• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහපොළ අරමුදලෙන් හදපු ‘ස්ලිට්’ ආයතනය 2015දී පූර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත්කිරීම නීත්‍යානුකූල නෑ! වහාම නැවත මහපොළ අරමුදලට පවර ගන්න! කෝප් කමිටුව මහපොළ භාරකාර අරමුදලට නිර්දේශ කරයි! I Sri Lanka Latest News

July 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මහපොළ අරමුදලෙන් හදපු ‘ස්ලිට්’ ආයතනය 2015දී පූර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත්කිරීම නීත්‍යානුකූල නෑ! වහාම නැවත මහපොළ අරමුදලට පවර ගන්න! කෝප් කමිටුව මහපොළ භාරකාර අරමුදලට නිර්දේශ කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහපොළ අරමුදලට අයත්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පූර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව පැහැදිළි වන බවත් නැවත එය මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට නෛතික පියවර ගන්නා ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පසුගියදා නිර්දේශ කරන ලදී.Sri Lanka Latest News

මේ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් සභාපති (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ට නිර්දේශ කළේය.

2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වැනිදා කැඳවූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබාදීම සිදුවිය.

2015 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ඇති කරගත් ගිවිසුමකට අනුව එවකට සිටි අමාත්‍යවරයාගේ අනුදැනුම මත එම වත්කම පවරාගත් ආකාරය නීති විරෝධි බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ සඳහා රු. මිලියන 408ක මුදලක් SLIIT ආයතනය විසින් මහ‍පොළ අරමුදලට ගෙවා ඇති බවත් අරමුදලටම අයත් ආයතනයක් විසින් අරමුදලට මෙම මුදල ගෙවා අයිතිය ලබා ගැනීම ගැටලු සහගත බවත් සාමාජික මන්ත්‍රීවරයෝ පෙන්වා දුන්හ.

මේ අනුව මෙහිදී වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීම මගින් ඉදිරියට හෝ මෙවැනි අනීතික සහ වංචනික ක්‍රියාවන් නැවැත්විය යුතු බවත් කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ අරමුදලේ ප්‍රාරම්භක ලෙස නිලබලයෙන් පත්වන වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ මෙවැනි වංචාවන් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත් ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බවත්ය .

රාජ්‍ය ආයතනයක් ලෙස සත්භාවයකින් ආරම්භ කළ මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, නිල බලයෙන් පත්වූ රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ බවත් කල් ගතවන වන විට විශාල වශයෙන් ලාභ ලබා මුදල් ගැවසෙන තැනක් බවට පත්වන බවට හඳුනාගැනීමෙන් ‍ඇතිවූ තෘෂ්ණාව හේතුවෙන් මෙය අනීතිකව රජයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එවකට මෙම පවරා ගැනීමට විරුද්ධවූ නිලධාරියෙකු කාරක සභාව ඉදිරියේ පවසා සිටියේය.

එසේම මෙම විමර්ශන කටයුතු හරහා සිසුන් විශාල ගණනාවක් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලයක් කඩාවැටීමට ලක්විය හැකි බවට වැරදි මතයක් ගොඩ නැගීමට ඇතැම් පිරිසක් උත්සහ කළ හැකි බවත් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව SLIIT ආයතනය එලෙසින්ම පවත්වා ගනිමින් භාරකාරීත්වය මහපොළ අරමුදල සතු කළ යුතු බවත් ඒ හරහා සහනදායි මිලකට වැඩි සිසුන් පිරිසකට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීමටත් කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම පෙර පැවති රජය සමයේදී අරමුදලේ අභ්‍යන්තර විගණක තනතුර ඇතුළු වැදගත් තනතුරුවල පුරප්පාඩු නිසි පරිදි සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය. මෙතරම් විශාල මුදලක් සංසරණය වන ආයතනයක කාර්ය මණ්ඩලය නිසි පරිදි සම්පූර්ණ නොකිරීම එහි කාර්යක්ෂමතාව පිළිබඳ විශාල ගැටලුවක් බව ද කාරක සභාව පෙන්වා දුන්නේය.

භාර අරමුදල මගින් පරිපාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගම සහ එම සමාගම මගින් පරිපාලිත සී/ස නැට්වෙල්ත් සෙකියුරිටීස් සමාගම්වල වත්මන් තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා විය. පාඩු ලබමින් තිබූ සමාගම්වලට නැවත අරමුදලේ අරමුදල් ආයෝජනය කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටලු රැසක් පවතින බැවින් මේ සම්බන්ධව වෝහාරික විගණනයක් සිදු කොට ඉදිරි පියවර ගතයුතු බවට තීරණය විය.

විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා හා ශිෂ්‍යත්වයක් ලැබීමට සුදුසු ශිෂ්‍යයන් වැඩි ප්‍රමාණයකට මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. අරමුදලේ සභාපතිවරයා පැවසුවේ දැනට මූලධනය ලෙස පවතින රු. බිලියන 20 කට ආසන්න මුදලෙන් ලැබෙන පොලී සහ අනෙකුත් ආදායම් කළමනාකරණය කරගනිමින් උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට කටයුතු කරන බවයි.

මීට අමතරව 2023 වසර තුළ කොන්ත්‍රාත් පදනම මත වසර 2ක කාල සීමාවකට වෙළඳ ප්‍රදර්ශන නිලධාරීන් පත් කිරීම, මාර්ගගත ලොතරැයියක් සඳහා තෝරාගත් ලොතරැයිකරු එයින් ඉවත්වීම නිසා අරමුදලට රු. මිලියන 750ක අලාභයක් සිදුවීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු වූ අතර ඒවා පිළිබඳව වෝහාරික විගණනයක් සිදු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර් , නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ,සුජීව දිසානායක, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. එසේම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.එම්.බී අතපත්තු මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මහින්දව අතෑරලා රනිල් ගාවට ගිය රෝහිත තෑගිබෝග අරන් මෙන්න ආයෙත් මහින්ද ගාවට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

මීරිගම වෙඩි පත්තු වෙයි! බරපතළ තුවාල ලැබූවකු රෝහලේදී මරුට!  I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.