• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්කෙනෙක් පේෂල් කරනවා! ඒ අස්සෙ සංගීතෙ නටනවා! තව කෙනෙක් සින්දු කියනවා! සමහර අය බයිලා කියනවා! අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා පොඩි හාමුදුරුවනේ ! Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
එක්කෙනෙක් පේෂල් කරනවා! ඒ අස්සෙ සංගීතෙ නටනවා! තව කෙනෙක් සින්දු කියනවා! සමහර අය බයිලා කියනවා! අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා පොඩි හාමුදුරුවනේ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
අනේ අපේ කොටුවෙ පොඩි සාදු. හරි ෂෝක්. කාලයක් තිස්සේ අපේ බුදු සසුන ආරක්ෂා කරමින් මේ ශාසනයට උන්වහන්සේ කරන සේවය අනුපමේයයි. ඇත්තටම බුදු සසුන කියලා කියන්නේ ගෞරවයෙන්, ආදරයෙන්, සෙනෙහසින් වැළඳගත්තු එකක් නිසා, මේ වගේ අය ඉන්නකොට ඒකටත් පොඩි ආතල් එකක් දීලා පොඩි කොමිටල් එකක් කරලා මේක පවත්වාගෙන යන්න පුළුවන්. Sri Lanka Latest News

අපි දැක්කා පහුගිය කාලේ එක හාමුදුරු කෙනෙක් වස්තිලගේ වීඩියෝ එකකට පෙනී ඉන්නවා. සිවුර පිටින් රඟපානවා. හරි ෂෝක්. ඒකේ රඟපාන්න ෆාදර් කෙනෙක් හොයාගන්න බැරුව ගියාම, කවුරු හරි කොල්ලෙක්ට ෆාදර් කෙනෙක්ගේ ඇඳුමක් අන්දලා ඒකාව ඒකට ගන්නවා. පොසොන් පෝය දවසේ කුඩුගැහීම කියලා වීඩියෝ එකකට පෙනීහිටපු ඒ හාමුදුරුවන්ටත් අපේ ගෞරවය. ඔබ වහන්සේත් හරි ෂෝක්. කොටුවෙ හාමුදුරුවොත් හරි ෂෝක්. කාගම හාමුදුරුවොත් හරි ෂෝක්. අපි මේ කාටවත් බණිනවා නෙමෙයි. ඒගොල්ලො හරි ෂෝක්. දැන් කොටුවෙ හාමුදුරුවෝ ලස්සනට ඉන්නවා. ෆේෂල් එකක් කරනවා. පහුගිය දවසක වීඩියෝ එකකුත් එළියට දාලා.
මේ බුද්ධ ශාසනය දැන් හරිම ආතල් ශාසනයක් බවට පත්වෙලා. උන්නු ගමන් එක්කෙනෙක් ඇවිල්ලා ගිටාර් ගගහා සින්දු කියනවා. තව එකෙක් ගංජා ගහනවා. තව එකෙක් තමන්ගේ පවුල ගැන, තමන්ගේ බිරිය ගැන, තමන්ගේ පෙම්වතිය ගැන වීඩියෝ එකකට පෙනී හිටිනවා. තව ගොල්ලො කියනවා බුදුවෙලා කියලා. විශ්ව බුද්ධ, අර බුද්ධ, මේ බුද්ධ කියලා නම් දාගෙන. බුදු හාමුදුරුවෝ හිටියා නම් සංසාරේ කලකිරිලා, ආයෙත් පාරක් ගිහි ගෙයින් නික්මෙන එක වෙනුවට පන්සලෙන් නික්මිලා ගිහිගෙට යනවා. මොන මඟුලක්ද මේ වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරුව මිහිඳු හාමුදුරුවෝ අසරණ වෙනවා. මිහිඳු හාමුදුරුවෝ මිහින්තලාවට වැඩම කරන්න කලින් ආපහු පැනලා දුවනවා ඉන්දියාවට. ආයේ එන්නේ නෑ පැත්ත පළාතක. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ දුන්න අරන් කැලේ දුව දුව ඉඳලා, මේ වගේ එකෙක් හම්බවුණා නම් විදින්නේ මුවාට නෙමෙයි මුන්දැට. ඒකට හේතුව. මුන්දැලා මොනවා කරනවද කියලා අපි දන්නේ නෑ.

