• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය! Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. Sri Lanka Latest News

භූතයා

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය. ඇඩ්වටයිසිං ඒජන්සිවලට ඉතින් වැඩ ගොඩක් වැඩියිනේ. දැන් මේ දවස්වල ටිකක් අඩු වුණා. අලුත් ඒජන්සි බැලුවා. දැන් ඔය ගොඩක් අයට තමන්ගේ සල්ලි කොහෙන්ද ලැබුණේ කියලා පෙන්නන්න බැහැනේ. ඉතින් ඒ වගේ අයට කන්සෙප්ට් හදලා දෙනවා කියලා ඒගොල්ලෝ පටන් ගත්තා කන්සෙප්ට් හදලා දෙන්න. ඔන්න ඉතින් සල්ලි තියෙන ඒත් පෙන්නගන්න බැරි අය එනවා දැන් ඒගොල්න්ව හම්බවෙන්න.
අමුත්තා
ඔයාද මේ ඒජන්සි එකේ ක්‍රියේටිව් හෙඩ්?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව් ඔව්.
අමුත්තා
මේ මගේ තියෙනවා මෙයා කෝටි 15ක්. මේක දැන් කොහොම හරි මට පෙන්නන්න ඕනේ. ඒකයි වැඩේ.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
15ක්? ඒ කියන්නේ පොඩි ගානක් නේද?
අමුත්තා
ඔව් කෝටි 15ක්. මේ මම දැන් මෙහෙම හිතුවා. මට හිතුණා. අපේ සීයා හිටියානේ. සීයා මට ඒ කාලේ දීපු මැණික් ගල් වගයක්…
ඇඩ්වටයිසිං ප්‍රධානියා
අයියෝ ඒක පරණ එකක්නේ. ඒක පරණ එකක්නේ. ඊට වඩා මෙහෙම බලන්න.
අමුත්තා
ඔයා මට හොඳ කන්සෙප්ට් එකක් දෙන්නකෝ. මම ගෙවනවා..
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔයා කියන්න ඔයා ඇන්ටික් බඩුවලට හරි ආසයි. ඇන්ටික් බඩු ටිකක් ගන්න කඩේකින්. ඒ බඩු අරගෙන එනකොට ඒකේ තිබුණා පහනක්. ඊට පස්සේ ඒ පහන සුද්ද කරනකොට නිකන් අතින් අතුල්ලනකොට ආවා භූතයා.
අමුත්තා
ආ භූතයා ආවා…?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව්. භූතයා ඇවිල්ලා කෝටි 15ක් දුන්නා.
අමුත්තා
ආ එකපාර තමයි ආවේ හැබැයි නේද?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව් ඊට පස්සේ ඇතිල්ලුවා ඇතිල්ලුවා භූතයා ආවේ නැහැ.
අමුත්තා
හා හා හා. එතකොට පහන ඇහුවොත්?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
පහන? ඉතින් කඩෙන් ගන්නකො පහනක්.
අමුත්තා
හරි හරි. භූතයා ඇවිල්ලා කෝටි 15ක් දුන්නා?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව්.
අමුත්තා
ආ හරි හරි. තැන්ක් යූ තැන්ක් යූ. මම මේකෙ කමිෂන් එක ගෙවන්නම්. තැන්ක් යූ.

උල්කාපාත

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය. ඔන්න දැන් එනවා තවත් කෙනෙක්.
අමුත්තා
ගුඩ් මෝනින්. මම හඳුනනවා නේද? ඔව් ඔව්. මටත් තියෙනවා…
ඇඩ්වටයිසිං ප්‍රධානියා
මට කිව්වා. කීයක්ද තියෙන්නේ ඔයාගේ?
අමුත්තා
මට කෝටි 20ක් තියෙනවා. කොහොමත් පෙන්නගන්න බැහැ.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව් මොකක්ද ඔයා ඒකට කියන්න ඉන්නේ?
අමුත්තා
ඒක තමයි දැන් මෙහෙමයි. කෝටි 250ක් 300ක් තිබ්බා. ඒවා ඔක්කොම එක එක රටවල්වලට යැව්වා. මේ කෝටි 20 ගොංකමට තියා ගත්තේ අප්පා ඕනෙවෙයි කියලා. දැන් මම කියන්න හදන්නේ රත්නපුරේ අපේ ඉඩමක් තියෙනවා…
ඇඩ්වටයිසිං ප්‍රධානියා
මැණික් හම්බුණා ඒකෙන් කියලද?
අමුත්තා
නැහැ ඒකෙ ගේ හදනකොට ගල් වගයක් තිබිලා ඒක බැලුවාම….
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඒක හරියන්නේ නැහැ. ඒකයි ඒක පරණයිනේ ඒක. අපි දියමන්ති කේස් එකක් දාමු.
අමුත්තා
ඒ කියන්නේ මෙහෙ දියමන්ති නැහැනේ?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
නැහැ. ඒක තමයි. ඔයා කියන්න දවසක් ඔයා ඉන්නකොට ගෙදර කුස්සිය පැත්තේ බංකුවේ වාඩිවෙලා ඉන්නකොට වත්ත පහළට උඩින් වැටුණා ගිනි බෝලයක්. ඔයා ගියා බලන්න. බලනකොට උල්කාපාත කෑල්ලක් වැටිලා. ඒකේ තිබුණා දියමන්ති කෑලි.
අමුත්තා
ආ හා හා. ඒ වැටෙනවානේ ඔය කියලා තියෙනවානේ.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව්. දියමන්ති කෑලි තිබ්බා. ඒ ටික ගත්තා. ඔයා මුලින්ම දන්නේ නැහැ දියමන්ති කියලා. ඔයා නිකන් වීදුරු ගල් වාගේ තිබ්බා. ඔයා ගත්තා. අරගෙන ඔයා ගියා පිටකොටුවට මේක විකුණන්න. බලනකොට සුද්දෙක් හම්බුණා. සුද්දා කිව්වා මේ දියමන්ති කියලා. කීයද ගාන ඇහුවාම ඔයා කිව්වා කෝටි 20යි කියලා. ඔයා කියන්නේ කෝටි 20ටත් වඩා ඒක වටිනවා. මට අවබෝධයක් නැතිකමට මම කෝටි 20යි කිව්වා. සුද්දා කෝටි 20 දීලා ගියා.
අමුත්තා
එතකොට සුද්දා කෝ කියලා ඇහුවොත්?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
සුද්දා ඉතින් රට යන්න ඇතිනේ. සුද්දා කොහේ ගියාද කියලා ඔයා දන්නේ නැහැ කියන්න.
අමුත්තා
හරි හරි. ඒ කියන්නේ උල්කාපාතය වැටුණා කියලා කියන්නනේ ඕනේ නේ?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව්.
අමුත්තා
නියමයි නියමයි. තැන්ක් යූ තැන්ක් යූ. මම කමිෂන් එක දෙන්නම් නඩුව බේරුණාම හොඳේ.

