කොළඹ ජාතික රෝහල මගින් දේශීය මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ප්‍රතික්‍රියක අතරින් මිලියන 13 කට අධික ප්‍රතික්‍රියක මෙම වසරේ අප්‍රේල් 25 වනදා වන විට කල් ඉකුත්ව ඇති බවත් මෙයට අමතරව පසුගිය වසර අවසානයේ සහ මේ වසර තුළදී රෝහලට ගෙන්වන ලද මිලියන පහළොවකට ආසන්න ඇතැම් ප්‍රතික්‍රියක වර්ග පසුගිය වසර අවසානයේ සහ මෙම වසර තුළදී රෝහලට භාරගන්නාවිටත් කල් ඉකුත් වී හෝ කල් ඉකුත් වීමට ආසන්න දිනවල පැවති බව නවතන විගණන වාර්තාවට අනුව අනාවරණය වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පසුගිය අවසාන වසර තුන තුළදී කොළඹ ජාතික රෝහල මගින් එහි පවතින රසායනාගාර සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ මිලියන 2544 කට අසන්න ප්‍රතික්‍රියක මිලදීගෙන ඇති බවද එම විගණන වාර්තාවට අනුව තහවුරු වෙයි.
මෙම මිලදී ගැනීම්වලදී වෛද්‍ය සැපයුම් මේකකය අනුමැතිය ලබාගෙන නොමැති බවද එම විගණන වාර්තාව පෙන්නුම් කරයි.
කල් ඉකුත් කුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න මෙම මිලදී ගැනීම්වලින් විගණනයට භාජනය කරන විට වැඩිම ප්‍රමාණයක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා නව ආණ්ඩුව යටතේ සිදුවී ඇති බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
එසේම රෝහල තුළ දැනට භාවිතා කරන සමහර උපකරණ මිලදී ගැනීම්වලදීද අක්‍රමිකතා සිදුවී ඇති බවත් එම සමහර උපකරණ මේ වන විට අදාළ මව් සමාගම් මගින් භාවිතයෙන් ඉවත්කොට ඇති බව තහවුරු වී ඇති තත්ත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය තුළ පසුගිය රෝහල් අධ්‍යක්ෂකවරුන් යටතේ සිදුවී ඇති මෙම යුතු ඉහළ නිලධාරීන්ටෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය ලක්විය යුතු බවද පෙන්වා දෙයි.
ජාතික රෝහලට අවශ්‍ය ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී කල්ලිකුත් වූ හා කල්ලිකුත් වීමට ආසන්න ප්‍රතික්‍රියක මිලදීගෙන තිබීම මත ජාතික රෝහලේ අභ්‍යන්තර රසායනාගාර තුළ කල්ලිකුත් වූ ප්‍රතික්‍රියක යොදාගෙන රසායනාගාර පරීක්ෂණ සිදු කර තිබූ බව විගණන වාර්තාවට අනුව නිරීක්ෂණය වී ඇති බැවින් එම රසායනාගාර පරීක්ෂණ වාර්තා මත වෛද්‍ය ප්‍රතිකාර කොට රෝගී තත්ත්වය සංකූලතාවයන්ට ලක් වූ හෝ මියගිය රෝගීන් සම්බන්ධව කඩනමින් විමර්ශනයක් සිදුකොට කිවයුත්තන් නීතිය හමුවට පමුණන ලෙස වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.