කොහොම වුණත් කොටුවෙ හාමුදුරුවෝ පහුගිය දවසක ෆේෂල් එකක් කරනවා. ෆේෂල් එකක් කරලා කරන දෙයක් රහසින් කරගෙන හිටියා නම් ඉවරයි. අපි දැක්කා පහුගිය කාලේ ජිම් එකට ගියපු හාමුදුරු කෙනෙක්. තව තැනක දැක්කා සංගීතෙකට ගිහිල්ලා නටන හාමුදුරු කෙනෙක්. ලැජ්ජාවයි බයයි කියන එකත් නැතිවෙලා, අඩියක් පුඩියක් ගහලා සූර් වුණාට පස්සේ මිනිස්සු නම් සාමාන්‍යයෙන් ඕනෙ ගොන් වැඩක් කරනවා, ඕන බලු වැඩක් කරනවා. ශාසනේ ඉන්න උන්දැලාට එහෙම කරන්න බෑ. ඒකට හේතුව උන්වහන්සේලාට වගකීම් පද්ධතියක් තියෙනවා, යුතුකම් පද්ධතියක් තියෙනවා, නීතිරීති පද්ධතියක් තියෙනවා. මේ සියල්ලෙන්ම උන්වහන්සේලා වටවෙලා ඉන්නේ. ඒකට හේතුව, හිතුවක්කාර විදියට වැඩ කරන්න බැරි, ඒ අය ඉන්නේ එක්තරා ආයතනගත ව්‍යුහයකට යටත්ව. ඇඳුම ආයිත්තම සම්බන්ධයෙන් ඒ අයට නීතියක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විසින් නියම කරන ලද නීතිරීති පද්ධතියක්. ඒ නීතිරීති පද්ධතිය වඩා වැඩිදියුණු කරලා උපසම්පදාවෙන් පස්සේ උන්වහන්සේලාට පැවරෙනවා. උන්වහන්සේලා ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒක කරනවට උන්වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරන්න ගිහියෝ බැඳිලා ඉන්නවා. යම් යම් නීති රීති පද්ධතියකට යටත් වෙලා, ඇඳුම් ආයිත්තම් පද්ධතියකට යටත් වෙලා, විනය නීතිරීති පද්ධතියකට යටත් වෙලා ජීවත්වෙන එක මනුස්සයෙකුට ලේසි නෑ. ඒ අසීරු කර්තව්‍යය කරන භික්ෂුන් වහන්සේලාට, ඒ අසීරු කර්තව්‍යය වෙනුවෙන් අප පුද සත්කාර කරන්න ඕනේ. ඒකට හේතුව, මේ අසීරු කර්තව්‍යය කරන ගමන් උන්වහන්සේලාට ජීවිකා වෘත්තියක් කරලා කෑම බීම හොයාගන්න බැහැ. උන්වහන්සේලා දානෙට, මානෙට, පින්කමට, පිරිතට, පාංශුකූලෙට වඩිනවා නම්, උන්වහන්සේලාට වෙන දේකට කාලය යොදවන්න විදිහක් නෑ. උන්වහන්සේලාට පැවරිලා තියෙන්නේ කුදුමහත් රාජකාරිවල, බෞද්ධ ජනතාව වෙනුවෙන් සේවය කිරීම. බෞද්ධද, කතෝලිකද, හින්දුද, මුස්ලිම්ද කියලා කතාවක් නෑ. ඒ සියලු දෙනා වෙනුවෙන් උදව් උපකාර කරන භික්ෂුන් වහන්සේලා අපි මේ මහපොළොවේ දැකලා තියෙනවා.

