• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ මන්ත්‍රී ජගත් විතාන පාර්ලිමේන්තුවේ ‘සැලරි ස්ලිප්’ එක ෆේස්බුක් දැමීමෙන් ජංජාලයක් වෙලා! රුපියල් 327,713.92ක් වෙච්ච පඩියෙන් ආදායම් බදු විදිහට කපාගෙන තියෙන්නේ රුපියල් 3,728.53යි! දෙවිදියකට ටැක්ස් කැපීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට යකා නැගලා! I Sri Lanka Latest News

July 9, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
සජබ මන්ත්‍රී ජගත් විතාන පාර්ලිමේන්තුවේ ‘සැලරි ස්ලිප්’ එක ෆේස්බුක් දැමීමෙන් ජංජාලයක් වෙලා! රුපියල් 327,713.92ක් වෙච්ච පඩියෙන් ආදායම් බදු විදිහට කපාගෙන තියෙන්නේ රුපියල් 3,728.53යි! දෙවිදියකට ටැක්ස් කැපීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට යකා නැගලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන වැටුප සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News

ඒ, කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය ෆේස්බුක් පිටුවෙහි සිය වැටුප් පත්‍රිකා කිහිපයක් පළකිරීමත් සමග ය.

‘ඇත්ත ඇති සැටියෙන්’ යන සටහනත් සමග ජගත් විතාන මන්ත්‍රීවරයා පළ කර තිබූ සිය මන්ත්‍රී වැටුප් පත්‍රිකාවලට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා තමන්ට ලැබුණු වැටුප, අදාළ දීමනා සහ බදු අය කර ගැනීම් එහි දක්නට ලැබේ.

එහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ කරුණක් වන්නේ, මන්ත්‍රීවරුන්ගේ වැටුපට අදාළව අය කෙරෙන උපයන විට බදු අය කර ගැනීමේ ප්‍රමාණය යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය මන්ත්‍රී වැටුප් පිලිබඳව පළකර තිබු සමාජ මාධ්‍ය සටහන

බදු විෂමතාවක්?

මන්ත්‍රීවරුන්ගේ වැටුප් සඳහා අය කෙරෙන උපයන විට බද්ද සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබිණි.

“මන්ත්‍රීවරුන් උපයන විට ගෙවන බද්දෙන් නිදහස් ද? නැත්නම් මේ ගණනය කර තිබෙන්නේ APIT (අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද) එක නම්, එය නිවැරදි ද?” යනුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ජයලත් අත්තනායක ෆේස්බුක්හි සටහන් කර තිබිණි.

අප්‍රේල් මාසයේදී සිදුකරන ලද බදු සංශෝධනය අනුව සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 03ක වැටුප් ලබන පුද්ගලයෙකු සිය අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද ලෙස දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත මාසිකව රුපියල් 20,000ක් ගෙවිය යුතු අතර, ඊට පෙර බදු ලෙස මාසිකව රුපියල් 36,000කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබිණි.

කෙසේ වෙතත්, ජගත් විතාන මන්ත්‍රීවරයාගේ වැටුප් පත්‍රිකාව අනුව, 2025 මැයි මාසයේ ඔහුගේ වැටුප රු. 327,713.92ක් වන අතර, ආදායම් බදු ලෙස අය කරගෙන ඇත්තේ, රු. 3,728.53ක් පමණි.

  • Sri Lanka Parliament and Jagath Witharana's Facebook post.

''මන්ත්‍රීවරුන් උපයන විට ගෙවන බද්දෙන් නිදහස්ද? නැත්නම් මේ ගණනය කර තිබෙන්නේ APIT (අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද) එක නම්, එය නිවැරැදිද?'' ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් එලෙස ප්‍රශ්න කර තිබිණි.

‘මන්ත්‍රීවරුන්ගෙන් අය කරන බදු අඩුවීම විශාල ගැටලුවක් වෙලා’

මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් පත්‍රිකාවේ ඔවුන්ගෙන් අය කරන බදු මුදල අඩු අගයකින් සඳහන්ව තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ගැටලුසහගත තත්ත්වයක් මතු කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ ය.

“මෑත කාලයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණු විශේෂ සටහනක් තිබුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප් පත්‍රිකාවක්. ඒ වැටුප් පත්‍රිකාව ගත්ත ම ගොඩක් දෙනා බලන්න ඇත්තේ මන්ත්‍රීවරයෙකු කොපමණ මුදලක් වැටුපක් විදිහට ගන්නව ද කියලා. අපි සාමාන්‍යයෙන් කිව්වේ උපයන විට බද්දකට ගෙවීමට යටත් වෙනවා. නමුත් දැන් අපි ඒකට කියන්නේ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද කියලා.”

“දැන් ඔය ඉන්කම් ටැක්ස් එක මන්ත්‍රීවරුන්ගෙන් කොච්චරක් අඩු කරලා තිබුණා ද කියලා බැලුව ම අපිට පෙනී ගිය කරුණක් තමයි, ඒ වැටුපෙන් අඩු කරලා තියෙන බදු අනුපාතය ඉතා ම අවමයි කියන එක. සාමාන්‍යයෙන් ලක්ෂ 03ක විතරක් ආදායමක් ලබන මන්ත්‍රීවරයෙක් මාසිකව අවම වශයෙන් රුපියල් 20,000ක් වගේ බද්දකට යටත් වෙන්න ඕන. නමුත් අද අපි දකින දේ තමයි මන්ත්‍රීවරයෙකුගේ බදු අඩුවෙලා තියෙන්නේ රුපියල් 4,000-5,000ත් අතර ගාණක්. ඒ නිසා විශාල ගැටලුවක් තියෙනවා කොහොම ද මන්ත්‍රීවරුන් මෙච්චර අඩු ටැක්ස් එකකට යටත් වුණේ කියලා.”

