• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ වැඩේ කරපු සාරංගිකාට වැඩ වරදින හැටි! Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කොළඹ වැඩේ කරපු සාරංගිකාට වැඩ වරදින හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ මහනගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවීම ඇතුළු වර්තමානයේ රට තළ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය 21 වැනිදා සිය යූටියුබ් නාලිකාවට එක්කළ වීඩියෝවක් මගින් කරුණු දක්වා තිබෙනවා. පහත පළවන්නේ එම වීඩියෝවෙන් උපුටාගත් කොටසකි. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
අපිට ආරංචි වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඔබතුමා සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක් ගිහිල්ලා තියෙනවා එතුමාගේ කීර්තිනාමයට හානි වෙන විදියේ ප්‍රකාශයක් සිද්ධ කළා කියලා. ඉතින් මොකක්ද මේ ප්‍රශ්නය සහ ඔබතුමා සී.අයි.ඩී. එකට බයේ පැනලා ගිහිල්ලාද?

මම මගේ පර්යේෂණ කටයුත්තක් සඳහා සති තුනක කාලයකට විදේශගත වුණේ. ජනාධිපතිතුමා මට එරෙහිව පැමිණිල්ලක් කරේ පසුගිය බදාදානේ. බදාදා කියන්නේ පසුගිය 18 වැනිදා. මම ලංකාවෙන් පිටත් වුණේ ඊට දවස් හතරකට කලින් පසුගිය සෙනසුරාදා 14 වැනිදා. එතකොට සති තුනකට කාලයකට පස්සේ මම ලංකාවට එනවා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා කියලා තියෙනවා නීති හදලා හරි මාව අත්අඩංගුවට ගන්නවා කියලා. ඉතින් ජනාධිපතිතුමා අවසානයේ මට එරෙහිව සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කරලා තියෙනවා මම එතුමා ගැන බොරු ප්‍රචාරයන් කරලා සමාජ මාධ්‍ය තුළ එතුමාට අපහාසයක් කළාය කියලා.
ඇත්තටම ජනාධිපතිතුමා මේ සඳහා පාවිච්චි කළ නීතිය බවට මට අධිකරණය පැත්තෙන් වාර්තා වුණේ රජතුමාට අපහාස කිරීම කියන චෝදනාව. දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් තියෙනවා රජතුමාට අපහාස කිරීම.

මාධ්‍යවේදියා
ලංකාවේ රජතුමෙක් නැහැනේ?

ඇත්තටම අපේ දණ්ඩ නීති සංග්‍රහය හදන්නේ 1800 ගණන්වල. ඒ කාලේ බි්‍රතාන්‍යයේ රජතුමා අපෙත් රජතුමානේ. ඉතින් රජතුමාට අපහාස කිරීම කියලා විශේෂ වරදක් වෙනම පරිච්ඡේදයක් තියෙනවා රජතුමාට එරෙහිව කරන වැරදි. එකක් තමයි රජතුමාට අපහාස කිරීම. පසුකාලීනව තියෙනවා රජතුමා යනුවෙන් සඳහන් වෙන තැන්වලදී අර්ථකථනය කරගන්නවා මේ ජනාධිපතිතුමා කියලා. ඉතින් ඒ අර්ථකථනයක් කරගෙන මෙතැන ජනාධිපතිතුමා රජතුමා වෙලා තමයි මට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ සී.අයි.ඩී. එකට පැමිණිලි කරලා තියෙන්නේ.

ඉතින් අනුර කුමරු විදිහටනේ උපන්දා සිට සිටියේ. අනුර කුමාර දිසානායක අනුර කුමරු. ඉතින් අනුර කුමරු මා වෙනුවෙන් හරි රජ වුණු එක ගැන මට සතුටුයි. ඉතින් මහා මහේන්ද්‍ර වගේ නමකුත් තියෙන එකේ මේ රජකමට එතුමා සුදුසුයි. ඉතින් කොහොම හරි මම එතුමා කොටි සංවිධානය සමග සාකච්ඡා පැවැත්වීමට ජර්මනියේ ගිය බවට පැවැසුවාය කියලා තමයි පැමිණිල්ල කරලා තියෙන්නේ. මගේ කතාව හොඳින් ඇහුවා නම් මම එදා කිව්වේ මෙවැනි කටකතාවක් තියෙනවා, මෙහි ඇත්ත නැත්ත රටට කියන්න කියලා. ඉතින් ජනාධිපතිතුමාට මට එරෙහිව මොකක් හරි පැමිණිල්ලක් කරගන්න ඕනෙ නිසා ඒ මා කිව් කතාව විකෘති කරමින් සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කරලා තියෙනවා. සී.අයි.ඩී.යත් ජනාධිපතිතුමාගේ පැමිණිල්ලක් නිසා ඇත්ත නැත්ත සොයන්නැතුවම උසාවි ගිහින් තියෙන බවයි ආරංචිය.

