• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාතිය, අපිට සමාව දෙන්න පුළුවන් නම්…! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
භාතිය, අපිට සමාව දෙන්න පුළුවන් නම්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භාතිය, සමාවෙයන්. මෙච්චර දවසක් උඹ ගැන එක අකුරක්වත් නොලිව්වට. විවිධ රාජකාරි හින්දා උඹව මගහැරියට. මම හිතන්නේ උඹයි මමයි දවස් කීපයක්ම මුණගැහිලා තියෙනවා. වන්නි වනාන්තරවල අලි ඇත්තුන්ගෙ වංහුං හොයාගෙන, කැලෑවල්වල කරක්ගහපු මට, අලි ඇත්තු ගැන එහෙන් මෙහෙන් පුංචි දැනුමක් තියෙනවා. හැබැයි, මම දන්නවා, මට වඩා උඹ ගැන දන්න හුඟක් එවුන් මේ වන්නි වනාන්තර අස්සේ අදත් උඹ වෙනුවෙන් හක්කලං කරනවා. උඹේ පරම්පරාවේ උන්ව හොයනවා. උඹලා වෙනුවෙන් හඬ නගනවා. උන්ට අපි ගරු කරන්න ඕනේ. Sri Lanka Latest News

පත්තරකාරයෙක් විදියට මට ලොකු වගකීමක් තිබුණා උඹ ගැන මීට කලින් ලියන්න. ඒ කියන්නේ උඹ වැටුණේ මැයි මාසේ 23 වැනිදා. මැයි 23 වැනිදා උඹ වැටුණු බව මම දැනගත්තෙ නෑ. කොළඹ රටේ ජීවත් වෙන මට වන්නි වනාන්තර ටිකක් දුරයි. උඹ වගේ කැලේ කොළේ හක්කලං කරලා, වනාන්තරෙන් දලු අහුරක් කඩාගෙන කාලා ජීවත් වෙන්න තරම් නිදහසක් අපිට නෑ. අපි දුවන්නේ රේස් එකක්. ඒ රේස් එකේ දුවනකොට වටපිට බලන්න අමතක වෙනවා බං. ඇත්තටම වුණේ ඒක.

උඹට වෙච්ච අසාධාරණෙත් මට කොහෙන්වත් ආරංචි වුණේ නෑ. මට ආරංචි වුණා කියලා මට කරන්න පුළුවන් කෙංගෙඩියකුත් නෑ. ඒත් මගේ අතේ තියෙන එකම ආයුධය පෑන. මට පුළුවන්කම තිබුණා ඒ පෑනෙන්වත් උඹ වෙනුවෙන් මොනවා හරි කරන්න. ඒත් ඒක මම මගහැරියා. උඹ මඩ වළට වැටිලා, උඹ ඒකෙ දවස් ගානක් තිස්සේ ඔට්ටු වෙලා, උඹේ හම දියවෙලාලු කියලා කියනවා. ඒත්, මං අදයි පෑන අතට ගත්තේ. ඉතින් උඹට මොකක් හරි දෙයක් වුණොත්, ඒක දරාගන්න මට බැරි වෙයි. පත්තරකාරයෙක්ගේ වගකීම ඉෂ්ට කරන්න බැරි වෙච්ච එක ගැන. අවුරුදු ගානක් තිස්සේ දන්නා හඳුනන උඹ වෙනුවෙන් මට මේක කරන්න බැරි වෙච්ච එක ගැන.

ඇත්තටම භාතිය, අපි අලි බලන්න එන්නේ අලි මැරුණට පස්සේ. ඕක තමයි ඇත්ත. අපි දළ පූට්ටුවා බලන්න ආවේ, දළ පූට්ටුවාගේ මළගම වෙලාවේ. සියඹලන්ගමුවේ මහා හස්ති රාජයාව බලන්න ආවේ, ඌගේ මළගම වෙලාවේ. දැන් අපි උන්ගේ රූප දෙක ගාවට ගිහිල්ලා, බත් කාලා, මුත්‍රා කරලා, උන් ගැන අපේ දරුවන්ට කතන්දර කියලා දීලා, අනුරාධපුරේ යනවා. ඒත් උඹලාව ජීවත් කරවන්න කිසිම දෙයක් මටත් කරන්න බැරුව ගියා. කරන්න පුළුවන් දෙයක් නැති වුණාට, කරන්න මම උත්සාහ කළේවත් නෑ. අපි කාවන්තිස්ස හොයන්නත් ආවා. ඔය වැව් ගම්මාන අස්සේ අපි රිංගුවා. වැව් අස්සේ අලින්ගේ කතා හෙව්වා. අලි කෑ ගහන සද්දේ අපිට ඇහුණා. උඹලා ගහයි කියලා අපි බය වුණා. උඹලගේ චණ්ඩිකම් අපි දන්නවනේ. ඒත් ඉතින් අපිට උඹලගෙන් අංශු මාත්‍ර හානියක් වුණේ නෑ.

