• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ, ජාත්‍යන්තර අනාවැකියේ ශ්‍රී ලාංකේය සලකුණද? Prophet Jerome Fernando I Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
Prophet Jerome Fernando
Share on WhatsAppShare on Facebook

T20 ලෝක කුසලානෙ ආබාධ 5ක්
ජනාධිපතිවරණ ප්‍රතිඵලය ට්‍රැෆික් ලයිට් එකක්
ආර්ජන්ටිනා ලෝක කුසලාන ජයග්‍රහණය
යූරෝ කප් එක දිනන්නෙ දම්පාට සිංහයෙක්
පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙන දවස ගැන ඉඟියක්
පිස්සෙක් ගුවන් යානයක් උස්සන කතාවක්
ඉරාන ඊශ්‍රායල යුද්ධය ගැනත් අනාවැකියක්

(Prophet Jerome Fernando)


මේ ලෝකෙ හරි අමුතු තැනක්. ඉරිමාවටත් කලින් ඈත වන මංකඩකින් උපන්න ඇටිකුබ්බගෙ බුක් ගෑවිල්ලත් එක්කලා අපි දවසෙ පළමුවැනි අනාවැකිය ඇහුවෙ. ඉන් පස්සෙ මල් මන්දාරමේ, ඉර ඇහැරුණා.
ඒ ඉර කැල්මෙ ආදරය බෙදා වන හිස මුදුනෙ මල් පීදුණා. සැවුල් සවුදමෙන් දවස පටන්ගත්ත මිනිස්සු ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙ නෑ. ඒ ඔක්කොම අනාවැකිවලින් දැනගත්‍තා. අහස පොළොවෙ විතරක් නෙමේ කුරුලු කිරිලියොත් අනාවැකි කිව්වා.
වෙල් ඉහත්තාවෙ කුරුලු පාළුවෙ බටගොයි ගීයෙත් අනාවැකි තිබ්බා. හැන්දෑ අහස මනාලියෙක්ගෙ සාරිය වගේ රතු වෙද්දී ගමේ මිනිස්සු අනාවැකි හෙව්වා. අව්ව වැස්ස ගැන වලාකුළු ආරංචි ගෙනාවා. ඒ නිසා අපි අනාවැකි නුහුරු ජාතියක් නෙමේ.
ඉන්දියාවෙ ගුවන් යානා අනතුර ගැන දේවගැති ජෙරොම්ගෙ අනාවැකිය ගැන අපි පහුගිය සතියක ඔබට කිව්වා. ඒ අපි දැක්ක සහ ඇහුව දේවල් එක්ක. එහෙම නැතිව අපි කිසිම කෙනෙක්ට පක්ෂව හෝ වාසිසහගතව කතාකරන්න හදනවා නෙවෙයි.

කොහොම නමුත් අපි මේ සමහර දේවල අගමුල හොයන්න තීරණය කළා. ඒකට හේතුව වුණේ අපි ලියපු ලිපියත් එක්ක ඉන්දීය මාධ්‍ය එතැනින් එහා කොටස පටන්ගත්‍ත නිසා. අපි කළ හෙළිදරව්ව ලෝකෙට කියපු සියලු ජාත්‍යන්තර මාධ්‍යයන්ට ස්තුතියි.

අපි ලෑස්තියි එතැනින් එහාට මේ ගැන හොයන්න. ඇත්තටම එතුමන් කළ මෙවැනි හෝ වෙනත් පූර්ව ඇඟවීම් තියෙනව ද? ඒවා කළේ කොහොමද? මොන බලයකින්ද? ඒවා හොයාගන්න එක හෝ ඒ ගැන තර්ක විතර්ක කරන එක ඔබේ වැඩක්. අපි මේ පෙන්වන්නෙ අවස්ථා සම්බන්ධයන් විතරයි. (Sri Lanka Latest News)

Prophet Jerome Fernando

‘ඇයි ඒ, බයද?’