කොහොම නමුත් මා සලකන්නේ මේක මට කරපු ගෞරවයක් විදිහටයි. මොකද ජනාධිපති ලේකම් කාර්යාලයේ පුංචි කාමරයක මම සභාපති කාලේ, උපදේශක කාලේ, පළාත් ඇමැති කාලේ, කැබිනට් ඇමැති කාලේ මොනවා හරි වරදක් කළාද කියන එක ගැන දැන් මාස නවයක් තිස්සේ හොයලා කිසිම වැරැද්දක් හොයාගන්න බැරිවුණු නිසා තමයි මෙවැනි බොරු පැමිණිල්ලක් හදලා තියෙන්නේ.

දැන් මාලිමාව රහස් ඡන්දෙන් කොළඹ නගර සභාවත් දිනුවා නේද?
නගර සභාව ගැන කියනකොට තමයි මට මතක් වුණේ. අපිට අමතක කරන්න බැරි මාතෘකාවක් තියෙනවා. ඒ තමයි මේ සතියේ උණුසුම්ම මාතෘකාව. ඒ තමයි මේ ප්‍රාදේශ සභා, නගර සභා සඳහා සභාපතිවරුන්, උපසභාපතිවරුන්, නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන් පත්කරන වැඩ කටයුතු මේ සතියේ පැවැත්වුණා. ඉතින් ඒ අතරින් සමහර නගර සභාවල ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. විශේෂයෙන්ම මුළු රටම අවධානය දීලා තිබ්බ කොළඹ නගර සභාවේ රහස් ඡන්දයකට ගිහිල්ලා ලොකු කලබගෑනියක් ඇති වුණා. ඉතින් මේ මොකක්ද මේ නගර සභා, ප්‍රාදේශ සභා සම්බන්ධයෙන් මේ තියෙන තත්ත්වය? ගොඩක් දෙනෙකුට මේ ගැන අවබෝධයක් නැහැ. තේරෙන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා?

ඇත්තෙන්ම මාලිමාව දිනුම් කිව්ව පළාත් පාලන ආයතන විශාල ගණනක අවසානයේ සජබ හරි පොහොට්ටුව හරි බලයේ බලය පිහිටුවීමක් සිදුවුණා. ඒ අය දිනුම් කියලා පාරම්බෑවට ඒ අය කාටවත් බහුතරයක් නැති සභාවල ඒ අයට ලොකු කුට්ටිය තිබීම විතරයි සිද්ධ වුණේ. ඒ නිසා තමයි ඒ අය දිනුම් කිව්ව තැන්වල බලය සජබට සහ පොහොට්ටුවට හිමි වුණේ.

ඇත්තටම දූෂණය සිදු නොවුණා නම්, දූෂණය කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අල්ලස් දී පොළඹවා ගැනීම් සිදු නොවුණා නම්, බලහත්කාරකම සිදු නොවුණා නම්, රාජ්‍ය බලය භාවිත කරලා පළාත් පාලන කොමසාරිස්වරුන්ට බලපෑම් කිරීම සිද්ධ නොවුණා නම් මීටත් වඩා විශාල පළාත් පාලන ආයතන ගණනක බලය විපක්ෂය ලබාගන්නවා.
දැන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය අතිශයින්ම පක්ෂග්‍රාහී විදිහට හැසිරුණා කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඒ චෝදනාව ඇත්තක්. දැන් පළාත් පාලන මැතිවරණ නීතිය අනුව නම් ඡන්දයක් පැවැත්වීමට සිද්ධ වෙනකොට මුලසුනේ ඉන්න කොමසාරිස්වරයා හෝ වරිය රහස් ඡන්දයක් පවත්වනවද, විවෘත ඡන්දයක් පවත්වනවද කියන කාරණය මන්ත්‍රීවරුන්ගේ අදහස විමසා තීරණය කළ යුතුයි. පනතේ නීතියේ තියෙන දේ. හැබැයි සාරාංගිකා ජයසුන්දර බස්නාහිර පළාත් කොමසාරිස්තුමිය ඒ නීතිය නොසලකා තනි මතයට තීරණය කළා, නැහැ මම රහස් ඡන්දයක් තමයි පවත්වන්නේ. ඔය න්‍යායට දැන් කියන්නේ ‘සාරාංගිකා න්‍යාය’ කියලා. ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ගේ බලය කොමසාරිස් විසින් උදුරා ගැනීමට කියන්නේ ‘සාරාංගිකා න්‍යාය’. එතුමිය ආණ්ඩුවේ වුවමනාවක් ඉටුකළේ. ඇයි? දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු රහසේ බිලිබා ගත්තට, අත ඔසවා ඡන්දය දීමක් සිදුකළා නම්, නැත්නම් අහවලාටයි මම ඡන්දය දෙන්නේ කියලා පක්ෂයි විපක්ෂයි කියලා කටින් ප්‍රකාශ කළා නම් ඒ අයගේ පක්ෂයේ තීන්දුවට පටහැනිව කටයුතු කිරීම පිළිබඳ පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගන්න ඉඩ තිබෙනවා.

