• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාළුවෝ මාළුවෝ යාළුවෝ…. මාළු නසී උඩින් වැටෙන ඇම කන හින්දා – යාළු නසී මේ අය වගෙ ලණු කන හින්දා…! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
යාළුවෝ මාළුවෝ යාළුවෝ…. මාළු නසී උඩින් වැටෙන ඇම කන හින්දා – යාළු නසී මේ අය වගෙ ලණු කන හින්දා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද මේ ලිපියෙන් ඔබට කියන්න යන පුවත ගැන දැනටමත් මුළු ලංකාවම දන්නවා. මේ කතාවෙන් කියැවෙන්නේ යාළුවෙක් නිසා ජීවිතය අහිමි වෙච්ච තරුණයෙක් ගැන. අපි හැමෝටම යාළුවෝ ඉන්නවා. අපි හැමෝම ඒ යාළුවෝ එක්ක ඇවිදින්න යනවා. නමුත් ඒ තමන්ගේ හොදම යාළුවාගේ අතින් අවසන් ගමන් යන්න වුණා කියලා කිව්වොත් ඒක කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. Sri Lanka Latest News

කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කරලා ඔහුගේ සිරුර කසළ වළක හංගලා කියලා පසුගියදා මහත් ආන්දෝලනයක් ඇතිවුණා. වෙන්නප්පුව කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදිි මිහිදුකුලසූරිය ශ්‍රීජිත් ජයශාන් නමැති ධනවත් ව්‍යපාරිකයෙක් තමයි මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ.

සිරිගම්මන ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයක වතුර වළක තමයි ඔහුගේ සිරුර සඟවා තිබියදී සොයාගත්තේ. මේ ව්‍යාපාරිකයා ඉඩම් හිමි වැවිලිකරුවෙක් වගේම ජයන්ති හවුස් නමින් මෝටර් රථ උපාංග අලෙවිසලක් පවත්වාගෙන ගොස් තිබුණා. පසුගිය 30 වැනිදා තමයි මෙම ඝාතනය සිදුව තිබුණේ. ඝාතනයට හේතුව වී තිබුණේ කාලයක් තිස්සේ පැවැති පෞද්ගලක කෝන්තරයක්. ඝාතනයෙන් පසුව ඔහුට අයිති කෝටි දෙකකට වඩා වටිනා ඩබල් කැබ් රථයද අතුරුදන්ව තිබුණා. තම දරුවා ලැබුණු දුරකතන ඇමතුමක් මත ඔහු පසුගිය 30 වැනිදා නිවසින් පිටව ගිය බවත්, එතැන් සිට ඔහු ගැන කිසිදු තොරතුරක් නැති බවටත් ශ්‍රීජිත්ගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව අදාළ කැබ් රථය පසුගිය 04 වැනිදා වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පාළු නිවසක නවතා තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි වුණා. එසේම අදාළ නිවස ආසන්නයේ ජීවත්වුණු වාහන සේදුම් ස්ථානයක සේවය කරන 20 හැවිරිදි තරුණයකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා. ශ්‍රීජිත්ට දුරකතන ඇමතුම ලබාදී තිබුණේ මෙම 20 හැවිරිදි තරුණයා බවයි විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ. එසේම ඔහුගේ නිවසේ තිබූ ශ්‍රීජිත්ගේ සපත්තු යුගල, ඝාතනයට යොදාගත් බව කියන පිහියක් සහ තවත් භාණ්ඩ කිහිපයක්ද පොලිසිය සොයාගෙන තිබුණා.

