උතුරේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) දින නැගෙනහිර ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් මඩකලපුවට පැමිණියේය.
එහිදී ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් ඉකුත් රජයේ නිවාස අමාත්‍යවරයා වශයෙන් ගම් උදා 22ක් මඩකලපුවේ ඇති කළ බවකි.
එමෙන්ම ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය ඇතුලු සියලු කර්මාන්ත වර්ධනය කිරීම සදහා කැබිනට් ඇමැතිකමක් මඩකලපුවට ලබා දෙන බවද ප්‍රේමදාස මහතා කීය.
මීට අමතරව සියලු ජාතීන් අතර සංහිදියාව ඇතිකරමින් රට සංවර්ධනය කරන බවද ඒ මහතා කීය.