මාධ්‍යවේදියා
හැබැයි ආණ්ඩු පක්ෂයෙන් නම් කියන්නේ මේක මේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න ඕනේ කතාවක්. ඉතින් මේ රහස් ඡන්දයකට යන්න හේතුව මොකක්ද?

හෘද සාක්ෂියට එකඟව දෙන්න බැහැ. ඒගොල්ලෝ පක්ෂයක් නියෝජනය කරමින් ඇවිල්ලා තියෙන්නේ. ස්වාධීන මන්ත්‍රී කෙනකුට නම් එහෙම හැකියාවක් තිබුණත් හෘද සාක්ෂියට එකඟව දෙන්න, පක්ෂයකින් ඡන්දය ඉල්ලපු කෙනාට පක්ෂයේ මතය අනුව තමයි තීන්දුව ගන්න ඕනේ. විශේෂයෙන්ම ලැයිස්තුවෙන් පත්වුණාම ඒ අය කොට්ඨාස දිනලා නෙමෙයි. කොට්ඨාසවලින් දිනන්නෙත් පාක්ෂිකයාගේ ඡන්දවලින්. මම දැක්කා සමහරු තර්ක කරනවා අපිත් ඡන්දේ දෙන්නේ රහස්‍යභාවය රැකගෙනනේ. එහෙනම් මන්ත්‍රීවරුනුත් රහස්‍යභාවය රැකගෙන ඡන්දේ දෙන එකේ වරද මොකක්ද කියලා. මතක තියාගන්න අපි ඡන්දේ දෙන්නේ අපේ මතය ප්‍රකාශ කරන්න. මන්ත්‍රීවරයා ඡන්දේ දෙන්නේ අපි වෙනුවෙන්. අපිට ඔය නගර සභාවට ගිහිල්ලා නගර සභාව පාලනය කරන්න වෙලාවක් නැති නිසා තමයි අපි මන්ත්‍රීවරු පත්කරලා තියෙන්නේ අපි වෙනුවෙන් ඡන්දේ දෙන්න.

මාධ්‍යවේදියා
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකට නේද?

හරියට හරි. එතකොට අපේ මන්ත්‍රීතුමා නගර සභාවේ මතුවුණු ඒ ප්‍රශ්නවලදී අත උස්සපු ආකාරය අනුව තමයි ඊළඟ ඡන්දයේදී අපි එයාව නගර සභාවට යවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. දැන් බලන්න කොළඹ, කොළොන්නාව වගේ තැන්වල අපේ ඡන්දේ අරන් ගිය මන්ත්‍රීතුමන්ලා ඡන්දේ දුන්නේ කොහොමද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. එතකොට එයාව ආපහු යවනවද නැද්ද කියන තීරණය ගන්න අවශ්‍ය තොරතුරු අපිට නැහැ. ඒ නිසා තමයි අර ඔබ සිහිපත් කළ වචනය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන නියෝජිතයා ඡන්දේ දෙන්නේ කාටදැයි කියන එක දැනගැනීමට අයිතියක් ජනතාවට තියෙනවා.