මේ නිවසේ හිමිකාරිය ඉතාලියේ රැකියාවක නිරතව ඇති බවටද දැනගන්නට ලැබී තිබුණා. ඒ අනුව 20 හැවිරිදි තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරිමේදී ඔහු කිසිම දෙයක් නොදන්නා බව කිහිප විටක්ම පොලිසියට පවසා තිබුණා. මේ අතර මුහුණු පොතේ සංසරණය වන පෝස්ටුවක් තිබුණු අතර, එහි සඳහන්ව තිබුණේ කැබ් රථයකට යතුරුපැදියක් හුවමාරු කරනවා යනුවෙනි. එම කැබ් රථය තියෙන්නේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ නිවසක බවද එහි සඳහන්ව තිබුණා. රුපියල් කෝටි දෙකට අධික වටිනාකමින් යුත් කැබ් රථයක් යතුරු පැදියකට මාරු කරන්නේ ඇයිද යන්න ගැන පොලිසියට සැක පහළව තිබූ අතර, ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට වෙන්නප්පුව පොලිසිය පියවර ගත්තා. උපායශීලීව ක්‍රියාකළ පොලිසිය, අදාළ පෝස්ටුව පළකළ පුද්ගලයාව පසුගිය 03 වැනිදා පොලිසිය වෙත ගෙන්වා ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණා. පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ පෙරදින තමන්ගේ මිතුරා ගැන කිසිම තොරතුරක් නොදන්නා බව දිවුරමින් පැවසූ නිසයි. ඒ අනුව අදාළ ඝාතනයට ඔහුගේ ඍජු සම්බන්ධයක් ඇති බව පොලිසියට වැටහී ගොස් තිබුණා. පසුව කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පාපොච්චාරණය කර තිබුණේ වෙන්නප්පුව උදාසිරිගම සිරිගම්පළ තමන් සේවය කරන වාහන සෝදන ස්ථානයයේම අපවිත්‍ර ජලය ගලා යන වළක ශ්‍රීජිත්ගේ සිරුර සඟවා ඇති බවයි. ඒ අනුව, පසුගිය 03 වැනිදා රාත්‍රියේ මළ සිරුර සොයාගැනීමට පොලිසියට හැකි වුණා.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාහන සේදුම් ස්ථානයේ සේවය කළ 20 හැවිරිදි පුද්ගලයා සහ ශ්‍රීජිත් හොඳම මිතුරන් වූ අතර, ඔවුන් නිතර මත්පැන් පානය කිරීම පුරුද්දක් කරගෙන සිට ඇති බවද හෙළිවුණා. මෙම වාහන සෝදන ස්ථානය වෙනත් වාහන හිමිකරුවකුට අයත්, වාහන සර්විස් කිරීමේ ස්ථානයකි. මේ පුද්ගලයාට අවශ්‍ය නම් පිට වාහන සෝදා මුදලක් ලබාගැනීමට එම ව්‍යාපාරිකයා අවසර ලබා දී තිබුණා.

කෙසේ වෙතත් පසුව මේ වාහන සේදුම් සථානයේ පුද්ගලයාගේ මිතුරෙකුද, එම මිතුරාගේ 15 හැවිරිදි සහෝදරයාද සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. 15 හැවිරිදි සහෝදරයා මාරවිල ප්‍රසිද්ධ පාසලක සිසුවෙකි. මියගිය ව්‍යාපාරිකයා පසුගිය 30 වැනිදා මෙම වාහන සේදුම් ස්ථානයට පැමිණ තිබුණා. මොවුන් එම ස්ථානයේ බීර බෝතල් 3ක් පානය කරමින් සාදයක් පවත්වා ඇති බවයි අනාවරණ වී තිබුණේ. බීර පානය කරන අවස්ථාවේ ව්‍යාපාරිකයා සේදුම් ස්ථානයේ කාමරයකට ගොස් තිබෙන අතර, ඒ අවස්ථාවේ ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි අනාවරණ වී තිබුණේ.

15 හැවිරිදි සිසුවා එදින එහි ගෙන්වා ඇත්තේ මෙම මියගිය පුද්ගලයාට හඳුන්වා දීමට බවයි පොලිසිය සැක පළකර තිබුණේ. මේ අවස්ථාවේ පිහියකින් ඇන ව්‍යාපාරිකයා ඝාතනය කර එම ස්ථානයේම වතුර වළක සඟවා ඇති බවයි අනාවරණ වුණේ. තමන් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම නිසා ඔහුව ඝාතනය කළ බවයි සැකකරු පොලිසියට පවසා තිබුණේ. ඒ අනුව සැකකරු මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අනෙකුත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යනු ලබයි.

