• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි තිරයට අමතක වුණු ලංකාවේ රිලැක්ස්ම නළුවා! Sri Lanka Latest News

June 29, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
පුංචි තිරයට අමතක වුණු ලංකාවේ රිලැක්ස්ම නළුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජ්‍යෙෂ්ඨතම කලාකරුවන්ගෙන් බොහෝ දෙනකුගේ අවධානය එක් ජ්‍යෙෂ්ඨතම කලාකරුවකු වෙත යොමුවූයේ නිතැතින්මය. Sri Lanka Latest News

මාලනී සමග චිත්‍රපට කිහිපයක රඟපෑ ඔහු ප්‍රවීණ කලාකරු සිරිල් වික්‍රමගේය. මාලනීගේ දේහයට අවසන් ගෞරව දැක්වූ සිරිල් වික්‍රමගේ කලාකරුවාගේ දෙනෙත්වලින් කඳුළු බිඳු දෙක තුනක් කඩාවැටුණේය.

ටික වේලාවක් මාලනීගේ නිසල දේහය දෙස බලා සිටි සිරිල් වික්‍රමගේ මාලනී ගැන එතැන සිටි මාධ්‍යවේදීන් සමග වචන දෙක තුනක් කතාකිරීමටද අමතක නොකළේය.
‘මාලනීයි මායි එකට වැඩකරද්දී හුඟක් සමීප වුණේ පතීගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ විජය, කලං, කොස්තා, ජෝ, සෝමසිරි දෙහිපිටිය, ඩබ්ලිව්. ජයසිරි, අපි කට්ටිය බොහොම සතුටෙන් තමයි කල්පිටිය දූපත්වල ‘බඹරු ඇවිත්’ සිනමා පටයේ රූගතකිරීම්වලට සහභාගි වුණේ. මේ කට්ටියගෙන් ඉතුරුවෙලා හිටියේ මායි, මාලනීයි විතරයි. අද මාලනීත් ඒ කට්ටිය ඉන්න තැනට ගියා. දැන් ඉතුරුවෙලා ඉන්නේ මං විතරයි…’ යනුවෙන් සිරිල් වික්‍රමගේ පැවැසූ කතාව ඉතා සංවේදී විය.

දැනට අපේ රටේ ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම රංගනවේදීන් දෙපළක් වන්නේ සිරිල් වික්‍රමගේ සහ අයිරාංගනී සේරසිංහය.
මෙවර ‘අහස් ගව්වෙන්’ සිරිල් වික්‍රමගේ ගැන කතා කරන්නේ හේතු රැසක් නිසාය. සිරිල් වික්‍රමගේ රංගනවේදියා රංගනය පැත්තෙන් ගත් කල ජාතික වස්තුවක් යැයි කීවොත් එය වරදක් නොවේ. සිනමාවටත් වඩා ටෙලිවිෂනය නැත්නම් පුංචි තිරය ජනතාව අතරට නියම රසඥතාවකින් ගෙන යෑම සඳහා සිරිල් වික්‍රමගේ ලබාදුන් නිර්මාණශීලී දායකත්වය අතිවිශිෂ්ටය.

‘සූරසේනයෝ මහසෝනා එනවෝ… සූරසේනයෝ මහසෝනා එනවෝ…’ (ජාතික රූපවාහිනියෙන්) ඇසුණු දෙබස අපට තවමත් මතකය.
ධම්ම ජාගොඩගේ ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යයේ පොඩි අප්පුහාමි ලෙස සිරිල් වික්‍රමගේ සිදුකළ රංගනය එහි ඇතැම් දෙබස් සමග අපට තවමත් මතක සිටින්නේ ඇයි?
එපමණක්ද නොවේ. ධර්මසේන පතිරාජගේ ‘ඇල්ල ළඟ වලව්ව’ ටෙලිනාට්‍යයේ සිරිල් වික්‍රමගේගේ රංගනය ඔබට පහසුවෙන් මතක් කරගත හැකිය.
යතුරු කැරැල්ල ඉණේ ගසාගෙන මහා වලව්වක තිබෙන ගුප්ත බව ආරක්ෂා කරගැනීමට වලව්වේ මුරකරු ලෙස සිරිල් වික්‍රමගේ ලබාදෙන රංගන දායකත්වය අතිවිශිෂ්ටය.
‘මැණික් නදිය ගලාබසී’හි මැණික් මුදලාලි ලෙස සිරිල් වික්‍රමගේ ලබාදෙන රංගන දායකත්වය අපට තවමත් මතකය.

‘කන්දේ ගෙදර’ ටෙලිනාට්‍යයේ අල්මේදාගේ චරිතය ගැන අදටත් ප්‍රේක්ෂකයන් කතාකරන්නේ ඔහුගේ තිබුණු රංගන ශෛලිය නිසාය. කොහොම හරි එදාවේල සරිකරගැනීමට වෙරදරන ‘අල්මේදා’ වැනි බොහෝ සටකපට මිනිසුන් අදද විවිධ ක්ෂේත්‍රවල දැකිය හැකිය.

