• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හංගගෙන හිටපු කන්ටේනර් 309 වාර්තාව මුජිබර් එළියට දමයි! Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුව හංගගෙන හිටපු කන්ටේනර් 309 වාර්තාව මුජිබර් එළියට දමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති බහාලුම් 300කට අධික ප්‍රමාණයක් නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් මුදාහැරීමේ සිද්ධියට අදාළ රේගු කමිටු වාර්තා කිහිපයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ මේ ආකාරයටයි. Sri Lanka Latest News

ඔබතුමාලා වාර්තා කිසිවක් එළියට දාන්නේ නෑනේ. දැන් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම එළියට ආවෙත් නෑ. චීනේ එක්ක ගහපු ගිවිසුම එළියට එන්නෙත් නෑ. ඔක්කොම ගිවිසුම් ටික අර ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙට්ටියේ දාලා වහලා තියාගෙන ඉන්නවා. දැන් ඒ හින්දා අපිට සිද්ධ වෙනවා ඔබතුමාලාගේ කාර්යභාරය කරන්න. මොකද ඔබතුමාලා ආණ්ඩු පක්ෂය හැටියට ඔබතුමාලාගේ ජනාධිපතිතුමාට දෙන වාර්තාවල් පාර්ලිමේන්තුවට දාන්නේ නෑ. රටේ ජනතාව දැනගන්න ඕනේ මේ 323ට මොකද වුණේ කියලා.

දැන් මේ වාර්තාවේ කරුණු ගණනාවක් හෙළිදරව් කරලා තියෙනවා. ඒ කරුණුවලින් නිරීක්ෂණ කියන කාරණාව යටතේ පැහැදිලිවම එතුමන්ලා කියනවා, අවදානම් කළමනාකරණත්වය යටතේ රේගුවේ රතු ලේබල් කියලා වර්ගයක් තියෙනවා, කහ ලේබල් කියලා වර්ගයක් තිබෙනවා, කොළ ලේබල් කියලා බහාලුම් වර්ගයක් තිබෙනවා. එතකොට මේ රතු ලේබල් කියලා කියන්නේ, ඒ රතු ලේබල් එක ගැහුවම භෞතික පරීක්ෂාවට හා ඊළඟුට ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒ රතු ලේබල් කන්ටේනර්. කහ ලේබල් කියන කන්ටේනර් වර්ගය සාම්පල් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ, ස්කෑන් පරීක්ෂාවටත් ලක් කරන්න ඕනේ. ඊළඟට අර කොළ ලේබල් කියලා කියන බහාලුම් වර්ගය, ඒක ඩොකියුමන්ට් විතරක් පරීක්ෂා කරලා යවන්න පුළුවන්. ඒකෙදි භෞතික පරීක්ෂාව අවශ්‍යත් නෑ, ස්කෑන් පරීක්ෂාව අවශ්‍යත් නෑ. මේක තමයි රේගුවේ විශේෂයෙන්ම අවදානම් කළමනාකරණ සම්බන්ධව ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය.

මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන එක තමයි දැන් මේ පරීක්ෂණ වාර්තාව තුළ හෙළිදරව් වෙලා තිබෙන්නේ. එතකොට මේ පරීක්ෂණ වාර්තාව දිහා බලනකොට අපිට පේනවා, විශේෂයෙන්ම හයවැනි පිටුවේ තුන්වැනි ඡේදයේ තියෙනවා, මේ වාර්තා කමිටුව කියනවා ‘ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තුළ බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය මෙම අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් වර්ගීකරණය සිදු කරන ආකාරය අනුව තීරණය කරනු ලබයි. එනම් රතු ලෙස පද්ධතිය මගින් නම්කරන බහාලුම්, භෞතික හා ස්කෑන් පරීක්ෂාවන්ට යොමුකරන අතර, කහ ලෙස වර්ගීකරණය වන බහාලුම් සාම්පල් පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂාවක්ද, කොළ ලෙස වර්ගීකරණය වන බහාලුම් භෞතික හෝ ස්කෑන් පරීක්ෂාවකින් තොරව ලියවිලි පරීක්ෂා මත පමණක් සිදුකරනු ලබයි.’ මේ වාර්තාවේ කියලා තියෙන දේ. ඒ මම කියපු දේ ඒගොල්ලෝ කියලා තියෙනවා.