මේ ඝාතනය අසම්මත ඇසුරක් හේතුවෙන් සිදුවූවක්ද යන්න ගැනද මේ වනවිට පොලිසියේ අවධානයට යොමුව තිබේ. කවුරු කෙසේ කීවත් මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න නුදුරේදීම හෙළිවනු ඇත.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා, මාරවිල සහකාර පොලිස් අධිකාරී එස්.ඩී. ප්‍රියන්ත, වෙන්නප්පුව පොලිස් අධිකාරී අසේල උපුල්වංශ යන නිලධාරීන්ගේ උපදෙස් අනුව වෙනප්පුව පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මෙම ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍යයේ තොරතුරු පළකරමින් තිබුණා.

‘ජීවිතයේ කිසිම දවසක අගහිඟකමක් නැතිව කුමාරයෙක් වගේ හැදුණු කොල්ලෙක් සමාජයේ දකින දකින හැම කෙනා එක්කම ආශ්‍රය කළා. කෑවා බිව්වා තමන්ගේ පෞද්ගලිකත්වය බෙදාගත්තා. ඉතා කෙටි කාලයකදී අසීමිත පිරිසක් ආශ්‍රය කළා. හැමෝගේම හිත දිනාගත්තා. හැබැයි මේ සමාජය නපුරුයි. මාරයා තමන් ළඟමයි කියලා වටහා ගන්න ඔහුට නොහැකි වුණා….’

තව මිතුරෙක් පවසා තිබුණේ,
‘මල්ලි, උඹ මගේ හිතවතෙක් නොවුණත් මම උඹව කාලයක සිට දන්න කෙනෙක්. උඹගේ වෙනම ශෛලියක් දැකපු නිසා බොහොම විනෝදකාමී ජීවිතයක් උඹ ගතකළා. උඹේ වයසේ වෙන එවුන්ට වඩා රටේ ලෝකේ වෙන දේවල් ගැන දැනුවත් වුණේ, උඹේ ෆේස්බුක් ගිණුම හරහා අනෙක් අය දැනුවත් කරන්න. ඒ දේ හැම එකාටම කරන්න බැහැ. උඹ ගහන බ්‍රේකින් නිවුස් එකත් අපට වැදගත් වුණා රටේ වෙන තොරතුරු දැනගන්න. අනෙක් ඒවා කෙසේ වෙතත් උඹේ මාධ්‍ය භාවිතය පට්ටයි මල්ලි. උඹට ඒ දේ ඩිරෙක්ට් කරන්න බැරිවීම ගැන කනගාටුවක් තියෙනවා. උඹ ගැන උඹේ මුහුණු පොතේ මිසින් කියලා දැක්කාම අපි හිතුවේ විහිළුවක් කියලා. අද රෑ උඹගේ නැතිවීම දකිද්දී පුංචි කම්පනයක් එනවා. මොකද වෙනස් ආරයක කෙනෙක් මුහුණු පොත හරහා දැක්ක නිසා. මේ අකුරු ගළපන්නෙත් උඹ මේ ලෝකේ හැරගියත් උඹ වෙනුවෙන් යමක් ලියන්නම ඕනේ කියලා දැනුණු නිසා….’ යනුවෙනි.

