• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් අලුත් කරන්න අනුර-බිමල් ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා එසේම, මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.Sri Lanka Latest News

රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩුවලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවද පැවසීය.

එසේම මහජන දේපළ සොරකමට සමාජයක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීතියට යටත් විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිනකට රිය අනතුරුවලින් අට දෙනකු පමණ මිය යන බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන බවයි. ඒ අනුව ශක්තිමත් මාර්ග නීති පද්ධතියක අවශ්‍යතාව පැහදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාර්ග තදබදය වළක්වා ගැනීමට, විෂ වායු විමෝචනය අවම කර ගනිමින් පාරිසරික හානිය අවම කර ගැනීමට සහ වාහන ආනයනය වෙනුවෙන් රජය දරන අධික වැය බර අඩු කර ගැනීම සදහා පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය, දියුණු, පහසුකම් සහිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා රජයෙන් සිදු කරන ආයෝජනවලට අමතරව, පෞද්ගලික අංශයටද ආයෝජන අවස්ථා විවර කර තිබෙන බව පැවසීය.

ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවයකින් සන්නාමගත කිරිමට රජය සමඟ එක් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පෞද්ගලික අංශයට ආරාධනා කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම (The Road Safety Action Plane 2025 – 2026) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙහිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේ විශේෂයෙන් මාර්ග තදබදය නිසා පමණක් වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයට 2%-3% අතර ප්‍රමාණයක් අහිමි වන බවයි. 2012 වසරෙන් පමණ පසු ජනතාව විශාල වශයෙන් පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් සිටින අතර ඒ අනුව අනාගතයේදී පිට්ටනි තරම් පාරවල් හැදුවත් ප්‍රවාහන ගැටලු සම්පූර්ණයෙන්ම
නොවිසඳෙන බැවින් ඒ වෙනුවට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම අද අනිවාර්ය වී ඇති බවයි.

ඒ වෙනුවෙන් ඉදිරියේදී සිය අමාත්‍යාංශය කොට්ටාව සිට අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගය සහ අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා නව දුම්රිය මාර්ග ඉදිකිරීම, භාණ්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය සේවා යොදා ගැනීමට අදාළ පහසුකම් සංවර්ධන කිරීම, දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී සංචාරක කර්මාන්තය සදහා දැනට අතහැර ඇති නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය පුද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීම මෙන්ම ඉදිරි අයවැයෙන් නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව පැවසීය.

එම්.අයි.සී.ඩී ඇසෝසියේට්ස් සම නිර්මාතෘ සහ ප්‍රධාන වාස්තු විද්‍යාඥ මුරාල් ඉස්මයිල් මහතා විසින් මෙහිදී දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරන ලදී. එසේම, ජාතික විද්වත් සංවිධානය (NIO) වෙනුවෙන් වරලත් ඉංජිනේරු එම්.එම්.එස් මොරේමඩ මහතා මරදාන, මීරිගම හා මොරටුව දුම්රිය ස්ථානවල ක්‍රියාත්මක වූ නියමු ව්‍යාපෘතිවල අත්දැකීම් පැහැදිලි කළ අතර, අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික මාර්ගෝපදේශන සැපයීම සඳහා තම සංවිධානයේ සහාය ස්වේච්ඡාවෙන් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

මෙයට සමගාමීව, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග විශාල ප්‍රමාණයක්(429) පවතින බවත්, ඒයින් ප්‍රධාන වශයෙන් 134ක් පළමු වටයේදී ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම මගින් අනතුරු අඩු කරගත හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (සංඥා හා විදුලි සංදේශ) වී.සී.ඊ ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

‘Dream Destination’ වැඩසටහන පිළිබඳව රැස්ව සිටි පිරිස සමග අදහස් හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කෙරුණු අතර ඔවුන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම සදහා වන මාර්ගගත ක්‍රමවේදය හදුන්වා දීමද සිදු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, මෘදුකාංග ඉංජිනේරු සුමුදු රත්නායක යන මහත්වරු සහ පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් හා ආයතන රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-06-28

SendShareShare
Previous Post

මහින්ද අමරවීරගේ කෘෂිකර්ම ඇමැතිකම් කිරිල්ල මෙන්න හොඳට බලාගන්න! අමුඅමුවේ ගොවියෝ අමාරුවේ දාලා! VIDEO I Sri Lanka Latest News

Next Post

එක්කෙනෙක් පේෂල් කරනවා! ඒ අස්සෙ සංගීතෙ නටනවා! තව කෙනෙක් සින්දු කියනවා! සමහර අය බයිලා කියනවා! අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා පොඩි හාමුදුරුවනේ ! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.