මාධ්‍යවේදියා
ඔය හෘද සාක්ෂියේ කතාවත් එක්ක ඡන්දේ දීපු මන්ත්‍රීවරු නොදුන්නා වගේ රඟපානවා. නොදුන්න කට්ටිය දුන්නා වගේ රඟපානවා. ඉතින් එතැනත් හෘද සාක්ෂියක් නෑනේ?

හරියට හරි. ඔතැන හේතු දෙකක් තියෙනවා. පළමු හේතුව තමයි ඔයගොල්ලෝ ඔය රහස් ඡන්දෙට ගියේ ඔය මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වෙන එක වළක්වා ගන්න. දෙවැනි හේතුව තමයි මාලිමාවට දැන් ලැජ්ජයි. කුඩුකාරයෝ, හොරු, සල්ලාලයෝ කියලා වර්ග කරපු අයගේ ඡන්ද අරගෙන බලය පිහිටුවා ගන්න සිදුවීම තමන්ගේ පාක්ෂිකයා ඉවසන දෙයක් නොවන බව මේ අය හොඳටෝම දන්නවා. ඒ නිසා මේ අයට දැන් උවමනායි තමන් හොරුන්ගෙන්, කුඩුකාරයන්ගෙන්, දාමරිකයන්ගෙන්, සල්ලාලයන්ගෙන් සහාය ලබාගත්ත කාරණය ජනතාවගෙන් වසන් කරන්න. රහස් ඡන්දයක් වුනාම හරි අපූරුවට වැඩේ වෙනවා. ගනුදෙනු සිද්ධ වෙලත් තියෙනවා. හැබැයි කාගේ සහාය ගත්තාද කියන එක ජනතාවගෙන් වසන් කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. එහෙම හංගන්න දෙයක් නැති නම් ඇයි මාලිමාව විනිවිදභාවය ගැන වසර 60ක් කතාකරපු ජවිපේ මාලිමා බලවේගය ඇයි රහස් ඡන්දයක් වෙනුවෙන් ඔච්චර හඬ නැගුවේ?

සාරංගිකා නෝනා ගැන කවුරුවත් නොකිව්ව දෙයක් මම කියන්න ඕනේ. සාරංගිකා නෝනා බරපතළ වරදක් කරලා තියෙනවා. එතුමියට එරෙහිව අනාගත ආණ්ඩුවකින් අනිවාර්යයෙන් දඬුවම් හිමි වෙනවා. මොකද රටේ නීතිය ඉක්මවා කටයුතු කළේ. පළාත් පාලන කොමසාරිස්වරු නීතිඥයන් නෙවෙයි. මට මතකයි සාරංගිකා නෝනාට කලින් හිටියා සමරකෝන් කියලා නෝනා කෙනෙක්. මීට අවුරුදු 10කට 15කට කලින් බස්නාහිර පළාත් කොමසාරිස්වරිය විදිහට. එතුමිය නීතිඥවරියක්. හැබැයි හැම පළාත් පාලන කොමසාරිස්ම නීතිඥවරියක් නෙවෙයි. එතකොට මේ නීතිය ගැන අවබෝධයක් නැති නිසා තමයි පළාත් පාලන අමාත්‍යාංශයෙන්, මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයක් යවලා තියෙන්නේ. මා ගාව තියෙනවා ඒ මාර්ගෝපදේශය. ඒකේ හත්වැනි පිටුවේ මෙන්න මෙහෙමයි කියන්නේ.

‘අපේක්ෂකයන් දෙදෙනකු හෝ ඊට වැඩි ගණනකගේ නම් නගරාධිපති හෝ සභාපති තනතුර සඳහා යෝජනා කර ස්ථිර කර ඇත්නම් කොමසාරිස්වරයා විසින් සභාවේ සභිකයන් අතර ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපති හෝ සභාපති තෝරා පත්කළ යුතුය.’ ඒක ප්‍රශ්නයක් නැහැ. ‘ආඥා පනතේ මෙම තරගය සඳහා පියවරෙන් පියවර ක්‍රියාවලියක් දක්වා ඇත. මුලින්ම සභාවේ සභිකයන් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබේ.’ දැන් කොහෙද ඕක තියෙනවා කියන්නේ? ආඥා පනතේ. මොකක්ද තියෙන්නේ? ‘මුලින්ම සභාවේ සභිකයන් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබෙයි.’ එතකොට කොමසාරිස්තුමියද තීරණය කරන්නේ? නැහැ. සභිකයින් තමයි තීරණය කරන්නේ විවෘත ඡන්දයක්ද, රහස් ඡන්දයක්ද කියලා. එහෙනම් තේරීම විවෘත ඡන්ද විමසීමකින් කළ යුතුද, රහස් ඡන්ද විමසීමකින් කළ යුතුද යන්නයි. එහි දක්වා ඇත්තේ එහි කියන්නේ ආඥාපනතේ. ‘අපේක්ෂකයන් කීප දෙනෙක් තරග කරන ඡන්ද විමසීමකදී තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පිළිබඳව සභිකයන් අතර මතභේදයක් ඇති වුවහොත් ඒ සඳහා එක් එක් සභිකයාගේ නම අඬගසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතු බවයි.’