උඹලාගේ ගම් බිම් අපි හොරකම් කරලා, උඹලාගේ ගේ දොර ඉඩකඩම් ටික අපිට කියලා ලියාගෙන, උඹලා උදේ හවා ඇවිදපු පාරවල්වලට කාපට් දාලා, ඒවායේ යක්කු වගේ වේගෙන් යන වාහන යවන්නේ අපි. ඉතින් ඒ වැරැද්ද කරපු අපිට උඹලට ඇඟිල්ල දික් කරන්න බෑ. උඹලගෙත් වැරදි තියෙනවා. උඹලා මිනිස්සු මරනවා. හැබැයි උඹ දන්නවද? ඒ ගම්වල මිනිස්සු උඹලට මාර ආදරෙයි. ඒක තමයි පුදුමේ. බාප්පා, පුංචි අම්මා, දරු මුණුබුරෝ, උඹලා ගහලා මැරිච්ච මිනිස්සු, උඹව උස්සන්න අද ඇවිල්ලා ඔට්ටු වෙනවා. අඩුම තරමේ ගෙවල් පහ හයකින් එකකවත් මිනිහෙක් අලියෙක් ගහලා මැරිච්ච ගමක මිනිස්සු, උඹ වෙනුවෙන් හඬ නගනවා. උඹට කෑම අරන් එනවා. මේක තමයි බං ඇත්ත. ඒ මිනිස්සු හරි අහිංසකයි.

කතන්දරේ මේකයි. මට බැරි වෙච්ච දේ කරන්න පුළුවන් මිනිස්සු හිටියා. මේ 23 වැනිදා අලියා වැටුණට පස්සේ, අලියාගේ ලේ සාම්පලයක් ගන්නේ ජූලි මාසේ පස්වැනිදා කියලා මම දැක්කා සමාජ මාධ්‍යවල ලියලා තියෙනවා. මේ දින වකවානු ගැන අපි දන්නේ නෑ. හැබැයි, ඇත්තටම අලියෙක් 23 වැනිදා වැටිලා ඉන්නේ වන්නි වනාන්තරයක් අස්සේ කටුසර තැනක නෙමෙයි. මේ වාහන යන්න පුළුවන් තැනකයි මේ අලියා වැටිලා ඉන්නේ. එහෙම වැටිලා ඉන්න සතෙක් ගැන හොයන එකේ වගකීම වනජීවී එකට නැද්ද? එහෙම නැත්නම් වනජීවී එකෙන් කරන්නේ මොන වගේ රස්සාවක්ද? වනජීවී එකේ වගකීම මොකක්ද කියලා අපි අහන්නේ දන්නේ නැති හින්දා. දන්න කෙනෙක් කියන්න. අලි පරිස්සම් කරන එක වනජීවී එකේ රාජකාරිය නෙමෙයි නම් සමාවෙන්න. අලියෙක් වැටුණට පස්සේ කියන්න ඕනේ කාටද කියලත් අපිව දැනුවත් කරන්න. අපි ලබන සතියේ පත්තරේ ලියන්නම් අලියෙක් වැටිලා නම්, අලියෙක්ට කරදරයක් වෙලා නම්, මෙන්න මේගොල්ලන්ට කියන්න, මේගොල්ලෝ ඒකට ප්‍රතිකාර කරයි කියලා.

අපේ ගෙවල්වල බෙහෙත් හේත් නෑනේ මහත්තයෝ. අලියෙක්ට ප්‍රතිකාර කරන්න දැනුමකුත් නෑනේ. අලියෙක්ට ප්‍රතිකාර කරනවා කියලා කියන්නේ මේ මුවෙකුට, ගෝනෙකුට, මීමින්නෙකුට ප්‍රතිකාර කරනවා වගේත් නෙමෙයිනේ. අපේ ගෙදරක පූසෙක්, බල්ලෙක් ලෙඩ වුණාම නම් අපි ඕක වාහනේක, බයිසිකලේක දාගෙන පශු වෛද්‍යවරයෙක් ගාවට අරන් ගිහිල්ලා බෙහෙත් ටිකක් කරලා ගෙදර ගේනවා. අලියෙක්ට ඔය සෙල්ලම කරන්න බෑනේ.

