• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්ටේනර් ගෙන්වපු සමාගම් 65 මොනවද? අයිතිකාරයෝ 7 දෙනා කවුද?කන්ටේනර් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය පුරා සමාගම් 65ක් කිසිදු පරීක්ෂාවකින් තොරව රේගුවෙන් කන්ටේනර් නිදහස් කරගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය. පසුගිය 06 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් ජයගොඩ මහතා දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

මෙතැන බරපතළම ප්‍රශ්නය තමයි, 18 වැනිදා තමයි කමිටුව තීරණයක් ගන්නේ බහාලුම් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කරන්න. හැබැයි කලින් දවසේ, 18 වැනිදාත් දෙකක් නිදහස් කරලා. ඉතින් කමිටුව තීරණයක් ගන්නත් කලින් කොහොමද කන්ටේනර් දෙකක් නිදහස් කළේ? මේක ආණ්ඩුවත් හංගනවා, විපක්ෂෙත් මේක ගැන කතාකරන්නේ නෑ. මේ 16 වැනි පිටුවේ 9 වැනි කරුණ විදියට තියෙන එක. මේකෙ කියනවා,

‘භෞතික පරීක්ෂාවකින් තොරව රතු ලේබල් සහිත ඉහළ අවදානමක් ඇති බහාලුම්, ඉහත සඳහන් කළ කමිටුව මගින් නිදහස් කිරීමේ ක්‍රියාවලියේදී, 2025 ජනවාරි 18 වැනි දින නිදහස් කළ, බහාලුම් 309 ආනයනය කළ ආනයනකරුවන් 65 දෙනකු, ඊට පෙර බහාලුම් නිදහස් කළ වාර 13 තුළද කිසියම් හෝ අවස්ථාවක අන්තර්ගත වී ඇති බව නිරීක්ෂණය වේ.’

ඒ කියන්නේ මෙතැන කම්පැනි 65ක් තියෙනවා. ඒ කම්පැනි 65 බඩු පරීක්ෂා නොකර එළියට දානවා. මේ සැරේ විතරක් නෙවෙයි, කලිනුත් පරීක්ෂා නොකර එළියට දාලා තියෙනවා. ඉතින් වෙන අයගේ නෙමෙයි, මේ කොම්පැනි 65ම තමයි එළියට දාන්නේ.

අපි දන්න තොරතුරු අනුව නම් මේ කොම්පැනි 65 කිව්වට, මේ 65 අයිතිකාරයෝ ඉන්නේ හත් අට දෙනයි. ඒකෙනුත් තුන්දෙනෙක් ඉන්නවා, අපි අනිවාර්යයෙන් මේ සම්බන්ධව නිල විස්තර වාර්තා ඉල්ලනවා තොරතුරු දැනගැනීමේ පනතෙන්, මේකෙ බහාලුම්වලින් 80%ක් විතරම තුන්දෙනෙක්ගේ. ඒ තුන්දෙනා කලිනුත් ලංකාවට විවිධ අහිතකර දේවල් කළා කියලා චෝදනා ලබපු තුන්දෙනෙක්. මේ වාර්තාවෙත් කියනවා, දැන් ඒක අහන්නේ නෑනේ විපක්ෂයවත්. ඒකට ඔක්කොමලා එකතුයි.
ප්‍රාදේශීය සභා හදද්දී සමගි ජන බලවේගයයි, පොහොට්ටුවයි, එක්සත් ජාතික පක්ෂයයි ඔක්කෝම එකට එකතු වෙලා වැඩ කළේ. ඒ විදිහට මේකෙදිත් එකට එකතු වෙලා වැඩකරනවා කියලා තමයි පේන්නේ. දැන් මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපතිකම ගත්තා එන්පීපී එක, උපසභාපතිකම ගත්තා පොහොට්ටුව සොරතොට ප්‍රාදේශීය සභාවේ. වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය එකට එකතු වෙලා ලස්සනට වැඩ කළා. එක්සත් ජාතික පක්ෂයේ දෙන්නා පූර්ණ සහයෝගය දුන්නා ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ බලය හදද්දී. දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය උදව් කළා. ඔහොමනේ. දැන් ඒ ප්‍රාදේශීය සභාවලදී මේගොල්ලෝ එකතු වෙලා වැඩ කළා. පේන විදිහට කන්ටේනර් සිද්ධියේදීත් එකට එකතු වෙලා වැඩ කරනවා. එකට එකතු වෙලා වැඩ කරන්නේ මෙහෙමයි, කොම්පැනිකාරයෝ ටික නිදහස් කරන්න ඔක්කොමලා එකඟයි.
මේ ආණ්ඩුව වුණත් හැම තිස්සෙම සමාගම්කරුවන්ව නිදහස් කළානේ. ලොකු ධනපතියෝ, ලොකු ජාවාරම්කාරයෝ ටික නිදහස් කළා. හැම තිස්සෙම සිහිපත් කරේ දේශපාලනඥයා. දේශපාලනඥයා හොරා කිව්වා. දැන් විපක්ෂෙත් එහෙමයි. විපක්ෂයෙත් කියන්නේ ඇමැති හොරා කියලා. ඇමැති හොරා කියනවා මිසක, හැමදාම පරීක්ෂා නොකර කන්ටේනර් එළියට ගත්ත 65 කවුද, කොම්පැනි 65 කවුද කියන එක ගැන ප්‍රශ්න කරන්නේ නෑ.

