරින් ඖෂධ සහ උපකරණ ලබා ගැනීම නිර්දේශ කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතු වී ඇත. ඊට ප්‍රධානතම හේතුව වන්නේ වෛද්‍යවරුන් සෑම අවස්ථාවකදීම රෝගී සත්කාර සේවාව වෙනුවෙන් පෙනිසිටිමින් ප්‍රතිකාර වෙනුවෙන් කැප වුවද, එ් සදහා ඔවුන්ට නීතිමය රාමුව තුල ප්‍රමාණවත් ආරක්ෂාවක් නොතිබිමය. ඒ හේතුවෙන් රෝහල් පද්ධතිය තුල ශල්‍යකර්ම ඇතුලු රෝගී සත්කාර සේවාවන් බිදවැටීමේ සහ සීමා වීමේ අවදානමක් මතු වී ඇත.

රෝගීන්ගේ සහ වෛද්‍යවරුන්ගේද ආරක්ෂාව තහවුරු වන අයුරින් මෙම විකල්ප ක්‍රමවේද සදහා අවශ්‍ය මාර්ගෝපදේශ, නිර්ණායක සහ නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමේ වගකිම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය. එහෙත් මේ වන තුරු එවන් නිශ්චිත මාර්ගෝපදේශයක් සකස් කර නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු වගකිව යුතු පාර්ශව අපොහොසත්ව ඇත. එබැවින් මේ හරහා බිඳවැටෙන රෝගී සත්කාර සේවාවන් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතුය.

මෙම ගැටළුව සහ එහි වත්මන් ප්‍රවණතාවයන් කෙරෙහි විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ දැඩි අවධානය යොමු වී ඇති අතර මේ පිළිබදව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර යෝජනාවලියක් සැකසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් විශේෂඥ වෛද්‍යවරුන් ති‌දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරන ලදි. මෙම කමිටුව දැනටත් මූලික සාකච්ඡා පවත්වා මූලික ලේඛනයක් සකස් කර ඇති අතර එ් සඳහා යෝජනා ලබා දෙන මෙන් සමස්ත සමාජිකත්වයට දැනුම් දී ඇත.

එම යෝජනාවලිය සමාලෝචනය කිරීම සදහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් එළඹෙන 2025.07.21 වැනි සදුදා දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයේදි සාකච්ඡාවකට එක්විමට නියමිත අතර අවසන් යෝජනාවලිය මෙම මස අවසන් සතියේ පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඕනෑම රජයක මූලික ප්‍රතිපත්තිය විය යුත්තේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකිමයි. ඒ වෙනුවෙන් ගුණාත්මක ඖෂධ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව රෝහල් පද්ධතියට සැපයීමේ පරම වගකීමෙන් රජයට මිදිය නොහැකි අතර රෝගී සත්කාර සේවාව වෙනුවෙන් සීමාව ඉක්මවා කැපවෙන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ආරක්ෂා කිරීමද රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛතම වගකීමක් බව අවධාරණය කරමු.

SendShareShare
Previous Post

ඉන්දුනීසියාවේ වෙච්ච පොළොව හෙල්ලීමෙන් කිලෝමීටර් දහස් ගාණක් ඈතින් තියෙන ඕස්ට්‍රේලියාවත් කැළඹෙයි! I Sri Lanka Latest News

Next Post

ඒ අස්සේ තවත් අවුලක්! වෘත්තිකයන්ට ගහන බද්ද වැඩියි! දොස්තරවරු 5000ක් දැනටමත් රට ගිහින්! තවත් 5000ක් විතර යන්න බලාගෙන ඉන්නවා! පුහුණුවට යන වෛද්‍යවරුත් ආපහු ලංකාවට එන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.