අපි අහලා තියෙන විදිහට, මේ සතා දවස් හතරක් තිස්සේ වතුරේ වැටිලා ඉඳිමින්, නැගිටිමින් උත්සාහ කරා කොහොම හරි තමන්ගේ පණ රැකගන්න. ඒත් වනජීවී දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් වෙච්ච ලබ්බක් නෑ කියලා බොහෝ දෙනෙක් කියනවා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි කවුරු හරි කෙනෙක් මැදිහත් වුණා නම් මේ අලියාව බේරගන්න තිබුණා. හැබැයි පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු කණ්ඩායම දැන් ඇතා ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම, පශු වෛද්‍ය තරිඳු විජයකෝන් මහතාත් ඊට අවශ්‍ය බොහෝ කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. ඒ දෙගොල්ලන්ටම අපි හිස නමා ආචාර කරනවා. සැලියුට් කියලා කියනවා. ස්තුතියි කියලා කියනවා. මේ ඇතා පරිස්සම් කරගන්න මොකක් හරි දෙයක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් නම් කරන්න.

අපිට භාතියට කතා කරන්න ඕනේ. භාතිය එක්ක ආයෙත් හිනා වෙන්න ඕනේ. භාතියගේ පින්තූර ගන්න ඕනේ. භාතිය කියන්නේ මේ රටට වටින සම්පතක්. ඒක තමයි ඇත්ත. හැබැයි භාතියගේ ප්‍රශ්නේදී නම් ආණ්ඩුව ටිකක් බැණුම් ඇහුවා. ඒක හරි සාධාරණයි. මොකද වනජීවී ඇමැතිතුමාට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන හිතන්න වගකීමක් පවරන්නේ නෑනේ කවුරුවත්. වනජීවී ඇමැතිතුමාට ඛනිජ තෙල් ගැන හොයන්න පවරන්නේ නෑනේ. වනජීවී ඇමැතිතුමාට අධිකරණය ගැනවත්, මහා මාර්ග ගැනවත්, විදුලි බලය ගැනවත් හොයන්න කියලා කවුරුත් පවරන්නේ නෑ කියලා අපි හිතන්නේ. එතුමාගේ වගකීම තමයි මේ වගේ දේවල්. එතුමාට මේ අලියාව කරේ තියාගෙන ගෙදර ගේන්න බෑ කියලා අපි දන්නවා. හැබැයි එතුමාලා කතා කරන්න ගියාම නම් කියන්නේ අලියා ගෙදර ගෙනල්ලා ගෙදර ඇඳේ තියාගෙන බෙහෙත් කරන්න පුළුවන් මට්ටමේ කතන්දර. ඇත්ත කතාව, අලියාට බෙහෙත් කරන්න එතුමාට බෑ. එතුමා දන්න ලබ්බක් නෑ. අපි දන්න ලබ්බක් නෑ වගේම එතුමා දන්න ලබ්බකුත් නෑ. හැබැයි එතුමාට සම්බන්ධතා ටිකක් තියෙනවා. එතුමාගේ එක දුරකතන ඇමතුමකට ක්‍රියාත්මක වෙන්න කණ්ඩායමක් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා, ඇතා ගාව දණ ගහගෙන, ඈතින් ඉඳන් ෆොටෝ එකක් ගහලා, ඒක සමාජ මාධ්‍යයේ පළකරන එක නෙමෙයි වෙන්නේ. කලින් ආණ්ඩුවලත් ඔය සෙල්ලම ඔය විදිහටම කළා.

අවුරුදු ගානක් තිස්සේ අලි මිනිස්සුන්ව මරනවා, මිනිස්සු අලින්ව මරනවා. අලි නිසා මිනිස්සු මැරෙනවා, මිනිස්සු නිසා අලි මැරෙනවා. මේ සෙල්ලම ලේසි පහසු දෙයක් නෙමෙයි. ලංකාව කියලා කියන්නේ සංචාරක කර්මාන්තයෙන් යන්තම් පණ ගැටගහගන්න රටක්. ඒ නිසා අලියා බේරගන්න නම් හුඟාක් අවස්ථා ඔය මහත්තුරුන්ට, නෝනලට තිබුණා. අපි දන්නේ නෑ දැන් ඒක කරන්න පුළුවන් වෙයිද කියලා. අපි විශ්වාස කරනවා ජය ශ්‍රී මහා බෝධියේ පිහිටෙන්, රුවන්වැලි මහා සෑයේ පිහිටෙන්, කවුරුහරි වන්නි වනාන්තරවලට අධිගෘහිත දෙවි කෙනෙක්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා, මේ ඇතාට ආයෙත් පණ ඒවි යැයි කියලා.

