ඉන්දුනීසියාවේ බන්ඩා මුහුදේ ඇති වූ විශාල භූමිකම්පාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරය දක්වා එහි කම්පන තරංගවල බලපෑම තිබීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් කැළඹී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.Sri Lanka Latest News
සඳුදා පස්වරු 3.19 ට ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපය අසල රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදු විය.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය එය කිලෝමීටර 10 ක ගැඹුරකින් වාර්තා කළේය. ඩාවින්, පාමර්ස්ටන්, නූනාමා සහ බෙරී ස්ප්‍රින්ග්ස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් තම ප්‍රදේශයේ භූමිකම්පා සෙලවීම් සිදුවූ බව තහවුරු කළහ.
එය ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ සිට කිලෝමීටර 600 කටත් අඩු දුරකින් සිදු වූ අතර එය 966 දෙනෙකු විසින් සිදුවීම පිළිබද වාර්තා කිරීම් කොට ඇත.
ඉන්දුනීසියානු දූපත් කිහිපයක් සහ ටිමෝර් ලෙස්ටේ ද එහි කම්පන තරංගවලට හසු විය.
හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බව ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි. භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස සුනාමියක් ඇති නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.