දැන් මේකේ ඊළඟ කාරණාවට ගියාම පිටු අංක හතේ දෙවැනි ඡේදයේ රේගු ආඥා පනතේ දෙවැනි වගන්තිය, ‘The Director General of Customs shall throughout Sri Lanka have the general superintendents of all the matters relating to the customs වශයෙන් සඳහන් වේ. කෙසේ නමුත් රේගු ආඥා පනතේ මෙම වගන්තිය කිසිදු අවස්ථාවකදී රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ ජාතික ආරක්ෂාව යන ව්‍යතිරේකයක් ලෙස සඳහන් කර නොමැති නිසා භෞතික පරීක්ෂාවකින් තොරව රතු ලෙසින් හඳුනාගන්නා ලද බහාලුම් නිදහස් කිරීම නිවැරදි තීරණයක් නොවන්නේය…’. කවුද මේ කියන්නේ? ජනාධිපතිතුමා පත්කළ කමිටුව.

ඊළඟට අපි යමු, පිටු අංක 10ට. පිටු අංක 10 සඳහන් වෙනවා, ‘රේගු ජනරාල්, රේගු අධ්‍යක්ෂක ජනරාල් විසින් රේගු පරිශ්‍රය තුළ උද්ගත වූ බහාලුම් තදබදය සමනය කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව තුළ නීත්‍යනුකූලව ස්ථාපිත කර තිබූ අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් හඳුනාගන්නා ලද ඉහළ අවදානමක් සහිත, එනම් රතු ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට ලබාදුන් නියෝගය අනුව පත්කළ කමිටුවක් මගින් බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය මගින්….’ ඒ කියන්නේ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා කමිටුවක් පත්කරලා තියෙනවා. එයා කමිටුවක් පත්කරලා ඒ කමිටුවට බලය දීලා තියෙනවා මේ රතු කන්ටේනර්ස් නිදහස් කිරීම සම්බන්ධව, ඒගොල්ලෝ මේවා පරීක්ෂා කරලා කරන්න කියලා. ඒකෙදි, අපි බැලුවොත් එහෙම, ‘විශේෂයෙන්ම බහාලුම් තදබදය නැති කිරීමේ යහපත් චේතනාවෙන් මෙම නිදහස් කිරීම සිදුකළ බව පැවැසුවත් එමගින් පිළිගත් ක්‍රියාපටිපාටිවලින් අපගමනයක් සිදුවී ඇති බව….’ එතකොට මේ කවුද කියන්නේ? මේ කමිටුව කියනවා අපගමනයක් සිදුවෙලා තියෙනවා මේ බහාලුම් පිට කිරීමේදී කියලා. තදබදය නැති කිරීමේ යහපත් චේතනාවක් තියෙන්න පුළුවන්. නමුත් මේක තුළ යම්කිසි ආකාරයේ දූෂණයක් සිදුවෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා.

ප්‍රස්තුත ගැටලුව වූයේ රේගුව පත්කළ කමිටුවක් විසින් බහාලුම් 323ක් නිදහස් කිරීම වුවත් සත්‍ය වශයෙන්ම කමිටුව විසින් 2025 ජනවාරි 18 වැනි දින නිදහස් කළ බහාලුම් ප්‍රමාණය 309යි. මාධ්‍යවල 323ක් කියලා කිව්වට ඇත්තටම නිදහස් කරලා තියෙන්නේ 309යි.

ඊළඟට පිටු අංක 12. දැන් මේකෙදි මේ කවුද? අ, රේගු අධ්‍යක්ෂතුමා පත්කරලා තියෙනවා කමිටුවක්. මේ කමිටුව තමයි තීන්දු කරන්නේ මේ රෙඩ් ලේබල් කන්ටේනර්ස් ටික නිදහස් කිරීම සම්බන්ධව. ඒකෙදි, පිටු අංක 12, අංක දෙකේදී මේ කමිටුව කියනවා, ‘අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ ලිඛිත ප්‍රකාශය අනුව, නිලධාරීන් තිදෙනෙක්ගෙන් යුතු කමිටුවක් ඉහතින් සඳහන් කළ රතු ලේබල් සහිත ඉහළ අවදානම් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා ඔහු විසින් නිර්දේශ කර අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතිය මත එය කළ බවත්. එම කමිටුවේ අධීක්ෂණ කටයුතු ඔහු විසින් සිදුකළ බවත් ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලද්දේ කමිටුවේ වගකීමකින් හා පාරදෘශ්‍යභාවයකින් කටයුතු කිරීම සඳහා නිලධාරීන් තිදෙනෙක් සහ එම කමිටුවේ කටයුතු අධීක්ෂණයේ වගකීම තමා විසින් බාරගත් බවත්, එමගින් භාණ්ඩ නිදහස් කිරීම සඳහා තීරණ ගැනීමේදී අවම වශයෙන් නිලධාරීන් දෙදෙනකුගේ සහභාගීත්වයක් ලබාගැනීම අපේක්ෂා කළ බවයි….’ ඒ කියන්නේ එතුමා කියනවා, එතුමා තුන් දෙනෙක්ගේ කමිටුවක් පත්කළා, ඒ කමිටුවේ අධීක්ෂණය කිරීමේ වගකීම එතුමා බාරගත්තා, අඩුම ගානේ ඒ කමිටුවේ දෙන්නෙක් ඉන්න ඕනේ මේ කාර්යභාරය කරන්න කියලා එතුමා ප්‍රකාශයට පත්කරලා තිබෙනවා, මේ තිබෙන ජනාධිපතිතුමා පත්කළ කමිටුවට.

