පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන කුඩු තොග අස්ථානගත වන බව මව්රට පුවත්පත මීට කලින් හෙළිදරව් කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 26 වැනි දිනය.
එහිදී මව්රට පුවත්පත් අනාවරණය කර තිබුණේ නාවික හමුදාව මුහුද මැදදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම කුඩු තොගය දික්ඔවිට වරායෙන් ගෙනැවිත් බාර දීමෙන් අනතුරුව කැඩු කිලෝ 60කට අධික ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවකි.
ඒ බව පසුගිය සතියේ අධිකරණයෙන්ද තොරතුරු අනාවරණය විය.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ මත්ද්‍රව්‍ය වෙළෙදාමේ නිරතව සිටි බව කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.











