හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් සාවද්‍ය පුවතක් පළ කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, මල්වතු මහා විහාරයේ, උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබේ.
අදාළ පුවතේ සඳහන් පරිදි කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර, එවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.