දැන් මේ වෙද්දී ඇතාගේ සිලම්බුව අඩිය ගැලවිලා ගිහිල්ලා. ඇතාට ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන තත්ත්වයට ඇතා පත්වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් ඇතාට වේදනා නාශක ලබාදීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මේ ඇතාට නිසි ආහාරයක් නැති නිසා, උගේ ශරීරය වැහැරිලා තියෙන්නේ. දැන් ඌට කකුල් හතරෙන් හිටගන්න බෑ. එකක් ඇත්තටම මේ ඇතාගේ කකුලක ප්‍රශ්නයක් තියෙනවා. මේක කාලයක් තිස්සේ දැනගෙන හිටපු කතන්දරයක්. ඇතෙකුගේ කකුලකට හානියක් වෙන්නේ කටු ඇනිලා නෙමෙයි. බොහෝ වෙලාවට වෙඩි තියලා. ඕක තමයි ඇත්තම කතාව. මේ අලියාගේ පාදයේ රෝගය හොඳ කරගෙන, අලියාව නැගිට්ටවලා, අලියට ප්‍රතිකාර කරන්න මේ අයට පුළුවන්. ඒ අපි විශ්වාස කරනවා. ඒ වගේම භාතියව නැගිට්ටවන්න අවශ්‍ය කරන රථවාහන සඳහා රුපියල් 60,000ක මුදලක් ලබාදීලා තියෙන්නේ කුරුණෑගල අස්ලිය විදෙස් රැකියා ආයතනයෙන් කියලා සමාජ මාධ්‍යයක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තරිඳු විජයකෝන් මහත්තයා පෞද්ගලික මැදිහත්වීම් මත, එතුමාගේ හිතවත්කම් මත, එතුමාගේ යාළු මිත්‍රයන් හරහා අවශ්‍ය ඖෂධ සහ වෙනත් ආහාරපාන මේ වනවිට ලබාදෙමින් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ප්‍රදේශවාසීනුත් තමන්ට පුළුවන් විදියට මේ ඇතාව හොඳ කරගන්න උත්සාහ කරනවා.

භාතියව අපි ගොඩදාගමු. භාතියව ගොඩදාගන්න එක ගැන සමාජ මාධ්‍යයක අපූරු කතාවක් මම දැක්කා දාලා තියෙනවා. ඔහු කියලා තිබුණා, මේ ඔයාලා දන්නේ භාතිය කියන නමක් දාපු අලියා විතරයි. මේ විදිහට නමක් නොදාපු අලි ඇත්තු ඕනෙ තරම් වන්නි වනාන්තරවල, වැව් ගම්මාන අස්සේ මේ විදියට මැරිලා යනවා. පොළොවට පස් වෙලා යනවා. ඇටකටු ටික විතරක් හම්බවෙනවා. එතකොට මහත්වරුනි, නෝනාවරුනි, අපි අහන්නේ, අලි රකින එක කාගෙ වැඩක්ද?

පත්තරකාරයෝ වෙච්ච අපිට පුළුවනි ලියන්න. අපිට තියෙනවා පෑනක්. වනජීවී එකට තියෙනවා ඊට අවශ්‍ය කරන උපකරණ. වන සංරක්ෂණයට තියෙනවා අවශ්‍ය උපකරණ. පශු වෛද්‍ය ඒකකවලට තියෙනවා අවශ්‍ය කරන උපකරණ. ඒගොල්ලෝ නේද මේගොල්ලන්ව පරිස්සම් කරන්න ඕනේ? ලංකාවේ ඉන්න අලි ටික ඔක්කොම මැරුණට පස්සේ, අර අනුරාධපුර පාරේ හදලා තියෙන, සියඹලන්ගමුවේ ඇතාගෙයි දළ පූට්ටුවාගෙයි පින්තූර දෙක ළමයින්ට පෙන්නලා, මේන් මෙහෙම සත්තු ජාතියක් ලංකාවේ හිටියාය කියලා, ඩයිනෝසිරස්ලා වඳවෙලා ගියා වගේ කයිකතන්දර කියලා, එන සුද්දන්ටත් පාරේ හදපු අලියෙක් පෙන්වලා අත පිහදාගන්නවද? නැත්නම් මේ අලි ටික රැකගන්නවත් අඩුම තරමේ, වනජීවී ඇමැතිතුමා ඇතුළු කණ්ඩායමට නැණනුවණ පහළ වේවිද කියලා අපි බලාගෙන ඉමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කන්ටේනර් ගෙන්වපු සමාගම් 65 මොනවද? අයිතිකාරයෝ 7 දෙනා කවුද?කන්ටේනර් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න… දැන් නම් නාට්‍ය බලන්න වෙලාවක් නෑ! සමහරු චිත්‍ර අඳිනවා! සමහරු ගල් බඳිනවා! සමහරු වැලි හලනවා! සමහරු බැකෝ පදිනවා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.