එතකොට මේකේ නිශ්චිතවම කියනවා, ‘බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේදී ඇතැම් ආනයනකරුවන්ගේ බහාලුම් කිහිප වරක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා තෝරාගැනීම අහඹු සිදුවීමක්ද? එසේ නැතහොත් එම ආනයනකරුවන් වෙනුවෙන් විශේෂ අනුග්‍රහයක් දැක්වූවාද යන්න තහවුරු කරගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නොමැති අතර, බහාලුම් නිදහස් කිරීමේ කමිටුව විසින්ද අදාළ බහාලුම් නිදහස් කිරීම සඳහා තෝරාගත් පදනම නිශ්චිතව දක්වා නොමැත.’

මෙතැන තමයි රහස තියෙන්නේ. බහාලුම් ගොඩක් ගොඩ ගැහිලා තියෙද්දී තදබදය අඩුකරන්න කියලා 309ක් නිදහස් කරන්න තීරණය කරනවා. ඒ 309 තෝරාගත්තේ කවර පදනම යටතේද කියලා කමිටුව කියන්නේ නෑ. ඒ 309 ගත්තට පස්සේ, ඒ කොම්පැනි මීට කලිනුත් පරීක්ෂා නොකර නිදහස් කරලා තියෙනවා.‘ රතු ලේබල් සහිත ඉහළ අවදානමක් සහිත බහාලුම් ආනයනය කළ ආනයනකරුවන් සම්බන්ධයෙන් වන පෙර වැරදි පිළිබඳ තොරතුරු විමර්ශනයට ලබාදී නොමැත.’

දැන් මේ කොම්පැනි 65 තියෙනවනේ, කොම්පැනි 65 කිව්වට මම කිව්වේ හත් අට දෙනෙක් ඉන්නේ අයිතිකාරයෝ කියලා. ඒ හත් අට දෙනා මීට කලින් කරලා තියෙන ජාවාරම් ගැන කිසිදු තොරතුරක් කමිටුවට දීලා නෑ. ඒ ගැන හොයලත් නෑ.

මෙතැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. විශාල අක්‍රමිකතාවක් වෙලා කියන එක පැහැදිලියි. ලොකු ධනපතියෝ කීප දෙනෙක් එකතු වෙලා, එක්කෝ ලංකාවේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළලා තියෙනවා. නැත්නම් ලංකාවේ මහජන සෞඛ්‍යය අවදානමේ හෙළන විදිහට, රසායනික අපද්‍රව්‍ය වගේ දේවල් ලංකාව ඇතුළට ගෙනල්ලා තියෙනවා. රසායනික අපද්‍රව්‍ය වගේ දේවල්. එහෙමත් නැතිනම්, ආනයනය සීමාකරනු ලැබූ භාණ්ඩ හංගලා ගෙනල්ලා බදුවල අතිදැවැන්ත වංචාවක් කරලා තියෙනවා. විශාල බදු වංචාවක් කරලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ, සාමාන්‍ය ජනතාව සීනි 250ටයි, ලූනු 500ටයි, සබන් කැටේටයි, බයිසිකල් කටුවට ගහන පෙට්‍රල් ලීටරේටයි, මේ හැම එකටම අධික ලෙස බදු ගෙවද්දී, ධනකුවේරයෝ ටිකක් විශාල බදු වංචාවක් කරලා තියෙනවා කියලා ඉතා පැහැදිලියි.

ඒ විතරක් නෙවෙයි මේකේ වැදගත්ම එක තමයි, මේකේ 17 වැනි පිටුවේ කියනවා මේ කමිටුව,
අර තදබදයත් කෘත්‍රිමව හදපු එකක්ද කියලා සැකයි කියලා. කමිටුව කියනවා, එක පැත්තකින් තදබදය කෘත්‍රිමව හදපු එකක්ද කියලා සැකයි. දෙවැනි එක, මේ තදබදය තිබියදීම පවා මේ ජාතියේ අවදානම් වැඩ නොකර, සාමාන්‍ය පටිපාටියෙන් ගිහිල්ලා තදබදය මගහරවා ගැනීමේ අවස්ථා තිබ්බා කියලා, ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා කියලා.

Front Line Socialist Party

SendShareShare
Previous Post

ඇතුළේ කඹ ඇදිලි ඇතුළේ ගැටුම් ඇතුළේ මතභේද ඇතුළේ කටකතා! ජවිපෙ මාලිමාව හයිජැක් කරලද? හරිනි එක්ක තියෙන ගැටුම මොකක්ද? චීන ගමනෙන් අනුර පිලේ අය හැලුවද? චීන කොමියුනිස්ට් පක්ෂය එක්ක ගහපු ගිවිසුම මොකක්ද? ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම හංගන්නේ ඇයි? හොරු කියපු අයත් එක්ක එකතු වුණේ කොහොමද? Sri Lanka Latest News

Next Post

භාතිය, අපිට සමාව දෙන්න පුළුවන් නම්…! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.