එතකොට ඔවුන් සොයාගෙන යනකොට ‘එසේ වුවද, ප්‍රශස්ත බහාලුම් 309 නිදහස් කිරීම සිදුකළ, එනම් 2025 ජනවාරි 18 වැනි දින රැස්වූ කමිටුව සඳහා සහභාගි වී ඇත්තේ එක් කමිටු සාමාජිකයකු පමණයි….’ තුන් දෙනෙක් ඉන්න ඕනේ, අඩුම ගානේ දෙන්නෙක් රැස්වෙන්න ඕනේ. එතකොට මේක නිදහස් කරන්න එක කමිටු සාමාජිකයයි ඉඳලා තියෙන්නේ. ඊළඟට එතුමා කියනවා, ‘එනම්, එස්.ඒ.ටී. යූ.බී. සුරවීර මහතා පමණි. කමිටුවේ අධ්‍යක්ෂ නිලධාරියා ලෙස කටයුතු කළ සීවලී අරුක්ගොඩ මහතාද එදින බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සඳහා සහභාගි වී ඇති අතර ඒ අනුව බහාලුම් නිදහස් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනෙකු සහභාගි වුවද, සීවලී අරුක්ගොඩ මහතා එම කමිටුවේ අධීක්ෂණ නිලධාරියා වන බැවින්, ඔහු බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම තුළින් බහාලුම් නිදහස් කිරීමේ අධීක්ෂණ කාර්යය සිදුවී නොමැති අතර, එදින රැස්වූ එනම් 2028 ජනවාරි 18 කමිටුවේ කාර්යභාරය කිසිදු නිලධාරියකුගේ අධීක්ෂණයට ලක්වී නොමැත…’ ඒ කියන්නේ දැන් මේ අධීක්ෂකතුමාත් මේ කමිටුවේ සාමාජිකයෙක් හැටියට ගිහිල්ලා තියෙනවා මේ බහාලුම් නිදහස් කරන්න. එයාට එහෙම බලයකුත් නෑ. එයා ඉඳලා තියෙන්නේ මේක අධීක්ෂණය කරන්න. එතකොට කමිටුවේ තුන් දෙනෙක් පත් කළාම, කමිටුවේ ඉඳලා තියෙන්නේ එක්කෙනයි. දෙන්නෙක් ඉන්න ඕනේ. දෙවැනියා කොහොමද යන්නේ? ඒ කියන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මේක අධීක්ෂණය කරන එතුමාත් ගිහිල්ලා දෙවැනියා හැටියට කමිටුවේ වාඩිවෙලා තියෙනවා. වාඩිවෙලා, ඒගොල්ලෝ තමයි මේවා නිදහස් කරලා තියෙන්නේ. එතකොට මේ කමිටුව කියනවා මේක නීති විරෝධීයි කියලා.

ඊළඟ කාරණාව තමයි, පිටු අංක 13. ඒකේ තියෙනවා, ‘2025 ජනවාරි 18 වැනි දින රැස්වූ බහාලුම් 309 නිදහස් කිරීමේදී පහත සඳහන් පරිදි අනුමත කාර්යභාරයන් හා නිර්ණායකවලින් බැහැරව කමිටුව විසින් ක්‍රියාකර ඇති බව නිරීක්ෂණය වේ…’ ඒ කියන්නේ, ඒ අනුමත කරපු කාර්යභාරයෙන් ඒගොල්ලෝ එළියට ගිහිල්ලා වැඩ කරලා තියෙනවා කියලා නිරීක්ෂණය වෙනවා.

