• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය දැන් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා! මහමොළකරුවන් අල්ලන්න නම් මේ පියවර 6 අනුගමනය කරන්න! ජනාධිපතිවරණයට පෙර කාදිනල් හිමියනුත් එකඟ වූ වැඩපිළිවෙළ සජිත් අද පාර්ලිමේන්තුවේදී මාලිමා ආණ්ඩුවට ඉදිරිපත් කරයි! එදත් අදත් හෙටත් අපි සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා! VIDEO I Sri Lanka Latest News

July 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඡන්දය කටමුල තියා කාදිනල් හිමියන් හා සජිත් අතර අදත් විශේෂ සාකච්ඡාවක්! පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන යළිත් ප්‍රතිඥාවක්! මහමොළකරුවන් සොයා තරාතිරම නොබලා දඬුවම් දෙනවා! වින්දිතයන්ට සහනත් දෙනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය පිළිබඳව අවස්ථා ගණනාවක දී පුළුල් ලෙස සාකච්ඡා කර කරුණු ඉදිරිපත් කළ බවත් 2021, 2023, 2024 වාද විවාද හරහා 27 (2) ප්‍රශ්න හරහා කරුණු රාශියක් ඉදිරිපත් කර ඇති බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයා ගැනීම සඳහා ඒ ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් හෝ මහමොළකරු සොයා ගැනීමට නම් මීට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් තොරතුරු කරුණු කාරණා ගැන පුළූල් ලෙස සාකච්ඡා කර ඇති මුත් වැදගත් වන්නේ සත්‍ය සොයා ගැනීමේ පැහැදිලි ක්‍රමවේදය හා වැඩපිළිවෙළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

2024 අප්‍රේල් මාසයේ තමා සහ සමගි ජන බලවේගයේ නීති විද්වත් කණ්ඩායම කාදිනල් හිමියන් හමු වී පියවර 6ක් ගැන සාකච්ඡා කර එම පියවර 6 ගැන පාර්ලිමේන්තුව පවා දැනුවත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එම පියවර ලෙස

01- විශේෂ විමර්ශන කොමිෂමක් ස්ථාපිත කිරීම. 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවැනි වගන්තිය තුළ 7 හෝ 9ක් ඇතුළත් කොමිෂන් සභාවක් ස්ථාපිත කළ හැකි අතර ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය විනිසුරුවන් ද ඇතුළත් වන ජාත්‍යන්තර විශේෂඥයන් ද එකතු වන කොමිෂන් සභාවක් ඇති කළ යුතු ය.

02- ස්ථිර විමර්ෂණ කාර්යාලයක් ස්ථාපිත කිරීම. එනම් පරීක්ෂණ කටයුතු නිවැරදිව නිර්ව්‍යාජව සත්‍යවාදීව ක්‍රියාත්මක කරන්න විමර්ෂණ කාර්යාලයක් අවශ්‍ය වීම.

03- මෙම විමර්ෂණ කාර්යාලයේ වැඩ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වීම.

04- නීතිපතිවරයා විසින් අපරාධ නඩු පැවරීම.

05- මේ වැඩපිළිවෙළ තුළ විශේෂ අධිකරණයක් පිහිටුවීම.

06- රාජ්‍ය අධිචෝදක කාර්යාලයක් පිහිටුවීම.

මේ පියවර ගැන අතිඋතුම් කාදිනල් හිමියන් ද එකඟ වී ඇති නිසා එය පාර්ලිමේන්තුවේ සභාගත කළත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වරම නොලැබුණු නිසා නැවත වරක් මෙම යෝජනා 6 ඉදිරිපත් කරන බවත් මේ සම්පූර්ණ වැඩපිළිවෙළ මේ මොහොත වන විට දේශපාලනීකරණය වී ඇති බවත් සත්‍ය සොයා ගැනීම අවශ්‍ය බවත් 2021, 2022, 2023 සහ 2024 පාර්ලිමේන්තුවේ සභාව කල් තබා ගැනීමේ යෝජනා 27 (2) ප්‍රශ්න ඇහුවේ සත්‍ය සොයන්න බවත් අද දවසේ ද අරමුණ එය බැවින් මේ පියවර ගැන අවධානය යොමු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයේදී අදහස් දක්වමිනි

