මෙයට වසර 43කට පෙර, එනම් 1982 වසරේදී අප රටේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්ව යාමේ දැඩි අනතුරක් මතුව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. Sri Lanka Latest News
සීගිරිය ආසන්නයේ සිදුව ඇති අනවසර ඉදිකිරීම් 124ක පමණ ප්‍රමාණයක් මෙම තත්ත්වයට බලපා ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඓතිහාසික සීගිරිය කලාපයේ දැනට සිදුව ඇති අනවසර ඉදිකිරීම් පිළිබඳ දැනටමත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවද, ඇතැම් ඉදිකිරීම් පිළිබඳ සාකච්ඡා ආරම්භ වී තිබෙන බවද මේ පිළිබඳ කළ කරුණු විමසීමකදී මධ්‍යම පළාත් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විරාජ් බාලසූරිය මහතා සඳහන් කළේය.
ඒ හැර මෙම ලෝක උරුම කලාපයේ අනවසරව නව ඉදිකිරීමක් සිදුකෙරෙන්නේ නම් ඊට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද ඒ මහතා කීවේය.
එසේම ලෝක උරුම සීගිරි පව්වේ පිට දිය අගලේ සිට සංවේදී යාර 200ක කලාපය හා රක්ෂිත යාර 400ක කලාපයේ මින් පසු කිසිම ඉදිකිරීමකට ඉඩ නොදෙන බවද හෙතෙම වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකාවේ සීගිරිය ලෝක උරුමයක් බවට යුනෙස්කෝ ආයතනය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 1982 වසරේදීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