ඒ අතරතුරේ ෆේෂල් කරලා, මූණ ලස්සනට තියාගන්න හැටි කියලා දෙන, ෆේෂල් එකක් කරගෙන මූණේ ලප කැලැල් ඉවත් කරගන්න එක ගැන කියලා දෙන භික්ෂුන් වහන්සේලාත් අපිට හම්බවෙනවා. මතක තියාගන්න අපි මේ වැරදියි කියලා කියනවා එහෙම නෙමෙයි. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාම ලස්සනට, සුවඳට, පිරිසිදුවට ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉස්සර කාලේ මහණ කරගත්තේ ශරීර අඩුපාඩු නැති, හොඳ දේහධාරී ශරීර සහිත, බැලූ බැල්මට ප්‍රසන්න, බොහොම ආකර්ෂණීය උදවිය. උන්වහන්සේලා උපදෙස් දෙන්න ඕනේ, උන්වහන්සේලා නායකත්වය දරන්න ඕනේ, උන්වහන්සේලා මිනිස්සුන්ට දේවල් කියලා දෙන්න ඕනේ. ඉතින් ආකර්ෂණීය වෙන්න ඕනෙනේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ හාමුදුරුවනේ ෆේෂල් එකක් කරගත්තට, කරගන්න. ෆේෂල් කරගන්න, ජිම් යන්න, කැමැති කෑමබීම කන්න, සංගීතෙකට ගිහිල්ලා නටන්න. කැමැති නම් සින්දුවක් කියන්න, ගිටාර් එකක් ගහන්න, කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඔබ වහන්සේලාගේ කැමැත්තනේ. ඔබ වහන්සේලාගේ ආසාවනේ. මනුස්සයෙකුට තියෙනවනේ ආසාවන්, වුවමනාවන් ඉෂ්ට කරගැනීමේ අයිතිය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වහන්සේ ඇඳන් ඉන්න ඇඳුම. ඉතින් වෙන ඇඳුමක් ඇඳගෙන ඔය සෙල්ලම් ටික දැම්මට කමක් නෑ. ඉතින් අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට වෙන ඇඳුමක් හොයාගන්න එක මහා ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑනේ.

අපි දන්නවා ඔය ඇඳුම ඇඳගෙන ඉද්දි ජීවත් වෙන්න ලේසියි, බිස්නස් එකක් කරගන්න ලේසියි, කීයක් හරි හොයාගන්න ලේසියි, තව තව වරප්‍රසාද ගොඩාක් තියෙනවා. ඒක ඇත්ත. ඉතින් ඒ වරප්‍රසාද ටික විඳගෙන, මේ සසරින් එතෙර වෙනවා කියලා අපිව රවට්ටලා, පොඩි ආතල් එකක් ගන්නවට වඩා ඔබ වහන්සේලාට හොඳයි ඔය ඇඳුම ගලවලා තියලා වෙන ඇඳුමක් ඇඳගෙන ඔය සෙල්ලන් ටික දාන එක. මොකද අපේ රටේ සැබෑම භික්ෂුන් වහන්සේලා දසදහස් ගණනක් ඉන්නවා බොහොම සිල්වත්ව, ගුණවත්ව නිස්සරණධ්‍යාශයෙන් පිළිවෙත් පුරන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන් මාර්ගයේ ගමන් කරන. උන්වහන්සේලා හරි දුෂ්කර ක්‍රියාවක් කරන්නේ.

අපි දන්නවා සිවුරක් ඇඳන් ඉන්න එක කොච්චර අමාරුද කියලා. අපි දන්නවා පවුල අතෑරලා දාලා, දරුවා අතෑරලා දාලා, අම්මා තාත්තා අතෑරලා දාලා, දේපළ ටික අතෑරලා දාලා, ගිහි ගෙයින් නික්මිලා විහාරස්ථානවල මහණ වෙලා, දායකයන්ගේ කුදුමහත් කටයුතු සියල්ල කරන හාමුදුරුවරු ඉන්නවා. සමහර ගම් පවතින්නේ හාමුදුරුවරු හින්දා. දානේ මානේ, කෑම බීම ටික ගමේ මිනිස්සුන්ට බෙදලා දෙන හාමුදුරුවරු ඉන්නවා. බෙහෙතට හේතට උදව් කරන හාමුදුරුවරු ඉන්නවා. ගමේ මිනිහගේ හැම දේටම යන එන හාමුදුරුවරු ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, ලක්ෂ ගානක් ඉන්නවා. මේ පිස්සු නටන හාමුදුරුවරු ඉන්නේ 10 දෙනෙක්, 15 දෙනෙක් ලංකාවෙම. ඒ නිසා සිල්වත් ගුණවත් සැබෑම භික්ෂුන් වහන්සේලා දහස් ගානකට අගෞරව කරලා, උන්වහන්සේලාගේ ඒ සේවයට පවා අපහාස කරන මේ වගේ අයට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඇඳුම මාරු කරගන්න. එතකොට ඉවරයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් අලුත් කරන්න අනුර-බිමල් ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

Next Post

වැලිගම පෙන්නපු බයිස්කෝප් එක ටිකක් නෝන්ඩි වේගෙන එන්නෙ වගේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.