තමාගේ කටයුත්ත කෙසේ හෝ සපුරා ගැනීම සඳහා එදාවේල ටුවර්ස් වැනි වැඩක් තුළින් සටකපට උපක්‍රම යොදාගෙන කොහොම හරි ගේම් එක ගහන අල්මේදලා වර්තමාන සමාජය තුළ සුලබව දැකිය හැකිය.

සමාජයේ සිටින සියලු අල්මේදලාට උපරිම සාධාරණයක් සිරිල් වික්‍රමගේ ඉටුකරන බව ඉතා පැහැදිලිය. සමාජ, ආර්ථික තත්ත්වය හමුවේ එදාවේල පිරිමසා ගැනීමට කුමන හෝ ආකාරයකින් ගැටයක් ගැසීමේ අල්මේදා න්‍යායට සිරිල් වික්‍රමගේ ලබාදෙන නිර්මාණශීලී දායකත්වය අතිවිශිෂ්ටය.

පතිරාජගේ වන්නිහාමිලාගේ කතාව, මිහිකතගේ දරුවෝ ඇතුළු ටෙලිනාට්‍ය රැසකට දායක වූ සිරිල් වික්‍රමගේ තම රංගන විඥානයෙන් මෙරට ප්‍රේක්ෂක ජනතාවට ලබාදුන් රසඥතාවට අදත් මුළුමහත් ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.

සිරිල් වික්‍රමගේ කලාකරුවා 80 දශකයේ සිට පුංචි තිරයට ලබාදෙන දායකත්වය ගැන වැඩි වශයෙන් කතා කළේ විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ අදටත් ප්‍රේක්ෂක මනසේ තැන්පත්ව තිබෙන ටෙලිනාට්‍ය අතර සිරිල් වික්‍රමගේ රඟපෑ ටෙලිනාට්‍ය රැසක්ම තිබෙන නිසාය.

වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන ටෙලිනාට්‍ය රැල්ල සහ සිරිල් වික්‍රමගේලා රංගන දායකත්වය ලබාදුන් ටෙලිනාට්‍ය ගැන සන්සන්දනය කරන විට ඔබට දැනෙන්නේ කුමක්ද?

වර්තමානයේ බොහෝ ටෙලිනාට්‍යවල ගිය සතියේ නොව ඊයේ දින සිදුවූ දෙයද අමතකය. ඒ තරමටම බොහෝ ටෙලිනාට්‍ය නිර්මාණශීලීත්වයෙන් බංකොලොත්ය.
සිරිල් වික්‍රමගේ රඟපෑ පලිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, කන්දේ ගෙදර, මැණික් නදිය ගලාබසී, මිහිකතගේ දරුවෝ, වන්නිහාමිලාගේ කතාව ඇතුළු මීට වසර ගණනාවකට පෙර විකාශය වූ ටෙලිනාට්‍ය අදටත් ප්‍රේක්ෂකයන්ට මතක තිබෙන්නේ ඇයි?

ජාතික රූපවාහිනියෙන් පැරැණි ටෙලිනාට්‍ය විකාශය කළ අවස්ථාවලදී ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණද ජාතික රූපවාහිනියේ බලධාරීන් ඒ ගැන නිසි අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණකි. නිධානයක් උඩ වාඩිවීගෙන ජාතික රූපවාහිනිය හැමදාමත් සිටින්නේ නිධානය ආරක්ෂා කරන බහිරවයකු මෙනි. නමුත් එම නිධානයෙන් රටට මෙන්ම ජාතික රූපවාහිනියට ගැනීමට තිබෙන කිසිදු ප්‍රයෝජනයක් කිසිම බලධාරියකු විසින් නොගැනීම ඛේදවාචකයකි. ජාතික රූපවාහිනයේ නිධානය ගැන ඉදිරි සතියකදී වෙනමම කතාකිරීමට බලාපොරොත්තු වෙමි.

සිරිල් වික්‍රමගේ වැනි ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙනයෑම වෙනුවෙන් කැපවූ කලාකරුවන් වෙනුවෙන් ජාතික රූපවාහිනිය ඇතුළු අනෙකුත් ටෙලිවිෂන් මාධ්‍ය ආයතන මීට වඩා වැඩි වගකීමකින් කටයුතු සිදුකරන්නේ නම් කෙතරම් අගනේද?