‘කමිටුව සඳහා බලය ලබාදී තිබුණේ අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් රතු ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් ස්කෑන් පරීක්ෂාවකින් පසු භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා නැවත මාර්ගගත කිරීමටයි. නමුත් කමිටුව විසින් කහ ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් 158ක් ද නිදහස් කර තිබිණි…’ මේ කමිටුවට බලය තිබුණේ රතු කන්ටේනර් නිදහස් කරන්න විතරයි. කහ කන්ටේනර් නිදහස් කරන්න බලය දීලා තිබුණේ නෑ. නමුත් මොකක්ද කමිටුව කරලා තියෙන්නේ? ඒ කියන්නේ කහ කන්ටේනර්ස් කියලා හඳුනා ගත්ත ඒවා අනිවාර්යයෙන්ම ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ, සාම්පල් චෙක් කරන්න ඕනේ. අන්න ඒ වර්ගයේ තියෙන කන්ටේනර් 158ක් මේ කමිටුව මගින් ඒගොල්ලෝ නිදහස් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට අයිති නැති දෙයක් කරලත් තියෙනවා. කමිටුව පත්කරන්නේ රතු අවදානම් සහිත ඒවා නිදහස් කිරීම පිළිබඳ තීන්දුව ගන්න. නමුත් කමිටුව ඒගොල්ලන්ට අයිති නැති කහ ලේබල් එක ගහපු 158ක් නිදහස් කරලා තියෙනවා.

ඊළඟට, අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් රතු ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් නිදහස් කිරීමට ප්‍රථම ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු වුවත් රතු ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් 151 අතරින් බහාලුම් 37ක් ස්කෑන් කරලා නෑ. ඒ කියන්නේ අඩුම ගානේ මේවා නිදහස් කරනකොට ස්කෑන් කරන්න ඕනේ කියලා තියෙනවා. 151ක්. ඒ 151න් 37ක් ස්කෑන් කරන්නේ නැතුව නිදහස් කරලා තියෙනවා. ඉතින් මේක තමයි සැකය. ඉතින් මෙහෙම කළාම ඒ සැකය සාධාරණ නැද්ද? තමුන්නාන්සේලාට කියන්න පුළුවන්ද මේ සැකය අසාධාරණයි කියලා?

එතකොට 37ක් ස්කෑන් කරලා යවන්න තියෙනවා. අපිට පේනවා 37ක් ස්කෑන් කරලා නෑ. ‘විශේෂයෙන්ම භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කරන රතු වර්ගීකරණය යටතේ වූ ඉහළ අවදානම් සහිත බහාලුම් අවම වශයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් එකී බහාලුම්වල අවදානම් සහිත භාණ්ඩ නොතිබුණු බවට ලබාගත යුතු තිබූ අවම තහවුරු කිරීමද මෙම ස්කෑන් පරීක්ෂාව සිදු නොකිරීම හේතුවෙන් මගහැරී ඇත….’ ඒ කියන්නේ ස්කෑන් කළා නම් අඩුම ගානේ අවදානම් ඒවා තියෙනවායි කියලා හරි හඳුනා ගන්න තිබුණා. එතකොට ස්කෑන් කරන්නේ නැතුව යවලා තියෙන්නේ. ‘එමෙන්න ඉහත කී පරිදි ස්කෑන් කරන ලද බහාලුම් සම්බන්ධයෙන් එකී ස්කෑන් ක්‍රියාවලිය සිදුකළ නිලධාරීන් විසින් තබා තිබූ සටහන නිරීක්ෂා කිරීමේදී ඇතැම් බහාලුම්වල විවිධ වර්ගයේ සහ සමානත්වයෙන් වෙනස් භාණ්ඩ නිරීක්ෂණ වන බැවින් එහි බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය හා ප්‍රමාණය තහවුරු කරගැනීම සඳහා භෞතික පරීක්ෂාවක් සිදුකළ යුතු බව සටහන් කර තිබුණා….’

ඒ කියන්නේ මේවා පරීක්ෂා කරලා යවනකොට ඒ ස්කෑන් කරපු නිලධාරීන් සටහනක් දාලා තිබුණා, අනිවාර්යයෙන්ම මේක භෞතික පරීක්ෂාවට ලක් කරන්න කියලා ඒ නිලධාරීන් දාලා තිබුණා. එහෙම නිලධාරීන් සටහන දාලා තියෙද්දි තමයි මේ බහාලුම් ටික එළියට ගිහිල්ලා තියෙන්නේ.

පා.ම. මුජිබර් රහුමාන්

SendShareShare
Previous Post

මහේෂිටත් වුණේ සාෆිට වෙච්ච දේද? Sri Lanka Latest News

Next Post

ෂාරුක් ලංකාවට එන්නේ කැසිනෝ එකක් ප්‍රවර්ධනය කරන්නද? Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.