මේ කතාව අපිට අදහා ගැනීමට අපහසුයි. මොකද මේ ව්‍යාපාරිකයාගේ මරණය කටුනේරිය ගමේ බොහෝ දෙනකු කම්පනයට පත්කරලා තිබුණු නිසා. මිතුරෙක් කියන්නේ තමන්ගේ ආදරණීයයන්ට වඩා සමීපව ප්‍රශ්න දරාගන්න, ප්‍රශ්න කතාකරන්න පුළුවන් කෙනෙක්. මවුපියන්ට වඩා තමන්ගේ හැම ප්‍රශ්නයක්ම කියලා විසඳාගන්නේ මිතුරන් සමගයි. නමුත් තමන්ගේ හොඳම මිතුරාගේ අතින්ම අවසන් ගමන් යන්නට වෙයි කියලා ශ්‍රීජිත් හීනෙකින්වත් නොසිතන්න ඇති. සැලසුම්සහගතව ඔහුව මරයි කියලා ඔහු කවදාවත් හිතන්නේ නැතුව ඇති. නමුත් කනගාටුවට කරුණ නම් ඒ අදහාගන්න බැරි දේ දැන් සිදුව අවසන් වීමයි. මෙවන් අසාමාන්‍ය දේවල් අපේ සමාජයේ අසන්නට ලැබීමත් කනගාටුවක්.

ව්‍යාපාරිකයාගේ ඝාතකයන්ට නුදුරේදීම නීතියෙන් දඬුවම් ලැබේවි. හෙට දවසේ මෙම සිදුවීම තවත් එක් ඝාතනයක්ව අපේ මතකයෙන් මැකී යාවි. නමුත් අපි එක දෙයක් තේරුම්ගත යුතුයි. අධික මුදල් අත ගැවසීම, මත්ද්‍රව්‍ය භාවිත කරමින් සුපිරි පැලැන්තියේ ජීවිත ගතකරන තරුණ පරපුරට ශ්‍රීජිත්ගේ මරණය පාඩමක් වනු ඇත. විශේෂිත කරුණ නම් අවුරුදු 15ක දරුවෙකුත් මේ සිදුවීමට ඈඳී තිබීමයි. මවුපියන් තමන්ගේ පාසල් යන වයසේ දරුවන් ගැන මීට වඩා සොයා බලනවා නම් මෙවැනි දේට ඔවුන් යොමු නොවන්නට තිබුණා. අවස්ථාවාදී මිතුරන් මේ සමාජයේ අධිකයි. ‘ඇසුර වැරදුණොත් සසරම වරදිනවා‘ කියලා කතාවක් අපි අතර තිබෙනවා. සමාජයේ ඉන්න සැබෑ මිතුරෝ කවුද හතුරෝ කවුද කියලා හඳුනාගන්න අපහසුයි. අරක්කු බෝතලේ කඩන වෙලාවට ළඟ ඉන්න යාළුවෝ සමහර වෙලාවට සේලයින් බෝතලේ කඩනකොට ළඟ නැහැ. අවසානයට කියන්න තියෙන්නේ දුකේදී සැපේදී නොවෙනස්ව ළඟ ඉන්න සැබෑ මිතුරන්ව ආශ්‍රයට තෝරගන්න කියලායි. මොකද පණ දෙන්න වගේ ළඟින් හිටියාට දැන් සමාජයේ ගොඩාක් අය කරන්නේ රඟපෑමක්. මේ සමාජයේ ඉන්න හැමෝම යාළුවෝ නෙවෙයි කියලා හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇසුරට කෙනෙක් නැත්නම් තනියම ඉන්න කියලායි. එහෙම ඉන්න එක මානසික නිදහසක්. සිඟාලෝවාද සූත්‍රයේ පවා සැබෑ මිත්‍රයෙක් ළඟ තිබිය යුතු ගුණාංග දක්වලා තියෙනවා. පාපමිත්‍රයෝ ආශ්‍රය කළොත් විපතක්ම ගෙන දෙන බවයි එහි සඳහන් වන්නේ. ඒ නිසා අපි හැමෝම පාප මිත්‍රයන්ගෙන් පරිස්සම් විය යුතුයි. සත්පුරුෂ ඇසුරටම යොමුවිය යුතුයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මෛත්‍රී තහනම් කළා! ෂාරුක් එන අලුත් කැසිනෝ එකට කව්ද ලයිසන් දුන්නේ? කැබිනට් පත්‍රිකාව කෝ? 45%ක බද්ද ගහනවද? Sri Lanka Latest News

Next Post

අලි රෝහල් හදන කතා කියලා වැඩක් නෑ! භාතියගෙන්වත් පාඩමක් ඉගෙන ගමු! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.