ගල් පාර්සලේ

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය. ඔන්න දැන් තවත් ඒ වගේ කෙනෙක් එනවා මේ ඒජන්සියට.
අමුත්තා
හෙලෝ.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ආ ඔව්.
අමුත්තා
මම මේ පොඩි කාර එකේ ආවේ. ඔව්. ඔව්. එන්න බැහැ දැන්. ඔය නිකන් දන්නේ නැද්ද? ඔය ෂොපින් බෑග් එකක් අරගෙන එහෙම එන්නේ දැන්. කබල් ෂර්ට් එකක් ඇඳගෙන ඒකයි. මේ මට තියෙනවා කෝටි 22ක්. 22ක් තියෙනවා. ඔව්. මේක මේවා කරන්න බැහැ. ඒ කියන්නේ බැලුවා බැලුවා කොයි අතට බැලුවත් ඒක පෙන්නගන්නම බැහැ.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ආ මෙහෙම කරමු. දැන් මොකක්ද ඔයා කියන්න හිතාගෙන ඉන්නේ?
අමුත්තා
මම මෙහෙම එකක් කියන්න හිතන් ඉන්නේ. මම කියන්න හිතන් ඉන්නේ අපේ ගෙදර ඒ කාලේ තිරුවාන ගලක් තිබුණා. කාලයක් තිස්සේ දොර වැහෙනවට තියලා තිබ්බේ. පස්සේ බලනකොට මට නිකන් හිතිලා ඕක චෙක් කරලා බැලුවම මැණික් ගලක්.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඒක හරියන්නේ නැහැනේ. මැණික් කතා ඒක හරියන්නේ නැහැ.
අමුත්තා
එපාද මැණික් කතා.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔයා කියන්න, ඔයාගේ ගෙදර තියෙන මාළු ටැංකියකට ලස්සන ගල් ඔන්ලයින් ඕඩර් කළා කියලා.
අමුත්තා
එතකොට දැන් ඕඩර් එකක් දැම්මනං හරි නේද?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
නෑ නෑ දාන්න ඕනෙ නෑ… ඔයා මොකක් හරි ඔන්ලයින් කම්පැනියක නමක් කියන්න. දැන් ඒ කොල නෑ කියන්න.
අමුත්තා
හරි හරි.
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඒකෙන් ඔයාට එවලා තිබුණා ගල් පාර්සලයක්. ඒක දිග ඇරලා බලනකොට ඒවා ප්ලැටිනම්.
අමුත්තා
මාළු ටැංකියට දාන ගල් නෙවෙයි?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
නෙවෙයි. ඒ කොම්පැනියට වැරැදිලා. වෙන ඕඩර් එකක් ඔයාට ඇවිල්ලා. ඔයා කියන්න කොම්පැනියෙන් ඔයාට කෝල් එකක්වත් දෙයිද කියලා, දුන්නේ නෑ. ඊට පස්සේ ඔයා යාළුවෙක්ගෙන් ඇහුවා මේ මොනවද කියලා. එයා කිව්වා මේ ප්ලැටිනම් කියලා. ඊට පස්සේ මම ඒක විකුණගත්තා කියන්න.
අමුත්තා
විකුණුවේ කොහෙටද කියලා ඇහුවොත්?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ගත්ත එක්කෙනා මතක නෑ කියන්න. ගොඩක් කල් හින්දා මතක නෑ කියන්න.
අමුත්තා
ආ… ඒකෙන් තමයි මේ කෝටි 22 හම්බවුණේ කියන්නම් නේද?
ඇඩ්වටයිසිං ප්‍රධානියා
ඔව්…
අමුත්තා
හරි හරි. තැන්ක් යූ තැන්ක් යූ… නියම අදහස…

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කොළඹ වැඩේ කරපු සාරංගිකාට වැඩ වරදින හැටි! Sri Lanka Latest News

Next Post

ඩී.ඇස්. හදපු නායකයන්! ජේ.ආර්. හදපු නායකයන්! රනිල් හදපු නායකයන්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.