ඔබට පුළුවන් මේ ප්‍රශ්නය අපෙන් අහන්න. අපිට ඔබට දෙන්න අවංක උත්තරයක් තියෙනවා. ඇත්තටම අපේ දැනුම ප්‍රමාණවත් නෑ මේ ගැන කියන්න හෝ ලියන්න. අපි බාබා වැන්ගා ගැන ලියන්නෙ ඈව පරීක්ෂා කරලා බලලා නෙවෙයි. අපි ඈ කරපු කියපු දේවල් ගැන ලිව්වා. ලෝකෙ ඈත කොනක හිටපු බාබා වැන්ගාව ඔබට විශ්වාස නම් ලංකාවෙ අපේ ජෙරොම්ව විශ්වාස කරන එකේ පොඩි අපේකමක් තියෙනවා. එතුමන්ගෙ අනාවැකි ලෝකෙට යන්නෙ අපේ රටේ නමත් එක්ක.

‘ශ්‍රී ලාංකික දිවැසිවරයෙක්…’ කියන නමත් එක්ක. ගුවන් යානා අනතුර ගැන අනාවැකිය ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නෙ ‘ශ්‍රී ලාංකික දිවැසිවරයෙක්’ කියන නමත් එක්ක. මේ කතාව අපි ලෝකෙට කියන්නෙ ඔහු ‘ශ්‍රී ලාංකික’ සලකුණක් නිසාවෙන්.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපූරු ඉඟියක් අපි දැක්කා. ඒක කියන්නෙ වර්ණ සංඥා පුවරුවක විදුලි පහන් ගැන කියලා. ඒක අපූරු අනාවැකියක්.
‘දෙවියන් වහන්සේ මට පෙන්නුම් කරනවා ට්‍රැෆික් ලයිට් එකක්…’

මේ වගේ කතාවක් එහි සාරංශය. මේ කතාව නිමා වෙන්නෙ ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් එක්ක. එහි දී ජයග්‍රහණය කරන්නෙ රතු පාටට අදාළ වර්ණය නියෝජනය කරන අනුර කුමාර දිසානායක. කහ වර්ණයට ආසන්න වර්ණය වුණු සජිත් ප්‍රේමදාස දෙවැනි තැනට පත්වෙනවා. කොළ වර්ණය වුණු රනිල් වික්‍රමසිංහ තුන්වැනි තැනට පත්වෙනවා.

Prophet Jerome Fernando

විවිධ අවස්ථා සම්බන්ධතා සහිත කාරණා අපට මුණගැහුණා. අපි මේවා කළේ එකිනෙක විස්තර කරලා දැනගන්න. 2025 පෙබරවාරි මාසේ 13 වැනිදා දේවගැති ජෙරොම් ඉතාම අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා පාප්වහන්සේගේ අභාවය සම්බන්ධ කතාවක් ඔහුගේ පාසල ගැනත් සම්බන්ධ කරමින් ‘මගේ පාසලට අදාළ නම’ කියලා ඔහු එක තැනකදී අනාවැකියක් කියනවා. ඒ වගේ ඔහු කියනවා විශාල කතෝලික නායකයෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. ඒ නායකයා රෝගාතුරවත් නොවුණු කාලයක තමයි දේවගැතිවරයා මේ කතාව කියන්නේ. ඒ වගේම පාප්වහන්සේගේ රෝගාතුර වීමත් එක්ක පාප්වහන්සේ ඉක්මනින් මියයාවි කියලා බොහෝ දෙනෙක් අනුමාන ඉදිරිපත් කළත්, දේවගැති ජෙරොම් මේ සම්බන්ධව කියන්නේ මීට වඩා වෙනස් කතාවක්.
‘පැහැදිලිවම දෙවියන් වහන්සේ ගමනත් එක්කමයි ඔහුගේ ගමන යන්නේ….’

ඔහු අනිවාර්යයෙන්ම පාස්කු දිනය පහුවනතුරු ජීවත් වෙනවා කියලා. හරියටම පාස්කු දිනයේ පහුවන තුරු පාප්වහන්සේ ජීවතුන් අතර ඉන්නවා. ඒ වගේම ඔහු අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා එන්‍රිකේ ගායනා කරන ආකාරය ඔහුට දෙවියන් වහන්සේ පෙන්නුම් කළා කියලා. මේ කතාව කියන්නේ 2025 මැයි මාසේ නවවැනිදා. මේ UEFA අවසන් තරගයේ ජයග්‍රහණය සම්බන්ධව අනාවැකියක්.