එතකොට මේ මාර්ගෝපදේශවලින් කරන්නේ මොකක්ද? නීතිය නොදන්නා කොමසාරිස්වරුන්ට පනතේ තිබෙන විධිවිධානය සරල භාෂාවෙන් පැහැදිලි කර දීමයි. එතකොට පනතේ තියෙන්නේ මන්ත්‍රී තෝරන්නේ කොහොමද කියලා තීරණය කිරීම මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතුයි. හැබැයි මෙතැන වුණේ මන්ත්‍රීවරු නෙවෙයි තීන්දුව ගත්තේ කොමසාරිස්වරිය පැහැදිලිවම නීතිය උල්ලංඝනය කිරීමක්. දෙක, මේ මාර්ගෝපදේශ කියන්නේ චක්‍රලේඛයක් බවට පත්වෙනවා. ඒක රෙගුලාසියක් නොවෙන බව ඇත්තයි. රෙගුලාසියක් හෝ පනතක් වුණා නම් රටේ සෑම පුද්ගලයෙක්ම අනුගමනය කළ යුතුයි. හැබැයි මේ ඉහළ නිලධාරියෙක් විසින් පහළ නිලධාරියකුට එවන උපදෙසක් නම් ඒක පහළ නිලධාරියා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. ඒ අනුව ඉහළ නිලධාරියෙක් ලබා දෙන උපදෙසක් පහළ නිලධාරියෙක් පිළිපදින එක ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට ආයතන සංග්‍රහයේ තියෙනවා ‘ඉහළ නිලධාරියාගේ අණ පිළි නොපැදීම’ කියන වරද සිද්ධ කළා වෙනවා. එතකොට රටේ නීතිය උල්ලංඝනය කරනවා එක පැත්තකින්. ආයතන සංග්‍රහය හරහා විනය කඩ කරනවා තව පැත්තකින්. කවුද? සාරංගිකා ජයසුන්දර කොමසාරිස් නෝනා. එතකොට එතුමියට අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව යටතේ නම් මුකුත් වෙන්නේ නැහැ. මොකද අපේ වටගල ඇමැතිතුමා කිව්වානේ එතුමාව දෝතට අරන් රකිනවා කියලා.

මාධ්‍යවේදියා
මේ කොළඹ ඡන්දෙ නම් වුණේ රහසින්. හැබැයි අපි දැක්කා ලංකාවේ වෙනත් පළාත්වල එළිපිට ප්‍රසිද්ධියේ විවිධ පක්ෂත් එක්ක සහයෝගයෙන් මාලිමාව සභාපති ධුර, නගරාධිපති ධුර ලබාගෙන තිබ්බා. ඒ අතරි අපිට විශ්වාස කළ නොහැකි මට්ටමේ එකතු වීමුත් දැක්කා. වතුකරයේදී ලංකා කම්කරු කොංග්‍රසයත් එක්ක එකතු වුණා. ඉතින් ඔබතුමා මොකක්ද මේ විදිහේ අමුතු එකතුවීම් ගැන හිතන්නේ?

ඒකේ අසීරුතාවට පත්වුණේ අම්බිකා මන්ත්‍රීතුමිය විතරයි. හැබැයි ඉතින් මැදවච්චියේදී එකතු වුණේ පොහොට්ටුවත් එක්කනේ. රාජපක්ෂවරු හොරුය, දූෂිතය, සජබට බැන්නනේ අශුද්ධ සන්ධානය, විපක්ෂයේ නයයි මුගටියයි එකතු වෙලා කියලා. එතකොට පොහොට්ටුවත් එක්ක එකතු වීම?

Udaya Gammanpila යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

වැලිගම පෙන්නපු බයිස්කෝප් එක ටිකක් නෝන්ඩි වේගෙන එන්නෙ වගේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.