සත්‍ය සොයා යන්න තවදුරටත් බාධා කරන්න එපා

පසුගිය කාලයේ සත්‍ය සොයා ගැනීමේ වැඩපිළිවෙළට බාධා රැසක් පැමිණ බවත් නිලධාරින් මාරු කිරීම, පළිගැනීම්වලට ලක් කිරිම, නිලධාරින් සිරගත කිරීම ආදිය සිදු කළේ මේ පාස්කු ප්‍රහාරයට මුල් වූ සත්‍ය සොයා ගැනීම අවහිර කිරීමට බවත් එම නිසා දේශපාලනය, පළිගැනීම් පසෙකලා අවංකව, පිරිසුදුව, නිර්ව්‍යාජව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් මේ වැඩපිළිවෙළ ගැන රටේ විශ්වාසනීයත්වයක් පිළිගැනීමක් අවශ්‍ය නිසා විශේෂ විමර්ශන කොමිෂන් සභාවට දේශීය මෙන්ම විදේශීය විනිසුරුවන්ද සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එමෙන්ම ස්ථිර විමර්ෂණ කාර්යාලය ක්‍රියාත්මක වන විට ස්කොට්ලන්ඩ් යාර්ඩ් එෆ්.බී.අයි. වැනි ආයතනවල සහයෝගය ලබා ගෙන සත්‍ය සොයා ගැනීමේ කාර්යය සාර්ථක කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සියලු කතෝලික ජනතාවට යුක්තිය ඉටු කරන්න

මේ විමර්ෂණ කටයුතු ගැන පැහැදිලි විසඳුමක් තවමත් නොමැති නිසා අද වන විට මේ ඛේදවාචකය නිසා විපතට පත් කතෝලික ප්‍රජාව, සමස්ත ජනතාව විශාල සැකයකින් සිටිනා බවත් කාදිනල් හිමිපාණන් පවා යුක්තිගරුක හා සාධාරණ සංඥාවක් රජයෙන් ලැබුණොත් ඒ ගැන සතුටු වන නමුත් එසේ නොවන්නේ නම් නැවත වරක් පාරට බැසීමට සිදුවන බවට ප්‍රකාශ කර ඇති බවත් මේ රජය බලයට පත් කළේ ක්‍රමවේදය වෙනස් කිරීමට බවත් එම ක්‍රමවේදය වෙනස් කළ නොහැකි නම් නැවත වරක් සිතන බවට කාදිනල් හිමිපාණන් පවා ප්‍රකාශ කර ඇති බවත් පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර සාධාරණත්වයක් හිමි නොවුවහොත් කතෝලික ජනතාව විරෝධය ප්‍රකාශ කරන බවට සදහන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදත් අදත් හෙටත් අපි සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා

එබැවින් සත්‍ය සොයා ගැනීම කඩිනම් කළ යුතු බවත් තමාටම තම පියා අහිමි වූයේ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා බැවින් තමාද ත්‍රස්ත ප්‍රහාරයට දැඩි ව විරුද්ධ බවත් මේ ඛේදවාචකයට මුල් වූ සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතු බවත් මේ සම්බන්ධ විමර්ෂණ විවිධ නිලධාරීන් ක්‍රියාත්මක කරන විට ඔවුන්ට බලපෑම් කරන විට හිරේ දමන විට සත්‍ය සොයා බැලීමේ විමර්ෂණ වෙනුවෙන් සියලු දෙනාම සත්‍ය වෙනුවෙන් පෙනී සිටි බවත් එදත් අදත් හෙටත් මේ සත්‍ය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් සත්‍ය ජය ගන්න නිවැරදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න රජයට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන අලුත් හෙළිදරව්වක්! පිල්ලෙයාන් කලින් දැනගෙන සිටි බව මහජන ආරක්ෂක ඇමැති විජේපාල පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රට ගොඩදාන්න අනුර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉලක්කයක් දෙයි! වැඩපිළිවෙළත් ඉදිරිපත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Load More
“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

රාජ්‍ය සේවයේත්, රාජ්‍ය සේවාවට සම්බන්ධයක් ඇති වෙනත් සේවාවලත්, රාජ්‍ය සේවයට සම්බන්ධතා නැති දේශපාලන සම්බන්ධතා ඇති බොහෝ දෙනාද ලේකම් තනතුරුවලට පෙම්...

Read more
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.