ඒ වගේම ශ්‍රී ලංකාවේ ටී-20 කුසලානයේ ඉරණම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් කලින්ම කියනවා සුවිශේෂ කතාවක්. ඔහු කියන්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගය ජයග්‍රහණය කරන්න බැරිවෙනවා කියලා. නමුත් අපි හැමෝම ඉන්නේ ආසියානු කුසලාන ජයග්‍රහණය කරලා යම් වින්දනීය තත්ත්වයක. ආසියානු කුසලානේ ජයග්‍රහණය සම්බන්ධයෙනුත් දේවගැති ජෙරොම් අනාවැකි කිව්වා. ඒ අතරතුරේ ඔහු කියනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න බැරිවෙන්න හේතුව මොකක්ද කියලා. (Prophet Jerome Fernando)

ලංකාවට ආබාධ එකයි දෙකයි තුනයි හතරයි පහකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත්වෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ අනාවැකිය අපි කවුරුත් විශ්වාස කළේ නැහැ සහ ලෝකය පුරා කිසිවෙක් එවැන්නක් සිදුවේ යැයි හිතන්න නැතුව ඇති. ආබාධ කිහිපයක් වාර්තා වෙන්න පටන් ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. අවසාන වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආබාධ පහකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රමෝද් මදුශාන්ගේ, දුෂ්මන්ත චමීරගේ, ධනුෂ්ක ගුණතිලකගේ, දිල්ශාන් මදුශංකගේ සහ බිනර ප්‍රනාන්දුගේ. දේවගැතිවරයා මේක කලින්ම කිව්වාය කියලා අපිට කියන්න පුළුවන්. ඔහු මේක කියන්නේ 2022 දහවැනි මාසෙ 23 වැනිදා.

2023 ඔක්තෝබර් මාසේ 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල වෙච්ච ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව දේවගැති ජෙරොම් අනාවැකියක් කියනවා 2023 අප්‍රේල් මාසේ 13 වැනිදා. කොළඹ හැව්ලොක් ශ්‍රවණාගාරයේදී තමයි මේ සම්බන්ධව ඔහු ඔහුගේ අනාවැකිය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් දිවැසි වාක්‍යයක් ඉදිරිපත් කරන්නේ ඔහු මාස හයකට විතර කලින්. මේ විදියට විවිධාකාර අනාවැකි ඉදිරිපත් කරලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා ඔහු. ඒ වගේම ඔහු කියනවා ගුවන් යානා අනතුරු සම්බන්ධයෙන්. ගුවනේ සිදුවිය හැකි කාරණා සම්බන්ධයෙන්. තවත් එක් අවස්ථාවකදී ඔහු ඉදිරිපත් කරනවා අනාවැකියක් පාපන්දු සම්බන්ධයෙන්.

ඒක ඔහු ඉදිරිපත් කරන්නේ සිංහයෝ තුන්දෙනා සහ තනි සිංහයාගේ කතාව විදියට. ඒ කතාවේදී තනි සිංහයෙක් ඉන්න කණ්ඩායම නැත්නම් දම් පැහැයට හුරු සිංහයෙක් ඉන්න කණ්ඩායම සිංහයෝ තුන්දෙනා ඉන්න කණ්ඩායමත් එක්ක තරග කරනවා කියලා ඔහු කියනවා. සිංහයෝ තුන්දෙනා එංගලන්ත කණ්ඩායමේ ලාංඡනයේ ඉන්නවා. තනි සිංහයා ස්පාඤ්ඤ කණ්ඩායමේ ලාංඡනයේ ඉන්නවා. ඉතින් මේ අවස්ථාවේදී අපට දකින්නට ලැබෙනවා ඇත්තටම ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වෙන්නේ සිංහයෝ තුන්දෙනා පරාජය කරන තනි සිංහයාගේ කණ්ඩායමට. දේවගැතිවරයා මේ තනි සිංහයාගේ සහ සිංහයෝ තුන්දෙනාගේ කතාව කියනවා. ඒ යූරෝ කුසලානට අවසන් තරගයට පෙර. පාපන්දු ලෝක කුසලානයට කලින්ම, ආර්ජන්ටිනාවේ ජයග්‍රහණය ගැනත් ඔහු ඔබට කිව්වා.

