• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාරුක් ලංකාවට එන්නේ කැසිනෝ එකක් ප්‍රවර්ධනය කරන්නද? Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ෂාරුක් ලංකාවට එන්නේ කැසිනෝ එකක් ප්‍රවර්ධනය කරන්නද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර විපක්ෂයේ සිටියදී ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂ්ණන් බාලේන්ද්‍රව දැඩිව විවේචනය කළේය. එයට හේතු වූයේ කොළඹ වරායේ බටහිර පර්යන්තය ඔහුගේ කොම්පැනියට භාරදීම සම්බන්ධයෙනි. එහෙත් අනුර ජනාධිපති අපේක්ෂකයා වූ පසු ජෝන් කීල්ස් සභාපති අනුරගේ ව්‍යාපාරික කටයුතුවලට සහභාගි විය. අනුර ජනාධිපති වූ පසු ඔහු සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් නියෝජනය කරමින් අනුර සමග සමීප සබඳතාවක් ගොඩනගා ගත්තේය. ජෝන් කීල්ස් සමාගම චීනයේ නිෂ්පාදිත BYD වාහන ලංකාවට ගෙන්වන්නාය. මේ වනවිට ලංකාවේ විශාල වශයෙන් අලෙවි වන වාහනය බවට පත්ව ඇත්තේ BYD. ජපාන සහ ඉන්දීය වාහන අභිභවා ඉදිරියට එමින් තිබේ. එසේම ජෝන් කීල්ස් කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන්නේ ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන අදානි සමගය. අනුර කුමාර වරක් චෝදනා කළේ ජෝන් කීල්ස් සහ අදානිට බටහිර පර්යන්තය ලබාදුන්නේ ජෝන් කීල්ස් සභාපතිවරයාට ඥාති වන හිටපු ඇමැති සහ හිටපු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩගේ මැදිහත් වීමෙන් කියාය. පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් මිලින්ද මොරගොඩගේය. පසුගියදා එහි පැවැති සම්මන්ත්‍රණයකට අගමැති හරිනිට ආරාධනා කර තිබුණත් ඇය පැමිණියේ නැත.
ජෝන් කීල්ස් ආයතනයේ නවතම ව්‍යාපෘතිය සිටි ඔෆ් ඩී්‍රම්ස් කැසිනෝ ව්‍යාපෘතියය. පසුගියදා මාලිමා ආණ්ඩුව කැසිනෝ සඳහා භාවිත කරන ඇතැම් මැෂින්වල තහනම ඉවත් කරනු ලැබීය. අලුත්ම ආරංචි මාර්ග කියන්නේ සිටි ඔෆ් ඩී්‍රම්ස් කැසිනෝ ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් සහභාගි වීමට නියමිත බවය. Sri Lanka Latest News

2004දී එවක සංචාරක ඇමැති අනුර බණ්ඩාරනායකගේ ආරාධනයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ෂාරුක් ඛාන් ලංකාවට පැමිණියේය. දහස් සංඛ්‍යාත ජනතාවක් එයට සහභාගි වූහ. එහෙත් නොසිතූ දෙයක් සිදුවිය. ෂාරුක් ඛාන් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ෂාරුක් ඛාන්ට හානියක් සිදු නොවීය. ෂාරුක් ඛාන්ට බෝම්බ ප්‍රහාරය එල්ල කළේ සිංහල අන්තවාදී පිරිසකි. බෝම්බ ප්‍රහාරයට ජාතික හෙළ උරුමය වගකිව යුතු බවට ආණ්ඩුව චෝදනා කළේය.

ඉන් වසර 20කට පමණ පසු ෂාරුක් ඛාන් යළිත් ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව තහවුරු වී තිබේ. ජෝන් කීල්ස් සමාගම මෙම කැසිනෝ ව්‍යාපෘතිය කරන්නේ ඉන්දීය සමාගමක් සමග හවුල් වෙලාය. ෂාරුක් ඛාන්ගේ ලංකා සංචාරය සම්බන්ධීකරණය කරන්නේ ඉන්දීය සමාගම විය යුතුය.

ෂාරුක් ඛාන් 2004 ලංකාවට එන විට ලංකාව පාලනය කළේ ශ්‍රීලනිප-ජවිපෙ හවුල් ආණ්ඩුවකි. ඒ ආණ්ඩුවේ අනුර කුමාර දිසානායක, වත්මන් විදේශ ඇමැති විජිත හේරත් ප්‍රබල ඇමැතිවරු වූහ. අද ෂාරුක් ඛාන් ලංකාවට එනවා නම් ඔහු එන්නේ අනුර කුමාර ජනාධිපතිව සිටියදී ජවිපෙ ආණ්ඩුවක් රට පාලනය කරද්දීය. 2015 ජනාධිපතිවරණය මැද තවත් ඉන්දීය සුපිරි නළුවෙක් වූ සල්මන් ඛාන් ලංකාවට ආවේය. ඒ, මහින්දට වක්‍රව සහාය පළ කිරීමටය. එහෙත් මහින්ද විශාල මුදලක් වැයකොට සල්මන්ව ගෙන ආ බවට විපක්ෂය චෝදනා කළ නිසා එය මහින්දට අවාසියක් විය. ෂාරුක්ගේ සංචාරය ලංකාවේ ජනතාව කෙලෙස පිළිගනීදැයි කිව නොහැකිය.

SendShareShare
Previous Post

ආණ්ඩුව හංගගෙන හිටපු කන්ටේනර් 309 වාර්තාව මුජිබර් එළියට දමයි! Sri Lanka Latest News

Next Post

බමුණු කුලය බිඳවැටීම-බණ්ඩාරනායක-රණසිංහ ප්‍රේමදාස සහ හඳුන්නෙත්ති! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.