විනීතා කරුණාරත්න ප්‍රවීණ නිෂ්පාදිකාවට පින් සිදුවන්නට සිරිල් වික්‍රමගේ වෙනුවෙන් සිදුකර ඇති එකම වැඩසටහන ‘ආලකමන්දාව’ පමණි. ආලකමන්දාව වැඩසටහන කළ යුතුව තිබුණු තවත් ඇතැම් කලාකරුවන් සිටියද ඔවුන් වෙනුවෙන් ආලකමන්දාව වැනි වැඩසටහන් නොකර ඇති කලාකරුවන්ද සිටින බව මතක තබාගත යුතුයි. ඉනුත් කලාකරුවන් බොහෝ දෙනකු මේ වනවිට මියපරලොව ගොස් ඇත.

ඒ ගැන මෙතරම් කියන්නේ යම් හේතුවක් ඇතිවය. යම් කලාකරුවකු මියගිය විට එම කලාකරුවාට උපහාර පිණිස බොහෝ විට විකාශය කිරීමට තිබෙන එකම වැඩසටහන ජාතික රූපවාහිනියේ ‘ආලකමන්දාව’ය. නමුත් ආලකමන්දාවට හසු නොවූ කලාකරුවන් මියගිය විට පෙන්වන්නේ කුමක්ද?

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනය සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල පමණක් නොව පෞද්ගලික ටෙලිවිෂන් මාධ්‍ය ආයතනවලටද මේ ගැන යම් වගකීමක් තිබේ.
සිරිල් වික්‍රමගේලා අපට සිටින්නේ එක්කෙනෙකි. සිරිල් වික්‍රමගේ කලාකරුවාගේ ටෙලිනාට්‍ය රංගනය ගැන මෙම ලිපියෙන් කතා කළද ඔහු අද්විතීය සිනමා රංගනවේදියකු බවද අමතක නොකළ යුතුය.

සත්සමුදුර, නිම්වළල්ල, වෙස්ගත්තෝ, අහස් ගව්ව, වල්මත්වූවෝ, බඹුරු ඇවිත්, සුද්දිලාගේ කතාව, සිරිමැඳුර, පාලම යට, සෙයිලම ඇතුළු චිත්‍රපට රැසක්ම සිරිල් වික්‍රමගේගේ රංගනයෙන් හැඩගැන්වී ඇත.

වරක් ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා විසින් සිරිල් වික්‍රමගේ හැඳින්වූයේ 60 දශකයේ වේදිකා නාට්‍ය හා සිනමා ප්‍රබෝධයේ විශිෂ්ට සමාජ ඵලයක් හැටියටය.
ගුණසේන ගලප්පත්තිගේ ‘මුහුදු පුත්තු’ වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පිවිසෙන සිරිල් වික්‍රමගේ සිසිර සේනාරත්නගේ ඇරයුමක් මත මුලින්ම සිනමාවට සම්බන්ධ වන්නේ ‘හඳහන’ චිත්‍රපටයෙනි.

සිරිල් වික්‍රමගේ කලාකරුවා තවත් සුවිශේෂ වන්නේ (රිලැක්ස්) සැහැල්ලු රංගන ශෛලිය මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී වීම සම්බන්ධයෙනි. මෙරට මෙන්ම විදෙස් විචාරකයන්ද කියන්නේ සිරිල් වික්‍රමගේ රඟපානවා දැනෙන්නේ නැහැ කියාය. එය සත්‍යයකි. ශ්‍රී ලංකාවේ සැහැල්ලුම රංගනවේදියා, නැත්නම් රිලැක්ස්ම නළුවා සිරිල් වික්‍රමගේ කීවොත් කිසිවකු ඊට එරෙහි වන්නේ නැත.

වරක් ප්‍රකට විචාරකයකු පැවැසුවේ ්ජඑසබට පැ්බ බද ්ජඑසබට කියාය. ඒ කියන්නේ නියම රඟපෑම යනු රඟනොපෑම කියාය. බටහිර සිනමාවේ ප්‍රකට නළු රොබට් ඩි නිරෝද අනුගමනය කරන්නේ මෙම රංගන ශෛලියයි. මෙරට රිලැක්ස්ම රංගනවේදියා සිරිල් වික්‍රමගේ වෙනුවෙන් සියලු ටෙලිවිෂන් නාලිකා එක්වී රටටම දැනෙන වැඩක් කළොත් හොඳයි නේද? සිරිල් වික්‍රමගේ කලාකරුවාණෙනි, චිරං ජයතු…

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

සහන කාලය ඉවරයි! හෙට රෑ 12න් පස්සේ ණය නොගෙවපු ව්‍යාපාරිකයන්ගේ දේපොළ බැංකුවලින් ඈවර කරන්න පටන් ගන්නවා! I Sri Lanka Latest News

Next Post

ප්‍රේමදාස උපන් දිනේට ‘ගම්උදාව’ කියලා කානිවල් පෙන්නුවා විතරද? ඇත්තද මොකක්ද? Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.