ඉතින් මේ විදියට දිවැසි වාක්‍ය විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා දේවගැති ජෙරොම්. ඔබ විශ්වාස කරනවද ඔහු යූරෝ කුසලාන අවසන් තරගයේ ලකුණු ගැන කියනවා.
‘දෙකට එකයි’ කීප වතාවක්ම කියනවා. ඇත්තටම ලකුණු සටහන් වෙන්නෙ දෙකට එකක් විදියට. මේක තමයි සත්‍යය.

අපි දන්නේ නැහැ මේවායේ සත්‍ය අසත්‍යතාව. මේ විදියට ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඔහු ඉතා සුවිශේෂ කාරණයක් එක්තරා අවස්ථාවකදී ඉදිරිපත් කරනවා. ඔහු කියනවා ගුවන් තොටුපළ වෙත රැගෙන යන දේවල් ස්කෑන් කරලා බලන්න පුළුවන්, නමුත් කෙනෙක්ගෙ මනස ගැන ස්කෑන් කරලා බලන්න බැහැ කියලා. ඔහුගේ රැස්වීම හිටපු ඇමෙරිකන් ජාතිකයන් අමතලයි ඔහු මේ කතාව කියන්නෙ. මේක සනාථ කරමින් ගුවන් යානයක් පැහැරගෙන යාමේ සිදුවීමක් ඇලස්කා එයාර්ලයින්වලින් වාර්තා වෙනවා.

2023.04.13 වැනිදා තමයි ඔහු මේ කතාව කියන්නේ කොළඹ පැවැති දේව මෙහෙයෙදී. පිස්සු මිනිහෙක් මේක සිද්ධ කරනවා කියලා. ඒක හරියටම සිද්ධ වුණු වග ඔහුගේ වීඩියෝ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදය ගැනත් ඔහු මාස නවයකට කලින් අනාවැකි කිව් බව අපිට දකින්නට ලැබිලා තියෙනවා. මේ විදියට සුවිශේෂ කාරණා රාශියක් අපිට වාර්තා වෙනවා.

‘එහෙම නම් ජෙරොම් දිවැසිවරයෙක්…’

ඔව්, ඒක එහෙම කියනවා. ඔබට ඒක විශ්වාස කිරීමට හෝ නොකර ඉඳීමට අයිතියක් තියෙනවා. ඔබට ඒ සම්බන්ධව තර්ක කරන්න පුළුවන්. විමසා සිටින්න පුළුවන්. අපි කැමැතියි මැදිහත්කරුවාගේ භූමිකාව නිරූපණය කරන්න.

‘ජෙරොම් අනාවැකි කියනවා…’

ඒකට අපි එකඟ වෙනවා. ඒ විතරක් නෙවෙයි

‘ඒවා ඇත්ත වෙලා තියෙනවා…’

අන්න ඒ කතාවට අවස්ථා සම්බන්ධයක් තියෙනවා. එකක් නම් අහඹුවක් වෙන්න පුළුවන්. දෙකක් හෝ තුනක් නම් ඒකත් අහඹුවක් වෙන්න පුළුවන්. ඒත් දහයක් පහළොවක් විස්සක් වෙනකොට,

අපිට ඒ ගැන හොයන්න වෙනවා.
අපි ලෑස්තියි මේ ගැන හොයන්න. ඔබට අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න.

අපෙන් නෙවෙයි ඒ අයගෙන්ම මේ අංකයෙන් +94 11 777 4877.

– ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තවත් බය හිතෙන අනාවරණයක්! ළමයින්ගෙන් 12%ක් බතලයි! 41%ක්ම කන්නේ සීනි කෑම! Sri Lanka Latest News

Next Post

අපේ තේ යයිද අපතේ! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.