“සමහරක් විට ඔවුන්ගේ සමහර දීමනා බදුවලින් ඉවත් කරලා ඇති. නමුත් ආදායම් බදු පනතට අනුව නම් මන්ත්‍රීවරයෙක් උපයන සියලු ම ආදායම්, බද්දට යටත් වෙන්න ඕන. ඊළඟ ගැටලුව තමයි මන්ත්‍රීවරුන් වසර අවසානයේදී බදු ගෙවනවා නම් ඒ බදු ගෙවද්දී තමන් කලින් ගෙවපු බදු අඩු කර ගන්න පුළුවන්. එතකොට කලින් බදු අඩුවෙන් ගෙවලා තියෙනව නම් වසර අවසානයේදී මන්ත්‍රීවරුන්ට විශාල අදායම් බද්දක් ගෙවීමට යටත් වෙන්න වෙනවා.”

“මන්ත්‍රීවරුන් ඔක්කොට ම බදු ලිපිගොනු තියෙන්න ඕන මේ ලබන වැටුපත් එක්ක. එතකොට ඔවුන් ඔක්කොට ම වසර අවසානයේදී විශාල බදු මුදලක් ගෙවන්න වෙනවා දැන් අඩුවෙන් නම් බද්ද ගෙවන්නේ,” මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

මන්ත්‍රීවරුන් අඩුවෙන් බදු ගෙවන්නේ ඇයි?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති වැටුප් පත්‍රිකාවට අදාළව සඳහන් වී ඇති බදු අය කිරීම අවම ගණනකට යටත්ව ඇති හේතුව කුමක් ද? යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය.

එහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නම හෙළි කිරීමට අකැමැත්ත පළ කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, මීට වසර දෙකකට පමණ ඉහතදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව රාජ්‍ය සේවකයින්ගේ දීමනා ආදිය සඳහා බදු අය කිරීමේදී යම් ප්‍රතිශතයන් සඳහා සීමාවන් පැනවීමක් සිදුකර ඇති බව ය.

“මේ මන්ත්‍රීවරයාගේ වැටුප් පත්‍රිකාව අනුව ඒකෙ දුරකතන, ප්‍රවාහන සහ සහ ඉන්ධන වෙනුවෙන් දීමනාවන් ලබා දීලා තියෙනවා. 2023 අවුරුද්දේ අප්‍රේල් 06 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සේවා නියුක්තික ආදායම් ගණනයේදී ප්‍රතිලාභ සඳහා ඇතැම් මුදල් ප්‍රමාණයන් ප්‍රමාණනය කිරීම කියලා.”

“ඒකෙ 03 වෙනි සහ 04 වෙනි අයිතම්වලදී පිළිවෙළින් දැනුම් දීලා තියෙනවා ඉන්ධන සහ වාහන සඳහා වෙන් කරන මුදලින් සියයට 25ක් විතරයි බද්දට යටතේ වෙන්නේ කියලා. එතැනින් සියයට 75ක් බද්දට යටත් වෙන්නේ නැහැ.”

“මේ අයවත් පාර්ලිමේන්තු සේවකයින් කියල යි ගණන් ගන්නේ. මේ මන්ත්‍රීවරුන් සේවා නියුක්තිකයෙක් විදිහට ඔවුන්ගේ රාජකාරී සඳහා වන ගමන් වියදම් රාජකාරී සඳහා කරන වියදම් ගණනය කරන්නේ රාජකාරී අවශ්‍යතා වෙනුවෙන්.”

“එතකොට මේ මන්ත්‍රීවරයාගේ වැටුපේදී ඉන්ධන, ප්‍රවාහන වගේ ම දුරකතන දීමනා එකතු කරලා බැලුව ම ලක්ෂ 02කට අධික මුදලක් තියෙනවා. එතකොට ඒ මුළු මුදලෙන් 25%කට වගේ තමයි බදු අය කිරීම සිදුකරලා තියෙන්නේ පෙනෙන විදිහට.”

“ඒ වගේ ම මේ බදු සහනය රජයේ සේවකයින්ට විතරක් නෙමෙයි, පෞද්ගලික අංශයේ අයටත් සහන තියෙනවා මේ චක්‍රලේඛය ඔස්සේ,” එම නිලධාරියා පැවසුවේ ය.

පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපට අදාළව බදු අය කිරීම සම්බන්ධයෙන් සාමාජයේ ඇති වී තිබෙන කතාබහ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බීබීසී සිංහල පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ප්‍රධානියාගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු කියා සිටියේ, තොරතුරු දැන ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසීමක් සිදුකරන ලෙස ය.

ඒ අනුව, බීබීසී සිංහල සේවය අදාළ තොරතුරු ඉල්ලා අයැදුම් පතක් යොමු කර ඇති අතර එම තොරතුරු ලැබීමෙන් අනතුරුව එය පළ කිරීමට පියවර ගනු ඇත.

BBC සන්දේශය

SendShareShare
Previous Post

Green Walk 2025 : ඉසිපතනයේ අනාගතය වෙනුවෙන් ඓතිහාසික පියවරක්! Sri Lanka Latest News

Next Post

අනිච්ඡාවත සංඛාරා! කන්ටේනර් ගෙන්වපු එවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නෑ! ඒ ගැන රටට හෙළිකරපු අයගෙන් ප්‍රශ්න කරනවා! කැකිල්ලේ තීන්දු! කන්ටේනර් වාර්තාවත් අරන් විමල් CIDයට යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.